කොන්ත්‍රාත් පදනම මත සිටින සේවකයින් 400 දෙනකු පමණ වහාම වැටුප් රහිත නිවාඩු යැවීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පරිපාලනය කටයුතු කර තිබේ.
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ගුවන් ගමන් සිදු නොවන බැවින් හා ආයතනය බරපතල පාඩු ලබමින් පවතින බැවින් මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා වෙයි.
තම නිවෙස් වලින් හෝ එළියට යාමේ හැකියාවක් නොමැතිව තිබියදී මෙලෙස රැකියාවෙන් ඉවත් කිරීම හේතුවෙන් බොහෝ සේවකයින් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.
ආයතනයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වන්නේ මෙසේ වැටුප් රහිත නිවාඩු යැව් කොන්ත්‍රාත් සේවකයින් වෙනුවට ආණ්ඩුවට හිතවත් වෙනත් පිරිසක් බඳවා ගැනීමේ සුදානමක් පවතින බවයි.