බහුතරයක් මුස්ලිම්වරුන් ආණ්ඩුවට පක්ෂපාත නොවන මොහොතක රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් විශේෂයෙන් ජනාධිපතිවරයා වෙනුවෙන්
ප්‍රසිද්ධියේ පෙනී සිටින ජනාධිපති නීතිඥ අලි සබ්රිට හෝ මුසම්මිලාට පවා කුලි පදනමින් 'වොයිස්කට්' දෙන අන්තවාදීන්ගෙන් කිසිඳු ගැලවීමක් නොමැතිබව උන්වහන්සේලා ගේ ප්‍රකාශවලින් පැහැදිලි වේ.
'සිංහලේ' නමින් අටවාගත් දෙතුන් දෙනෙකුගේ කල්ලියක 'වොයිස්කට්' උන්වහන්සේ නමක් ඊයේ (14) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර ඇත්තේ, අලි සබ්‍රිට ජනාධිපති නීතිඥ කම භාවිතා කර පාදඩ කම් කිරීමට ඉඩ නොතබන බවත් අලි සබ්‍රි ගේ හෙළුව ඉදිරියේදී රටට හෙළි කිරීමට සුදානම් බවත්ය.
අලි සබ්‍රි පිළිබඳව දිවයිනේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා දැනුවත් කර සිටි බවත්, මේ රටේ නායකයෝ තව දුරටත් රිෂාඩ් බදුර්දීන් ලා හකීම් ලා අසාද් සාලි ලා බිහිකරන්න උත්සහ ගන්නවානම් දිගින් දිගටම ඊට විරුද්ධ වන බවත් එම 'වොයිස්කට්' උන්වහන්සේ සඳහන් කර ඇත.
උන්වහන්සේ තවදුරටත් පවසා ඇත්තේ, ''අලි සබ්‍රිව බේරගැනීමට දගලන්නේ මංගල සමරවීරගේ මිනිස්සු'' බවයි.
එම පුවතට ආණ්ඩුවට සහය දක්වන colombotoday.com වෙබ් අඩවිය ද පුළුල් ප්‍රචාරයක් ලබාදී ඇත. වොයිස් කට් සාදුලා යැයි අපහාස කරමින් මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ වෙබ් අඩවි අලි සබ්‍රි බේරා ගැනීමට ඉදිරිපත් වී ඇතැයි එම වෙබ් අඩවියේ සඳහන් වේ.