ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රිට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළකා කොළඹ දිසා අධිකරණය ඊයේ (28)

මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කළේය. ඒ දින 14 ක කාල සීමාවකට අදාලවය.

මෙම නඩුව යළි ජූනි මස 11 වැනිදා කැදවීමට නියම කෙරුණු අතර, කොළඹ දිසා අධිකරණය පිස්කල් නිලධාරීන් මාර්ගයෙන් අදාල නියෝගය ඊයේ (28) දිනයේම මැඩිල්ලේ හිමියන් වෙත භාර දුන් බව වාර්තා වේ.

ඉදිරි මහ මැතිවරණය සඳහා 'පොහොට්ටු' පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති ජාතික ලයිස්තුවේ ඉහලින්ම සිටින අයකු වන ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම උපදේශකයෙකි.

කෙසේවුවද රාජපක්ෂ පාලනයට සහය දක්වන හිමිවරුන් කිහිප නමක් පසුගිය දින කිහිපයේම මාධ්‍ය සාකච්ජා පවත්වමින් ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රිට එරෙහිව සැලසුම් සහගත ප්‍රහාරයක් එල්ල කරනු ලැබුහ.

බහුතරයක් මුස්ලිම්වරුන් ආණ්ඩුවට පක්ෂපාත නොවන මොහොතක රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් විශේෂයෙන් ජනාධිපතිවරයා වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින ජනාධිපති නීතිඥ අලි සබ්රිට හෝ මුසම්මිලාට පවා කුලි පදනමින්  'වොයිස්කට්' දෙන අන්තවාදීන්ගෙන් කිසිඳු ගැලවීමක් නොමැතිබව උන්වහන්සේලා ගේ ප්‍රකාශවලින් පැහැදිලි වේ.

සබැඳි පුවත් :

'වොයිස් කට්' සාදුට අලි සබ්‍රිගෙන් කදිම උත්තරයක් (VIDEO) 

ගෝඨාට 'කඩේ' ගියත් අලි සබ්‍රිලාට 'වොයිස්කට්' සාදුලගෙන් බේරීමක් නැහැ!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්