ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඉකුත් 22වනදා, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය ආයතන හයක පරිපාලනය

ඇතුලු තවත් විෂය පථයන් කිහිපයක්ම ආරක්ෂක අමාත්‍යංශය යටතට ගෙන ඇත.

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ පැවති,  මුදල් අමාත්‍යංශයට අනුබද්ධිත ප්‍රධානතම පුහුනු ඇකඩමිය වන මිලෝදා ආයතනය, බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව, රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ අධිකාරිය, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යායතනය ඒ අතරින් ප්‍රමුඛය.

මෙම පියවර වනාහි, කම්කරුවන් සහ අනෙකුත් පීඩිතයන් අතරින් පැන නගින පන්ති අරගල රුදුරු ලෙස මැඩීම සඳහා, ආඥාදායක පාලනයක් තහවුරු කර ගැනීමට ජනාධිපති රාජපක්ෂ යමින් සිටින වේගවත් ගමනේ අත්‍යන්ත කොටසක් බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (wsws.org/si) පවසයි.

ඒ සම්බන්ධයෙන් එම වෙබ් අඩවියේ මෙසේද සඳහන් වේ.  

''කොරෝනා වසංගතය දඩමීමා කර ගනිමින් පාලකයන් විසින් ගෙනයන දැවැන්ත රැකියා සහ වැටුප් කප්පාදුවට එරෙහිව කම්කරු පන්තිය දැනටමත් අරගලයට අවතීර්නවී සිටී. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයෙන් නුදුරේදී එල්ල කිරීමට නියමිත ප්‍රහාරයන් හමුවේ දැවැන්ත පන්ති අරගල පුපුරා යාමට නියමිතය.

මෙම නව පවරා ගැනීම්වල අර්ථභාරය වටහාගත යුත්තේ එම සන්දර්භය තුලයි.

defence mini

 

බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය: සහායක බටකායක්

පසුගිය වසරේ දෙසැම්බරයේදී රාජපක්ෂ ආන්ඩුව බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය ගොඩනැගීමට තීන්දු කල අතර, අඩු ආදායම්ලාභි පවුල්වල රැකියා විරහිත හා නුපුහුනු තරුනයන් 100,000 ක් ඒ සඳහා බඳවා ගැනීමට නියමිත විය. විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාඅරච්චිගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වුනු මෙම බලකායට පුද්ගලයන් බඳවා ගැනුනු සම්මුඛ පරීක්ෂන සෘජුවම මිලිටරියෙන් අධීක්ෂනය විය.

“දිලිඳුකම සහ තරුන විරැකියාව” පිටුදැකීමේ ප්‍රකාශිත අරමුන යටතේ පිහිටවූ මෙම බලකාය, ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට පිවිසෙන කම්කරුවන්ට සහ අවශේෂ පීඩිතයන්ට එරෙහිව මුගුරක් ලෙස යොදාගත හැකිවන පරිදි, රාජ්‍ය බුද්ධි අංශය ඇතුලු ආරක්ෂක ජාලය සමග සමීපව වැඩකටයුතු කරන සහායක බටකායක් ලෙස ගොඩනැගීම ආන්ඩුවේ මූලික එල්ලය විය.

නීතිය හා සාමය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ පොලීසිය සහ ඊට සම්බන්ධ ක්‍රියාවලීන් මිලිටරියේ පාලනය යටතට ගැනීමද රාජපක්ෂගේ ආඥාදායක වැඩපිලිවෙලේ කොටසක් ලෙස පවතී.

 දැන් ජාතික පොලිස්  අභ්‍යාස ආයතනයද ආරක්ෂක අමාත්‍යංශය යටතට ගනිමින් රාජපක්ෂ ආන්ඩුව තම වැඩපිලිවෙල තවත් ඉදිරියට ගෙනගොස් ඇත.

ආරක්ෂක අමාත්‍යංශය යටතට ගෙන ඇති පොලිස් අභ්‍යාස ආයතනය සහ මෑතකදී පිහිටවූ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යායතනය හරහා “පොලිස් නිලධාරීන්ගේ සහ වෙනත් නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරින්ගේ වෘත්තීමය දැනුම හා නිපුනතා දියුනු කිරීම මෙන්ම ත්‍රිවිධ හමුදා හා සිවිල් නිලධාරීන්ට ක්‍රමෝපායන් හා ක්‍රමවේදයන් පිලිබඳව අධ්‍යාපනයක් ලබා දීම” ආරක්ෂක අමාත්‍යංශයේ කාර්යභාරයක් ලෙස පැවරෙන බව ගැසට් පත්‍රයේ සඳහන් වී ඇත.

රාජපක්ෂගේ මෙම ප්‍රවේශය, කම්කරු පන්තිය මත එල්ල කිරීමට යන රුදුරු ප්‍රහාරයේදී පොලිසිය ඇතුලු ආරක්ෂක අංශවල නව බලකායන් වඩා සංවිධානගත ආකාරයකින් පුහුනු කරගැනීම සඳහා ය.

විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා ආන්ඩුවට එල්ලවන විරෝධතා මර්දනය කිරීම සඳහා විශේෂ පොලිස්, හමුදා ඒකක පිහිටුවා ගනිමින් රාජපක්ෂ ආන්ඩුව දැනටමත් වැඩට බැසගෙන ඇත. එවැනි ඒකක වඩාත් තියුනු ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තාක්ෂනික හැකියාවන්ගෙන් ආරක්ෂක අංශ සන්නද්ධ කිරීමේ වැඩසටහන් ගැසට් නිවේදනයේ සඳහන් වන “වෘත්තීය දැනුම සහ නිපුනතා” තුලට අඩංගු කෙරී ඇති බවට සැකයක් නැත.

සම්පුර්ණ ලිපිය මෙතනින්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්