දීමනා සහ පහසුකම් අහෝසි කිරීම නිසා රජයේ රෝහල් සේවකයන් අතර බරපතල විරෝධයක් වර්ධනය වෙමින් තිබේ.

අතිකාල, විශේෂ, අමතර සේවා, ප්‍රසිද්ධ නිවාඩු දින සහ කාර්ය වියුක්ත දින නිවාඩු (පැය 24 ක  සේවයෙන් පසු ලැබෙන නිවාඩු ) වෙනුවෙන් ගෙවිය යුතු  දීමනා නොගෙවීම, සෞඛ්‍ය ආරක්ෂන උපකරන නිසිලෙස සම්පාදනය නොකිරීම හා ප්‍රවාහන පහසුකම් අහෝසි කිරීම මෙම විරෝධයට හේතුවයි.

වැටුප් සහ රැකියා කප්පාදුවට එරෙහිව මෑත සති වල වතු සහ ඇඟලුම් කම්කරුවන්ගේ අරගල පැන නැගුන අතර රජයේ රෝහල් කිහිපයක කාර්ය මන්ඩල විරෝධතා උද්ඝෝෂන වල යෙදුනි.

මැයි 11 වතුපිටිවල රෝහලේ  සේවකයෝ දහවල් කෑම විවේකය තුල උද්ඝෝෂනයක නිරත වූහ. මෙම උද්ඝෝෂනය පැවැත් වුනේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමේ කොටසක් ලෙස එම  සේවකයන් සඳහා පවත්වාගෙන ගිය රජයේ ප්‍රවාහන සේවය මැයි 11 වෙනිදා සිට නතර කිරීමට හා අප්‍රේල් මාසයට නියමිත දීමනා ලබා නොදීමට විරෝධය  පෑමක් ලෙස ය.  හෙද සේවකයන් 200 ට වැඩි පිරිසක් එයට එක්ව සිටියේය.

Nurse 1

ප්‍රවාහන පහසුකම් සැපයීම නතර කිරීම නිසා  අත්‍යවශ්‍ය සේවයක කැපවීමෙන් සේවය කරන සෞඛ්‍ය සේවකයන් බරපතල අපහසුතාවයකට පත්වන බව උද්ඝෝෂනයට සම්බන්ධ වූ හෙද සේවකයෙකු සඳහන් කලේ ය.

“අප්‍රේල් මාසයේ අතිකාල සඳහා ගෙවීම් ලැබුනේ නැහැ. මේ වර්ෂයට ලැබිය යුතු වාර්ෂික වැටුප් වැඩිවීම තවමත් දීලා නැහැ. කොරෝනා වසංගතය ව්‍යාප්ත වන තත්වයක් තුල සැපයිය යුතු සෞඛ්‍යාරක්ෂක පහසුකම් නිසි ලෙස සම්පාදනය කෙරෙන්නේ නැහැ. දිනකට මුහුනු ආවරන දෙකයි  දෙන්නේ. ඒවත් ප්‍රමිතියට සහ හෙද  කාර්ය මන්ඩලය අවශ්‍ය තරමට නැහැ. මගේ වාට්ටුවට අවම වශයෙන් හෙද නිලධාරීන් 8 ක් අවශ්‍යයි. ඉන්නේ 6 දෙනයි” ඔහු පැවසීය.

රට විවෘත කිරීම නිසා වසංගතය පැතිරීම අනිවාර්යෙන් ම වැඩි වෙන බව ද ඔහු සඳහන් කලේ ය.

 “ආන්ඩුවට උවමනා කෙසේ හෝ වැඩ පටන් ගන්න. මහජනයාගේ ජීවිත ගැන කිසිම තැකීමක් නැහැ”යි ඔහු පැවසී ය. පාර්ලිමේන්තු මැතිවරනයෙන් පසුව ආන්ඩුව  වැටුප් හා දීමනා තව දුරටත් කප්පාදු කරන බවත්, කම්කරු පන්තියේ අරගල මර්දනය කරන බවත් ඔහු කීවේය.

N 95N-95 වගේ ප්‍රමිතියට අනුකුල මුහුනු ආවරන කිසිම රෝහලක නැහැ

මැයි 20 වෙනිදා මහනුවර ශික්ෂන රෝහලේ හෙද නිලධාරීන්ගේ උද්ඝෝනයට 300 ක් පමන සහභාගී වී ඇත. සෞඛ්‍ය  ආරක්ෂන ක්‍රමයක්  ලෙස කොටස් වශයෙන් සේවයට කැඳවීමේ දී හෙද සේවකයන් ට පැය  24 ක් එක දිගට වැඩ කිරීමට සිදු වෙයි. පසු දින නිවාඩුවක් ලැබෙයි. හෙද සේවකයෙකුගේ සම්මත සාමාන්‍ය සේවා කාලය පැය 6 කි. ආණ්ඩුවෙන් සම්පාදනය කල ප්‍රවාහන  පහසුකම් මැයි 17 වෙනිදා සිට නතර කිරීම  නිසා මහමග රස්තියාදු වීමට සහ පෙර මෙන් තද බද වී බස්වල ගමන් කිරීමට සිදු වී ඇති බව උද්ඝෝෂකයින් පැවසූහ.

“අනෙක් තැන්වල වගේම අපටත් අවශ්‍ය පහසුකම් ප්‍රමානවත් තරම් ලැබුනෙ නැහැ. සාමාන්‍ය මුහුනු ආවරන  මිස ලෝක සෞඛ්‍ය  සංවිධානය නිර්දේශ කරන  N-95 වගේ ප්‍රමිතියට අනුකුල මුහුනු ආවරන කිසිම රෝහලක නැහැ.

අපේ නිල  ඇඳුම නිල්පාට යි. නමුත් හදිසියේම කොලපාටින් මහගන්න කියල නියෝගයක් ලැබුනා. අපේ මුදල් වලින් මහ ගත්තේ. එකකට රුපියල් 1,500 ක් වියදම් වුනා. මුහුනු ආවරන මසා ගත්තෙත් අපේ වියදමින්” හෙද පාලිකාවක් (මේට්‍රන්)  සඳහන් කළාය.

Suwa viruwo

“දරුවෝ ගැන නොතකා, මහන්සිය සහ අන්තරාය නොතකා අපි දිවා රෑ නොබලා කැපවීමෙන් වැඩ කරනවා. ‘සුවවිරුවෝ‘ කියල අපිට ව්‍යාජ නම්ම්බු නාමෙකුත් දුන්න. හැබයි අපේ මහන්සියට, කැපවීමට ලැබිය යුතු දීමනා නොගෙවීම හරිම අසාධාරනයි.”

“මගේ මුලික වැටුප රුපියල් 44,000 යි.  අතිකාල සහ අනෙකුත්  දීමනා සහිතව 54,000 ක් පමන ගන්නවා. වැටුපෙන් ණය වලට කැපෙන්නේ නැති නිසා මාසේ වියදම යන්තම් පිරිමහ ගන්න පුලුවන්.  නමුත් සියයට 80 පමන අයගේ පඩියෙන් විශාල මුදලක් ණය  වලට කැපෙනවා. අතිකාල සහ දීමනා නොලැබුනොත් ඉහල යන ජීවන වියදමත් එක්ක  වියදම පිරි මහ ගන්න බැහැ”  ඇය සඳහන් කලාය.  

 

'මැරෙන සංඛ්‍යාව අපි නොහිතන මට්ටමින්  ඉහල යා හැකියි''

“ලෝකයේ හැම රටකම වසංගතයෙන් විශාල වශයෙන් මිනිස්සු මැරෙනවා. ලංකාවට විශේෂයක් නැහැ. පාලනය කරලා කිව්වට ආර්ථිකය විවෘත කිරීමත් සමග ආසාදිතයන් සංඛ්‍යාව ඉහල යන්න පටන් අරගෙන. ඒ නිසා වසංගතයෙන් මැරෙන සංඛ්‍යාව අපි නොහිතන මට්ටමින් ඉහල යා හැකි” බව ද ඇය පැවසුවාය.

මැයි 22  දකුනු පලාතේ බලපිටිය සහ වලස්මුල්ල රෝහල්වල කනිෂ්ට  කාර්ය මන්ඩල උද්ඝෝෂනවලට උපස්ථායක, රියදුරු, දුරකථන ක්‍රියාකරු හා මැහුම් සේවකයන් ඇතුලු අංශ කිහිපයක සේවකයෝ  සම්බන්ධ වුහ. අතිකාල දීමනා, නිල ඇඳුම් දීමනා සහ හිඟ වැටුප් නොගෙවීමට විරුද්ධව පැවති මෙම උද්ඝෝෂනයනට  300 ක් පමන සහභාගී  වී ඇත.      

Suwaviruwo 1

මැයි 24 වෙනිදා ගම්පහ දිස්ත්‍රික් රෝහලේ පැවති උද්ඝෝෂනයට හෙද, පරිපුරක වෛද්‍ය සේවකයන්, උපස්ථායකයන් හා රියදුරන් ඇතුලු 400 ක් පමන සහභාගි  වී ඇත. බස්නාහිර පලාත් සභාව විසින් අදාල මුදල් නොගෙවීම නිසා ශ්‍රී ලංකා ගමනා ගමන මන්ඩලය විසින් සැපයු විශේෂ ප්‍රවාහන සේවය මැයි 17 වෙනිදායින් පසු නතර කර තිබේ.

“අප්‍රේල්  මාසයේ අතිකාල හා නිවාඩු  දීමනා මේ වනතුරු ගෙව්වේ නැහැ. පීආර්සී පරීක්ෂන කෙරෙන්නේ වෛරසය ආසාදනය වූ රෝගීන් ඇසුරු කල බවට සැක කරන සේවකයන් සම්බන්ධයෙන් පමනයි. අපට ලැබිය යුතු දීමනාවන් නොගෙවන ගමන් අපේ පඩියත් පරිත්‍යාග කරන්න කියලා ආන්ඩුව කියනවා. රෝහලේ කිසිම කෙනෙක් පඩිය කපන්න කැමැත්ත  දීලා නැති” බව හෙද සේවකයෙකු සඳහන් කලේ ය.

මැයි 26 වෙනිදා දඹුල්ල රෝහල ඉදිරිපිට පැවති   පිකට් උද්ඝෝෂනයට හෙද සේවක සේවිකාවන් 100 ට වැඩි පිරිසක් සහභාගී වී ඇත. නියමිත දීමනා නොගෙවීමට විරුද්ධව නිහඬ උද්ඝෝෂනයක යෙදුන හෙද සේවකයෝ, “සුවවිරුව රූපවාහිනියට පමන ද ?”, “රාජකාරිය ගන්නා තෙක් සෞඛ්‍ය සේවය සුවවිරුවෝ” සහ  “ප්‍රවාහන පහසුකම් විධිමත් කරනු!” ආදී සටන් පුවරු අත දරා සිටියහ.

dambulla hospital 0

ජනතා විමුක්ති පෙරමුන විසින් මෙහෙයවන සමස්ත ලංකා සුව සේවා සංගමය විසින් ඉහත උද්ඝෝෂන සංවිධානය කර තිබූ නමුත්, රාජ්‍ය  සේවා එක්සත් හෙද සංගමයේ සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් ද  ඒවාට සහභාගී වී තිබිනි.

වෘත්තීය සමිති සහ ශ්‍රේනි  භේදයකින් තොරව  උද්ඝෝෂන වලට රෝහල් සේවකයන්ගේ සහභාගිත්වය පෙන්නුම් කරන්නේ  තම අයිතීන් සඳහා එකාවන් ව සටන් කිරීමට ඔවුන්  තුල පවතින දැවෙන උවමනාවයි.  

dambulla hospital 3

(ඩබ්ලිව්.ඒ. සුනිල්- wsws.org )

සම්පුර්ණ ලිපිය මෙතනින්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්