ඇමරිකාවේ පොලිස් නිලධාරියකුගේ දනිස්සට හිරකොට මහ මගදී  ඝාතනයට කරන ලද කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය දක්වා

අගනගරයේ පැවැති විරෝධතාවයට  සහභාගිවුවන්ට අසමානුපාතික ප්‍රචණ්ඩ පොලිස් බලයක් යොදවා මර්දනය කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෘත්තිය සමිති ඇතුළු සමාජ ක්‍රියාධාරී සංවිධාන විසි පහක් දැඩි ලෙස හෙලා දැක තිබේ.

සාමකාමීව කොළඹ පවත්වන ලද එම විරෝධතාවට පොලීසිය පහරදීම සහ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම පැහැදිලිවම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවයි එම සංවිධාන පවසන්නේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු දකුණේ උද්ඝෝෂණයකට එරෙහිව දියත් කළ පළමු පොලිස් ප්‍රහාරය වෘත්තිය සමිති විසින් හඳුන්වා  දී ඇත්තේ විරෝධතා සංවිධානය කරන පිරිස් බිය ගැන්වීමට රජය ලබාදුන් තර්ජනාත්මක පණිවුඩයක් ලෙසයි.

වෘත්තිය සමිති ප්‍රමුඛ සිවිල්  සංවිධාන විසින් ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයක් මගින්  වැඩි දුරටත් පවසා  ඇත්තේ කොළඹදී පැවැති විරෝධතාව නිරෝධායන රීතීන්ට අනුව සමාජ දුරස්ථ බව රැකගෙන කළ විරෝධතාවක් වුවද පොලිස් බලඇණි එම ස්ථානයට පැමිණ සමාජ දුරස්ථ බව පසෙකලා උද්ඝෝෂකයන්ට පහර දෙමින් විශාල පිරිසක් පොලිස් වාහනයක නංවාගෙන ගිය බවයි.

Chameera Koswatta

"පසුගිය වකවානුවේ ආණ්ඩුවේ ආධාරකරුවන් අවස්ථා ගණනාවකදී නිරෝධායන රීති කඩ කරමින් හැසිරුණද ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොකළ පොලීසිය නිරෝධායන රීතීන්ට අනුව උද්ඝෝෂණය කළ පිරිසකට පහර දී අත්අඩංගුවට ගැනීමෙන් පැහැදිලි වන්නේ රටේ ව්‍යවස්ථාපිත අයිතීන් ආණ්ඩුවේ දේශපාලන ඕනෑ එපාකම්වලට අනුව උල්ලංඝණය කිරීමට පොලීසියේ ඇති සූදානමයි."

පොලීස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න පවසන පරිදි කොළඹ නගර සභාව අසල ලිප්ටන් වටරවුමේ පැවැති විරෝධතාවයේදී සහ කොල්ලුපිටිය ලිබර්ටි සිනමාහල අසලදී අත් අඩංගුවට ගත් පිරිස විස්සකට අධිකය.

Rights lanka 4

 

එම පිරිස අතර නීතීඥවරු දෙදෙනෙක්ද වෙති.

වෘත්තිය සමිති පෙන්වා දෙන පරිදි එක් නීතීඥවරියක අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමට හේතුව විමසීමේදීය. ‍

එක් නීතීඥවරියක අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමට හේතුව විමසීමේදීය. ‍

කොරෝනා වසංගතයට මුවාවී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය හෙළා දකින වෘත්තිය සමිති ප්‍රමුඛ සංවිධාන, එය පරාජය කිරීම සඳහා ඒකාබද්ධව කටයුතු කිරීමට සූදානම් බව පොලිස් ප්‍රහාරය එල්ලවූ ජුනි 9 අඟහරුවාදා හවස නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කර තිබේ.   පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද සියලු දෙනාම කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දසනායක විසින් රාත්‍රියේ ඇප මත නිදහස් කර යවා තිබේ. ජනාධිපති නීතිඥවරුන් ඇතුලු 30 කට අධික නීතිඥවරුන් කණ්ඩායමක් අත් අඩංගුවට ගත් පිරිස වෙනුවෙන් ඉදිරිපත් වී සිටියහ.

පොලිස් ප්‍රහාරය හෙලා දකින ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයට දායක වී ඇත්තේ  ලංකා ගුරු සංගමය, ලංකා වෙළද කාර්මික හා පොදු සේවක සංගමය, ශ්‍රී  ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය, සමස්ථ ලංකා රාජ්‍ය කලමනාකරණ නිලධාරීන්ගේ සංගමය, වාරිමාර්ග පොදු සේවක සංගමය, ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය, පළාත් රාජ්‍ය කළමණාකරණ සේවා නිළධාරින්ගේ සංගමය, ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, වානිජ හා කාර්මික සේවක සංගමය, දුම්රිය සේවක සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, ටෙලිකොම් සියලූ සේවක සංගමය, තොරතුරු හා විදුලි සංදේශ සියලූ සේවක සංගමය, රජයේ කර්මාන්ත ශාලා සේවක සංගමය, එක්සත් ජාතික තැපැල් සේවක සංගමය, එක්සත් තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, එක්සත් පොදු සේවක සංගමය, ශ්‍රී  ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය, ශ්‍රී  ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය, ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යන සංවිධානයි.

Rights lanka 2

Rights lanka 3

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්