ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාසට සහ ගෝඨාභය රාජපක්ෂට එකට එක්වී ආණ්ඩුවක් කිරීමේ හැකියාව තිබෙන බව

'සමගි ජන බලවේගය' මාධ්‍ය ප්‍රධානි හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

එසේ සහයෝගයෙන් වැඩ කිරීමට සජිත් ප්‍රේමදාස සූදානම් යැයිද හරීන් ප්‍රනාන්දු කියා සිටියි.

ඊයේ (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු එබව සඳහන් කළේ ය.

ගෝඨාභය ජනාධිපතිවරයාට, මහින්ද රාජපක්ෂ සමග වැඩකරනවාට වඩා පහසුවෙන් සජිත් ප්‍රේමදාස සමග වැඩ කළ හැකි බවත් හරීන් ප්‍රනාන්දු එහිදී සඳහන් කර සිටියේය.

''ජනාධිපතිවරයාගේ අවුරුදු 78ක අයියා සහ ජනාධිපතිවරයා පෑහෙන්නෙ නැ. ජනාධිපතිවරයා නියෝග කරන කිසි දෙයක් අගමැති අයියා කරන්නේ නැහැ. එනිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයට හරියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා.  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අයියා සමග ගනුදෙනු කරනවට වඩා පහසුවෙන් සජිත් මහත්තයත් එක්ක වැඩ කරන්න පුළුවන්''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image