මහින්ද රාජපක්ෂ 2005 දී අගමැති ලෙස ඇමරිකානු  MCC ගිවිසුමට සහය පළකර ඇති බවත්, ඔහු ජනාධිපති වූ පසු 

2006 දි අජිත් නිවාඩ් කබ්‍රාල් සම්පූර්ණයෙන්ම MCC ගැන එකට වැඩ කර එය ලබා ගැනීමට එකඟ වී සිටි බවත් 'විකිලික්ස්'  (WikiLeaks) කේබලයක රහස් පණිවිඩයක් මගින් අනාවරණය වී ඇතැයි 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.

'සිරස' රුපවාහිනි නාලිකාවේ ඊයේ (ජුනි 30) විකාශය වූ දේශපාලන වැඩසටහනක් සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබමින් ඔහු එබව සඳහන් කර තිබේ.

Uvindu Kurukulasuriyaගේ එම සටහන පහත පළවේ. 

''අයියෝ සල්ලි, සිරස සටන බලනව. මාධ්‍යවේදින් සෙට් එකක් දේශපාලකයො වෙච්ච මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න අහනව. පොහොට්ටුවේ එදිරිමාන්න කියනව 2004 මහින්ද රජාපක්‍ෂ ජනාධිපති තුමාගෙ කාලෙ ප්‍රතික්‍ෂ්ප කරපු MCC එක 2015 වෙනකම් අස්සන් කරේ නැහැලු. අනුන්ගෙ ඒවට ඒ ගොල්ල සපෝර්ට් කරන්නෙ නැතිලු. ඉතිං දැන් අපි ඒක කරයිද කියල අහනව. 

ඇත්තටම 2004දි මහින්දගෙ ආණ්ඩුවක් තිබ්බෙ නැහැ. එයා ඒත් 2005 දි අගමැති විදියට MCC එකට සපොර්ට් කරා. 

විකිලික්ස් කේබලය මෙතනින් කියවන්න:
WikiLeaks: 

ඊට පස්සෙ 2006 දි කබ්‍රාල් සම්පූර්ණයෙන්ම MCC ගැන එකට වැඩ කරල ඒක ගන්න එකඟ වෙනව.

 “Senior Millennium Challenge Corporation and Government of Sri Lanka officials agreed to proceed with development of a proposed USD 590 million MCC compact that would include projects on irrigation and agriculture, roads, and small and medium enterprise promotion,” the US Embassy Colombo informed Washington. 

නමුත් ඇමරිකාව 2007දි MCC ඉලිජිබල් රටවල් ලැයිස්තුවෙන් ලංකාව ඉවත් කරනව මානව හිමිකම් කඩ කිරීම් නිසා. මහින්දට ඒක සම්පූර්ණ කරන්න බැරි උනේ ඒ නිසා. නැවත වැඩේ පටන් ගත්තෙ මානව හිමිකම් තත්ත්වය හොඳ අතට හැරුණු ලංකාව ඇතුලෙ.

මේ කෙටි ඉතිහාසයවත් සෙට් දෙකම දන්නෙ නැහැ''

'කලම්බෝ ටෙලිග්‍රාෆ්' වාර්තාව 

MCC And Mahinda Rajapaksa Government Agree To Proceed With USD 590 Million MCC Compact

'විකිලික්ස්' (WikiLeaks) පණිවිඩය මෙන්න :

Screen Shot 2020 07 01 at 12.00.31 PMඅගමැති මහින්ද රාජපක්ෂ 'මිලනියම් චැලේන්ජ් ගිණුම' ගැන විශේෂ අවදානයකේ යොමුකළ බව 'විකිලීක්ස්' හරහා මුදා හැරුණු අදාළ ඇමෙරිකානු තානාපති රහස්‍ය පණිවිඩයේ සඳහන් වේ. තානාපති කාර්යාලයෙන් වොෂිංටන් නුවර වෙත යැවු පණිවුඩයේ සඳහන්ව ඇත්තේ, රාජපක්ෂ විසින් උදාහරණ දක්වමින් ඒ බව සනාත කල බවයි.

 මෙම කේබලය යවා ඇත්තේ 2005 වසරේ අප්‍රේල් මාසේ එවක ඇමෙරිකානු තානාපති ජෙෆ්රි ජේ ලුන්ස්ටෙන්ඩ් විසිනි.

එම වර්ෂයේ මාර්තු 29-31 යන දිනවල, මිලේනියම් චල්ලෙන්ජ් කොපෙරෂන් ආයතනයේ ප්‍රධාන විධායක පොල් ඇපල්ග්රත් ලංකාවේ දී සාකච්ඡා වට කීපයම පවත්වා තිබිණ.

එවක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය අමුණුගම, මහබැංකු අධිපති මෙන්ඩිස්, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විදෙස් අමාත්‍යංශ ලේකම් පලිහක්කාර, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ජයසුන්දර, ජනාධිපති උපදේශක මනෝ තිතවෙල්ල හා තවත් රාජ්‍ය නිලධාරින්  පිරිසක් සමග ද ඔහු එසේ සාකච්ඡා පවත්වා ඇත. 

එසේම, ඇප්ල්ග්රාත්, මිලේනීම් චැලේන්ජ් ගිණුම මෙහෙයුම් කාරක සභාවේ සාමාජිකයන්, ව්‍යාපාරික ප්‍රජාව, රාජ්‍ය නොවන ආයතන හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමග ද සාකච්ඡා පවත්වා තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්