මීගමුව බන්ධනාගාරයේ හිටපු ප්‍රධානියෙකු සතු බැංකු ගිණුම් රැසක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් විමර්ශන ආරම්භ කර තිබේ.


අදාළ නිලධාරියා දැනට වැඩ තහනමට ලක්ව ඇති අයෙකු බව පොලීසිය පැවසීය.

පොලීසිය පැවසුවේ, ඔහු සතු බැංකු ගිණුම්වලට දෛනිකව විශාල මුදලක් බැර කර ඇති බවට තොරතුරු අනාවරණවී ඇති බවයි.

අදාළ බන්ධනාගාර නිලධාරියාගේ සහයකයෙකු විසින් මෙම මුදල් බැංකු ගිණුම්වලට තැන්පත් කර ඇතැයි අනාවරණය වී තිබේ.

ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 40 දෙනෙකුගෙන් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්