ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඉරාජ් වීරරත්න විසින් ජනතා විමුක්ති පෙරමුණට පහර ගැසීමේ අරමුණින් යුතුව, ‘3% ජවිපාවුන්’ ලෙස නම්කර තිබු ඔහුගේ නවතම ගීත වීඩියෝව අද (ජුලි 31)

සවසඅන්තර්ජාලයට මුදාහරිනු ලැබූ අතර ජවිපෙ නායක අනුර දිසානායක විසින් ක්ෂණිකවම එම වීඩියෝව ඔහුගේ FB පිටුව හරහා ප්‍රසිද්ධියට පත්කර තිබීම සමාජ මාධ්‍ය පරිශීලනය කරන බොහෝ දෙනාගේ විමතියට හේතුවී ඇති බව පෙනේ.

අනුර කුමාර දිසානායක විසින්, ඉරාජ්ගේ 3% වීඩියෝව තමන්ගේ ෆේස්බුක් පිටුවෙන් ෂෙයා කර තිබුනේ, ''මිනිසෙකුගේ "වටිනාකම්" රඳා පවතින්නේ "ඒ වටිනාකම් ලබා දෙන මිනිසා මතයි. උන්ගේ සදාචාරය අපගේ වටිනාකම්වලට සාක්ෂියයි.'' යයි සටහනක් ද තබමිනි. එයට ස්තුති කරමින් ඉරාජ් වීරරත්න සිය FB පිටුවේ සටහනක් ද පළකර තිබිණ.

WhatsApp Image 2020 07 31 at 4.57.22 PM'ජාතික ජන බලවේගය'ට මඩ ගැසීමට ඉරාජ් වීරරත්න විසින් විශාල පිරිවැයක් දරා නිර්මාණය කළ මෙම වීඩියෝව අනුර දිසානායක විසින් තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට යොදාගැනීම සමාජ මාධ්‍යය පරිශීලනය කරන්නන් බොහෝ පිරිසකගේ පැසසුමට ලක් වී ඇත.

සිය 3% වීඩියෝව එළි දැක්වීමට සුලු මොහොතකට පෙර ඉරාජ් වීරරත්න විසින් FB  'ලයිව්' වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ, ජාතික ජන බලවේගයේ හිතවතුන් විසින් 3% වීඩියෝව 'රිපෝර්ට්' කිරීමට මෙහෙයුමක් අරඹා ඇති නිසා තමන්ට 'ලයික්' කරමින් උපකාර කරන ලෙසයි.

එවන් පසුබිමකදී අනුර කුමාරගේ අනපේක්ෂිත ප්‍රතික්‍රියාවෙන් කලබලයට පත් ඉරාජ් වීරරත්න විසින් අනුරට ස්තූතිය පල කරමින් දැමූ ඉහත පෝස්ටුව සුලු වේලාවකින් හකුලා ගැනීමට කටයුතු කිරීම සමාජ මාධ්‍යය පරිශීලකයින්ගේ හාස්‍යට හේතු වී ඇත.

මේ මගින් අනුර කුමාර දිසානායක නොමිලේ ලබාගත් ප්‍රචාරණයට මිලක් නියම කිරීමට නොහැකි බව ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ අදහසයි.

 

 


Iraj Comment 31
ඉරාජ් විසින් අද (ජුලි 31) සමාජ මාධ්‍ය වෙත මුදාහරිනු ලැබූ වීඩියෝව ගැන සටහනක් තබන ප්‍රකට දේශපාලන විචාරකයකු වන Mahesh Hapugoda සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

Mahesh Hapu text31
ඔය 'ජාතික ජන බලවේගය' වගේ දේවල් ටිකක් එක්ක හරි ජනතා විමුක්ති පෙරමුණ තරමක් වෙනස් වෙන්න උත්සාහ කරන වෙලාවක ඉරාජ් වීරරත්න විසින් ගෙනල්ල තියන විවේචනය සාධාරණ නැහැ කියල සටහන් කරලා තියන්න ඕනි. 

අනික මේ චන්ද කටේ මේක කියන එකෙන් (දේශපාලනිකයි කියල තර්ක කරන්න පුළුවන් තමයි) ඒ වීවේචනයට (වීවේචනයක් තියනවා නම්) තියන ඇත්ත බර අහෝසි වෙලා යනවා. 

ජාතික ජන බලවේගේ ඇතැම් අයට ඔය රැවුල කපන්නේ නැති, කිහිල්ලේ මයිල් බාන්නේ නැති, දත් මදින්නේ නැති වීවේචනය අදාළ නැහැනේ. එයාල ටිකක් පොෂ් පැත්තට බරයිනේ. පුද්ගලභාවය කියන එක එයාල සැලකිල්ලට අරන් තියනවා. 

අනික දැන් ජේ. වී. පී. එක ඔය අදහස් එන්නත් කිරීමේ (indoctrination) වැඩේ කරන්නෙත් නැහැ මගේ හිතේ (එතන මම වැරදිනම් නිවැරදි කරන්න). 

''අනික කොහොමත් ගොඩක් කලබල වෙන්න තරම් ඉම්පැක්ට් එකක් (impact factor) ඒ වීඩියෝවේ නැහැ. ඒ කියන්නේ ඒක මට බලපෑවේ නැහැ. අනෙක් අයට කොහොමද මම දන්නේ නැහැ. ''
එයාල වෙනස් වෙන එක දරාගන්න බැරි නිසාදෝ මේක කළේ කියලත් වෙලාවකට හිතෙනවා. 
කොහොමත් 71 පරම්පරාවේ අයගේ ඉඳන් එයාලට වීවේචන අරන් ඇවිල්ල තියනවා. එයාලගේ දේශපාලනේ හින්ද බැට කාපු අයත් ඉන්නවා. එයාලගෙන් වෙන් උන අයත් ඉන්නවා. මම දන්නේ නැහැ දැන් ඒ ගැන කතා කිරීම ප්‍රථිපලදායකද කියල. 

අනික කොහොමත් ගොඩක් කලබල වෙන්න තරම් ඉම්පැක්ට් එකක් (impact factor) ඒ වීඩියෝවේ නැහැ. ඒ කියන්නේ ඒක මට බලපෑවේ නැහැ. අනෙක් අයට කොහොමද මම දන්නේ නැහැ. ඕනිනම් කියන්න පුළුවන් මේ අකුරු කොටන්නේ ඒ ඉම්පැක්ට් එක නිසා කියල (එතකොට ඒකත් ඇත්ත තමයි). හැබැයි මේක අර සීගිරි කවිය වගේ. ආවේ නැහැ කියල උනත් ලියන්න එපායැ. 

විසි වෙනි සියවස ඉවරයි කියල නම් දන්නවා. විසි එක් වන සියවසට ඕනි දේශපාලනය තවම බිහිවෙලා නැහැ කියලත් තේරෙනවා. 

රංචු මානසිකත්වයෙන් ඉවත් වෙලා ලෝකය වෙනස් කරන්න පුළුවන් දක්ෂ (bright), කුශලතා පූර්ණ (skilled), දැනුවත් (knowledgeable), නිර්භීත සහ අවදානම ගන්න (brave and risk taking) මිනිස්සු බිහි කරගන්න වෙයි අපේ අනාගතය වෙනුවෙන් කියල සටහන් කරලා එහෙනම් නවතිනවා.

උදෙත් පෝස්ට් එකක් දැම්ම නිසා ලියන්න කම්මැලියි.

කිහිල්ලේ මයිල් බාල නැති මොඩල් කෙනෙක්..
116540260 10220939063400845 5715455501032974280 o
කැටිපේ ගේ යෝජනාව :
ඉරාජ් වීරරත්නගේ 3% වීඩියෝව සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරීමට සුළු වේලාවකට පෙර #pleasesrilanka ලේබලය යටතේ සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබු 'යටි හිතින් JVP' රැප් වීඩියෝවට සටහනක් තබමින්, ජාතික ජන බලවේගයෙන් මෙවර කොළඹට තරඟ කරන විමල් කැටිපේආරච්චි ඉරාජ් ට යෝජනා කර තිබුනේ ''එන්න අපි සංස්කෘතිකව ගනු දෙනු බේරගමු'' කියාය.  


සබැඳි පුවත් :

රැප් වීඩියෝ දෙකක් එළියට - කොළඹට කැටිපේ ගෙන් ඉරාජ්ට යෝජනාවක් 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්