ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ ජනාධිපති නීතිඥ අලි සබ්රිට අධිකරණ ඇමතිකම වැනි තීරණාත්මක වැදගත් ඇමතිකමක් බාරදීම

පිළිබඳව විවිධ පාර්ශව වලින් බරපතල විරෝධය එල්ල වෙමින් ඇතැයි Lanka Lead News වාර්තා කරයි.

විමල් විරවංශගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ විසින් පවත්වාගෙන යන Lanka Lead News වෙබ් අඩවිය පවසන්නේ, සමාජ මාධ්‍ය ජාලය සහ සෘජුව එල්ල වෙමින් පවතින එම විරෝධය රජයේ ඉහළ පාර්ශව වලට ද සන්නිවේදනය වී ඇති බවයි.

ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියක් ඉදිරියේ තිබියදී සහ ඉස්ලාම් විවාහ නීති මෙන්ම මද්‍රසා පාසල් පිළිබඳ මහජන අවධානය  යොමුව ඇති අවස්ථාවක අලි සබ්රි නව පදවිය තුළ බලවත් පීඩනයකට ලක්වන බවට දේශපාලන විචාරකයෝද මත පළ කරන බව පවසන Lanka Lead News වැඩිදුරටත් පවසන්නේ, ඔහුට අන්තවාදී බලවේගවල බලපෑම්වලින් මිදී එම බරපතල වගකීම් ඉටු කිරීමට අවස්ථාවක් නොලැබෙන බවට ද අනාවැකි පළ වෙමින් ඇති බවයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්