පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ 'අපේ ජනබල පක්ෂයට' හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ඩැහැගැනීම සඳහා

ආණ්ඩුවේ ප්‍රබලයකු විසින් එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් 'රවටාගෙන'  උන්වහන්සේට රැකවරණ දෙමින් සිටින බවට සාධාරණ සැකයක් මතුව ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයකු පැවසිය.

මෙවර මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය ඡන්ද 67,758 ක් ලබාගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට හිමිකම් ලබා ගත්තේය.

ඒ අනුව, සිය පක්ෂයට හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ මධ්‍යම කාරක සභාවේ සියලු සාමාජිකයින්ගේ අනුමැතියෙන් යුතුව, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව තෝරාගෙන සිටියදී, එබව මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත දැනුම්දීමට ලේකම් හිමිනම සොයද්දී උන්වහන්සේ 'අතුරුදන්වී' ඇතැයි දැනගන්නට ලැබුන බව 'අපේ ජනබල පක්ෂයේ' ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

Uvindu FB

 

රැවුල් සාදුව උස්සලා !

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මෙවැනි සටහනක් පළකර ඇත.

''රාජපක්‍ෂ කඳවුරට හරියටම 2/3යි තියෙන්නෙ. කථානායකට එකක් ගියාම, 2/3කට එකක් අඩුවෙනව. මොනව උනත් රතනල, නම කිව්වම බ්ලොක්ල වාතයක් වෙනව කියල බැසිල් දන්නව. ඒක තමා මම හිතන්නෙ රැවුල් සාදුව ප්‍රැන්සිස්කුකරණයට ලක් කරල තියෙන්නෙ. එහෙමත් නැත්තන් අර වස්කඩුව ඔපරේශන් පාරක් දාල තියෙන්නෙ.''

 

ප්‍රැන්සිස්කුකරණය - වස්කඩුව ඔපරේශන් ?

මාධ්‍යවේදී උවිඳු විසින් 'ප්‍රැන්සිස්කුකරණය' ලෙස හඳුන්වා ඇත්තේ, 1993 දකුණු පළාත් සභා මැතිවරණයේදී බලය අත්පත් කරගත් පොදුජන එක්සත් පෙරමුණේ බිඳ දැමීම සඳහා එම පක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්ව සිටි  ටී. ඩී. ප්‍රැන්සිස්කු මන්ත්‍රීවරයාව එවකට එජාප ආණ්ඩුවේ ප්‍රධානින් විසින් පැහැරගෙන යාමේ සිද්ධියයි.

ඔහු විසින් 'වස්කඩුව ඔපරේශන්' ලෙස සටහන් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ, 'ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ' නමින් 1994 වර්ෂයේ දී මහ මැතිවරණයට 'මල්බඳුන' ලාංජනය යටතේ ඉදිරිපත්ව හම්බන්තොට දිස්ත්‍රීක්කයෙන් මන්ත්‍රී ආසනයක් දිනාගත් අවස්ථාවේදී, මන්ත්‍රී අපේක්ෂක වස්කඩුව නැමැත්තා පැහැරගෙන ගොස් ඔහුට දිව්රුම් දීමට සලස්වා, එම මන්ත්‍රී ධූරය ඩැහැගැනීම එකල චන්ද්‍රිකා ආණ්ඩුවේ අමාත්‍යවරයකුව සිටි එස්.බී. දිසානායක ඇතුළු කල්ලියක් විසින් දැරූ උත්සහයයි.

 

විමලවංශ හිමියන් 'කොල්ලුරේව' ආදර්ශයට අරන් !

මේවනවිට අප වෙත ලැබී ඇති විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් වාර්තා වන්නේ  'අපේ ජනබල පක්ෂයේ' මහලේකම් පූජ්‍ය අස්ගිරියේ විමලවංශ හිමි විසින් තමාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තෝරාපත් කරගෙන ඇති බව සඳහන් කෙරෙන ලිපියක් මැතිවරණ කොමිසම වෙත භාරදීම හේතුවෙන් මන්ත්‍රී අර්බුදය තවදුරටත් උත්සන්න වී ඇත.

 ඇතැම් දේශපාලන විචාරකයින් එම සිද්ධිය  හඳුන්වන්නේ 'කොල්ලුරේකරණය' නමිනි.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය හා නව සම සමාජ පක්ෂය එක්ව සැදුම්ලත් 'එක්සත් සමාජවාදී පෙරමුණ (USA)' 1989 පැවති මහ මැතිවරණයට තරඟ කළ අවස්ථාවේදී රත්නපුර දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත් වූ වාසුදේව නානායක්කාර හා කෑගල්ලෙන් ඉදිරිපත් වූ අතාවුද සෙනවිරත්න ජයග්‍රහණය කල අතර ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ද හිමිවිය.

එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කොට සිටි ආචාර්‍ය කොල්වින් ආර්ද සිල්වාගේ හදිසි අභාවයෙන් පසු ඔසී අබේගුනසේකර පත් කිරීමට යෝජනා වී තිබිය දී එම පෙරමුණේ මහ ලේකම් ව සිටි, නීතිඥ රාජා කොල්ලුරේ කළේ තමන්ගේම අත්සනින් තමන්ගේම නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දෙමින් පාර්ලිමේන්තුව රිංගා ගැනීමයි.

 

ඥානසාර හිමි පත්කළ යුතුමයි - රතන හිමි

කෙසේවුවද 'අපේ ජනබල පක්ෂයට' හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාගැනීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන් හා අතුරලියේ රතන හිමියන් අතර 'සිතල යුද්දයක්' ආරම්භවී ඇතත් රතන හිමියන් මැතිවරණ වේදිකාවලදී දිගින් දිගටම පැවසුයේ තමා පාර්ලිමේන්තුවට යාමට වඩා ඥානසාර හිමියන් පාර්ලිමේන්තුවට යැවීම වඩාත්  වැදගත් බවයි.

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාහියන්ගල ආනන්ද සාගර හිමි අද දින පැවත්වු මාධ්‍ය සාකච්ඡාවක දී පවසා සිටියේ, කුමන්ත්‍රණකාරීව අපේ ජන බල පක්ෂයේ එකම මන්ත්‍රී අසුන ගැනීමට කිසියම් කණ්ඩායමක් විසින් පක්ෂයේ ලේකම් හිමියන් උස්සා ඇති බවය. 

 

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට සංඝ භේදයක් පක්ෂයේ සභාපති සියල්ල හෙළිකරයි 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්