වත්මන් ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා ලෙස පත් කිරීමට නියමිතව ඇතැයි පැවසෙන ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රිගේ

ජනවාර්ගික පසුබිම මුල්කරගෙන ඔහුට එරෙහිව විරෝධතා මතු කරමින්, ජාතිවාදය උසිගැන්වීමට ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් පිරිස් විසින් දරන උත්සාහය ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ප්‍රබලයින් රැසකගේ විවේචනයට ලක්ව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් අද (අගෝස්තු 11) පෙරවරුවේ 'පොහොට්ටු' පක්ෂයේ නායකයකු හමුවී, අලි සබ්‍රිට එරෙහිව ආණ්ඩු පාර්ශවයේ ඇතැමුන් විසින් ගෙනයන අවලදාත්මක ප්‍රචාරක  මෙහෙයුමට විරෝධය පළකරමින් එවැනි කුමන්ත්‍රණකාරී වැඩවලට ඉඩනොදෙන්නයි ඉල්ලීමක් කර තිබේ.

එවැනි විරෝධතා පටු දේශපාලන හා පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් සිදුකරනු ලබන්නක් බව එම ජ්‍යෙෂ්ඨයින් විසින් කරුණු කාරනා සහිතව පෙන්වාදී ඇත.

මෙසේ මුස්ලිම් විරෝධී මත ප්‍රවර්ධනය කරනු ලැබීම වර්තමාන ආණ්ඩුවේ සැලසුම්වලට බාධාවක් බව ඒ සියලු දෙනාගේම අදහස වී තිබේ.

 

උතුරේ යුද්ධයේදී මුස්ලිම්වරුන්ගේ දායකත්වය !

gotabaya Muslims

මෙම හමුවට සහභාගී වූ ආණ්ඩුවේ ප්‍රබලයකු පැවසුයේ,  දශක තුනක් පුරාවට පැවති යුද්ධයෙන් රට පීඩාවට පත්වන විට මුස්ලිම් ප්‍රජාව, සිංහල ප්‍රජාව සමඟ එක්ව සමගියෙන් ක්‍රියා කල ආකාරය ඇතැමුන්ට අද අමතකවී ඇති බවයි.

යුද්දයේදී ආරක්ෂක අංශවල සිටි මුස්ලිම් හමුදා නිලධාරීන් ක්‍රියා කළ ආකාරය සිහිපත් කරමින් ඔහු මෙසේ ද පැවසිය.

''එල්ටීටීඊය විසින් මුලතිව් හි පිහිටි හමුදා කඳවුර යටත් කර ගැනීමේ ක්‍රියාන්විතය අතරතුර, සිය ගණනක් සිංහල සෙබළන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා සිය ජීවිතය කැප කළේ මේජර් අලිබා .

යුධ හමුදා විශේෂ බලකායේ කපිතාන් ෆස්ලි නෆීල් තවත් මුස්ලිම් ජාතික යුධ වීරයෙක්.  මුලතිව් වලදී  සිංහල සෙබළුන් ආරක්ෂා කිරීම සඳහා ඔහු ජීවිතය ද පූජා කළා ...

ඒවගේම යුධ සමයේදී කර්නල් තුවාන් මුතාලිෆ් සහ කර්නල් රිස්ලි මීඩින් වැනි දක්ෂ නිලධාරීන්, ඔවුන් විසින් මෙහෙයවූ බුද්ධි අංශ හරහා ත්‍රස්තවාදී කණ්ඩායම් මර්දනය කිරීමට දායක වුනා.

යුද්ධයේ දී සිංහලයන් සහ මුස්ලිම්වරුන් අතර කිසිදු වෙනසක් තිබුණේ නැ. ඒ මුස්ලිම් හමුදා නිලධාරීන් තම මව්බිම වෙනුවෙන් සටන් කොට මිය ගියා"

 

ගෝඨාභය වෙනුවෙන් පෙනීසිටි අයෙක් :

මේවනවිට ආණ්ඩුවේ අන්තවාදී පිරිස් වල විවේචනයට ලක්ව ඇති අලි සබ්රි යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එහි නායකයින්ගේ, විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටි අයෙකි.

වසර ගණනාවක් පුරා ජනාධිපති රාජපක්ෂගේ සියලු නඩු කටයුතු සඳහා අලි සබ්රි පෙනී සිටි බව ජනාධිපතිවරයාගේ සමීපතම මිතුරකු වන 'දෙරණ' මාධ්‍ය ජාලයේ ප්‍රධානි දිලිත් ජයවීර සිය FB පිටුවේ ඊයේ (අගෝස්තු 10) පැහැදිලිව සඳහන් කර තිබේ.

Dilith Sabry

''ඔහු තම ආගමික විශ්වාස අනුව ජීවත්වෙන දියුණු ශ්‍රී ලාංකිකයෙක්. ජාතික ලැයිස්තුවෙන් ඔහුව පාර්ලිමේන්තුවට ගෙන ඒමට මමද ඇතුළුව ජාතික සංවිධාන රැසක් කටයුතු කළා. ඒ ඔහු අපිට විශ්වාසය තැබිය හැකියි මුස්ලිම් ජාතිකයෙක් විතරක් නෙමෙයි උගතෙක් නිසා.

ලංකාවේ ඉහලම පෙලේ ජනාධිපති නීතිඥයෙක් විදියට කටයුතු කරන ඔහු පාර්ලිමේන්තුවට ආවම ඔහුට ඒ වෘත්තියේ නිරත වෙන්න නොහැකි වීම නිසා මූල්‍යමය වශයෙන් පවා පාඩුවක් වෙනවා. ඔහු ඒ සියල්ල අහිමි කරගනිමින් රට වෙනුවෙන් සේවය කරන්නයි පෙරට එන්නේ.

ඔහු ජාතිකවාදය පිළිගන්නා අතරම, මුස්ලිම් ජනතාවත් ජාතිකවාදී ව්‍යාපාරයට ගෙන ඒමට අනාගතයේ නායකත්වය දරා වී.  Inclusive Nationalism මතවාදයත් එක්ක ඔහු අධිකරණ ඇමති ධූරය ලබා ගත්තොත් මේ රටට යහපතක් සිදු වේවි.'' යයි දිලිත් ජයවීර වැඩිදුරටත් සඳහන් කර ඇත.

සබැඳි පුවත් :

අලි සබ්රිට දිලිත්ගෙන් සහතිකයක්  

මුස්ලිම් ජාතිකයකුට අධිකරණ ඇමතිකම නොදෙන්නැයි බලපෑම් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්