පසුගිය කොරෝනා වසංගත සමයේ නිවාඩු යැවූවද නැවත සේවයට නොගැනීම ගැන විරෝධය පළ කරමින් කොළඹ වරාය නගරයේ සේවක පිරිසක් ඊයේ (11)  වරාය නගරය අසළ උද්ඝෝෂණය කරමින් රැඳී සිටියේය.


මැතිවරණය අවසානයේ සාමාන්‍ය පරිදි සේවය සඳහා වාර්තා කළද තමන්ට වරාය නගර ප්‍රවේශයෙන් ඇතුලුවීමට ආරක්ෂක අංශ ඉඩ නොදුන් බව ඔවුහු පවසති. 

මෙසේ සේවයෙන් ඉවත් කර ඇත්තේ රියදුරන්, වැඩ පරික්ෂකවරුන් සහ කම්කරුවන් ඇතුළු 150 දෙනෙකු පමණ සේවක පිරිසකි. මෙම සේවක පිරිස වසර 2 - 5 අතර කාලයක් අදාළ සමාගමේ ව්‍යාපෘතියෙහි සේවය කළ අය වෙති. 

කම්කරු කොමසාරිස් හමුවී කළ සාකච්ඡාවකදීද සාධාරණයක් නොවුණු බව පවසන එම සේවක පිරිස, චයිනා හාබර් සමාගම මේ ආකාරයෙන් අත්තනෝමතිකව කටයුතු කරන්නේ මේ රට චීන්නුන්ට යට වී ඇති නිසාදැයි ප්‍රශ්න කරති.

image 7046db44f5                           Pix by Nisal Baduge

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්