දහනම වැනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත පවරා ඇති බලතල ජනාධිපතිවරයාට

ලැබෙන අන්දමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන බව ආණ්ඩුවේ නායකයෙක් නිර්නාමිකව පෙනී සිටීමට කැමැත්තෙන් 'අනිද්දා' පුවත්පතට පවසා ඇත.

මහමැතිවරණයේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා බව ආණ්ඩු පක්ෂය පොරොන්දු වූ නමුත්, නුදුරේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් නොකරන බවත්, ව්‍යවස්ථා සංශෝධනයක් පමණක් ඉදිරිපත් කරන්නේ ඒ වෙනුවට බවත් ඔහු සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයාට අමාත්‍ය ධුර දැරීමේ හැකියාව ලබාදීම ඇතුළු තවත් කරුණු එම සංශෝධනයට ඇතුළත් කරන බවත්, තවමත් ඒ පිළිබඳ ආණ්ඩුවේ නායකයන් සාකච්ඡා කර එකඟතා ඇති කරගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කරනවාදැයි 'අනිද්දා' කළ විමසීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ, දැන් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කිරීම ආණ්ඩුවේ වගකීම බවය.

ජනතාව තුනෙන් දෙකට ආසන්න බලයක් ලබාදී ඇති බවත්, ජනතාවගෙන් එවැනි බලයක් ඉල්ලුවේ ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා බවත්, ජනතාව ව්‍යවස්ථා සංශෝධනයක් ගැන උනන්දු බව මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලි වන බවත් බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර ඇත.

''අණ්ඩ දැමූ පවතින ව්‍යවස්ථාව වෙනුවට රටට ඔබින නව ව්‍යවස්ථාවක් ගෙන නිර්මාණය කරගත යුතු බවත් ඒ සඳහා සියලු පාර්ශ්ව සම්බන්ධ කරගෙන එය කළ යුතු බවත් බැසිල් රාජපක්ෂ අවධාරණය කර සිටියි.''

 

ජනාධිපති ගෝඨාභය කැමති නැති ලු !

Basil Rඒ අතර පෙරේදා (අගෝස්තු 10) 'හිරු සලකුණ'ට එකතු වෙමින් බැසිල් රාජපක්ෂ කියා සිටියේ, පසුගිය ආණ්ඩුව බලාත්මක කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කළ යුතු බවයි.

කෙසේ වුවද ඒ සමග 18 වන සංශෝධනය බලාත්මක වන බවත් එහි පවතින ජනතා ප්‍රසාදයට හේතු නොවූ විධායක ජනාධිපති ධුරය දෙවරකට වඩා දැරීමේ හැකියාව වැනි ඇතැම් සීමා ඉවත් කරගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් වූයේ 19 වන සංශෝධනය යටතේ වසර 05කට හෙයින් 19 වන සංශෝධනය අහෝසි කිරීම සමග එය වසර 06ක් බවට පත්වන බව ද බැසිල් රාජපක්ෂ පෙන්වා දුන්නේය.

එහෙත් ජනාධිපතිවරයා ඊට එකඟ නොවන නිසා ඔහුගේ ධුර කාලය වසර 05 ලෙස නැවත සංශෝධනය කළ යුතු බව ද හෙතෙම පැවසිය.

කෙසේ වුවද වරක් අණ්ඩ දැමූ මෙම ව්‍යවස්ථාව වෙනුවට රටට ඔබින නව ව්‍යවස්ථාවක් ගෙන නිර්මාණය කරගත යුතු බවත් ඒ සඳහා සියලු පාර්ශ්ව සම්බන්ධ කරගෙන එය කළ යුතු බවත් බැසිල් රාජපක්ෂ එම රුපවාහිනී වැඩසටහනේ දී අවධාරණය කළේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්