13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ඒ හා සම්බන්ධ පළාත් සභා ක්‍රමය වහා අහෝසි කරන්නැයි පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති සරත් වීරසේකර

විසින් රජයට යෝජනා කර ඇතැයි emanisa.lk වාර්තා කරයි.

රජයේ ඇමතිවරයෙකු විසින් 13 වන සංශෝධනය අහෝසි කරන්නැයි කරන ලද මුල්ම යෝජනාව මෙයයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ පළාත් සභා ලබා ජනතාවට දරාගත නොහැකි බවත් ඒවා රටට කිසිදු සේවයක් නොවන සුදු අලි බවත්ය.

Indo Lanka 1987ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් තැබූ අවස්ථාව ..

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය මේ වන විටත් ඉල්ලීම් කර ඇත්තේ 13 සංශෝධනය අහෝසි නොකරන ලෙසය. ඒ සඳහා බලපෑම් කරන ලෙස ඔවුන් ඉන්දියාවෙන් ද ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ.

 13 වන සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමේ ඉන්දියානු අභිලාෂයේ කිසිදු වෙනසක් නැතැයි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා පසුගියදා සඳහන් කර තිබිණ.

1987 ජුලි මස 29 වන දින ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන හා ඉන්දීයාවේ හිටපු අගමැති රාජිව්  ගාන්ධි අතර ඇති කරගත් ඉන්දු - ලංකා ගිවිසුම යටතේ පළාත් සභා පිහිටුවනු ලැබිය.

සබැඳි පුවත් :

දෛවයේ සරදමක්! - පළාත් සභාවලට එරෙහි සරත්ට පළාත් සභා ඇමතිකම දීලා ! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්