වඳ සැත්කම් කරා යැයි චෝදනා නගමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින වෛද්‍ය ෂියාබ්දී සාෆිගෙන්, තමන් එම චෝදනාවලට අදාළ වරද කළ බවට පාපොච්චාරණයක් කරවාගැනීම සඳහා ඔහු හමුවීමට ජනාධිපතිවරයාගේ මාර්ගයෙන් අතුරලියේ රතන හිමි දරන ලද උත්සාහයක් ව්‍යර්ථ වී තිබේ.

 

එම වෛද්‍යවරයා මුනගැසීමට අවස්ථාවක් සලසා දෙන ලෙස අතුරලියේ රතන හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර ඒ අනුව ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා අමතා එම හමුවට අවස්ථාව සලසන්නයැයි ඉල්ලීමක් කර ඇතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබේ.

පැලෝපීය නාල අවහිර කිරීම පිළිබඳ මෙම චෝදනාව සමාජගත කළ 'දිවයින' මාධ්‍යවේදී හේමන්ත රන්දුණු, කුරුණෑගල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වීර බණ්ඩාර ආදීන් මෙම චෝදනා නිවැරදි යැයි ඔප්පු කරන්නට නොහැකිව අසරන වී ඇතැයි ද එම නිසා ඔවුන්ට විරුද්ධව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක විය හැකි යැයි ද, ඒ නිසා කෙසේ හෝ අදාළ වෛද්‍යවරයා බිය ගන්වා තමන් පැලෝපීය නාළ අවහිර කරමින් කාන්තාවන් වඳභාවයට පත් කළා යැයි පාපොච්චාරණයක් ලබා ගැනීම මේ අවස්ථාවේ කළ යුතුමයැ යිද, අතුරලියේ රතන හිමියන්ගේ අදහස වී ඇත.

ඒ හිමියන් එම අදහස පසුගිය දිනක තම විහාරස්ථානය වන දහම් සෙවන අසපුවේදී සමීපතමයන් ඉදිරියේ ප්‍රකාශ කර ඇත.

මේ පිළිබඳ විමසීම සඳහා අතුරලියේ රතන හිමියන්ට සහ ඒ හිමියන්ගේ සහායක හිමිවරුන් දෙදෙනෙකුට දුකතනයෙන් ඇමතූ නමුත් රතන හිමියන් සම්බන්ධ කර ගන්නට නොහැකි විය.

(අනිද්දා)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්