ලංකාවේ ගව ඝාතනය තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ අද (08) ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඉදිරිපත් කළ යෝජනාවක්

ඒකමතිකව සම්මත වී ඇත.

ඒ අනුව ලංකාවේ ගවයන් නොමරා ගව මස් පිටරටින් ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අගමැතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වේ.

එම පුවත වාර්තාවීමත් සමග සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බොහෝ දෙනෙකු පොස්ටු පළකරමින් විමසා ඇත්තේ, ''ඕස්ට්‍රේලියාවෙන් ගව මස් ගෙන්වන රාජපක්ෂ කව්ද ?''  කියාය.

ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර ඇත්තේ අගමැතිවරයාගේ එම තීරණය ඔහු විසින් පසුගියදා කතරගම දේවාලයට ගොස් කරන ලද බාරයක් ඉටුකිරීමක් ලෙසය.

මේ අතර සිය FB පිටුවේ සටහනක් පළකර ඇති ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මෙසේ සඳහන් කර තිබේ.

''පිටරට හරක් මස් හැදෙන්නේ ගස්වලද? හරක් ගැන විතරක් සංවේදී වෙන්නේ ඥාති කමක් නිසාද?

osala post

අගමැතිගේ හරක් සම්බන්ධ තීරණය සම්බන්ධයෙන් ප්‍රකට කලා ශිල්පියකු වන සංජය ඇපා සෙනවිරත්න මෙවැනි පොස්ටුවක් සිය FB පිටුවේ පළකර ඇත.

Sanjaya Epa Post

 

 

ඉන්දියාවේත් නැති ගව ඝාතන තහනම තර්කානුකූල නැහැ - ජාතික සංවිධාන

මේ අතර අමාත්‍ය විමල් විරවංශ ගේ 'ජාතික සංවිධාන' පවසන්නේ, ඉන්දියාවේත් නැති ගව ඝාතන තහනම තර්කානුකූල නොමැති, ප්‍රායෝගිකව නොමැති, නැති ප්‍රශ්න ඇති කරන අවුලක් බවයි.

''මේ අතර අමාත්‍ය විමල් විරවංශගේ 'ජාතික සංවිධාන' පවසන්නේ, ඉන්දියාවේත් නැති ගව ඝාතන තහනම තර්කානුකූල නොමැති, ප්‍රායෝගිකව නොමැති, නැති ප්‍රශ්න ඇති කරන අවුලක් බවයි.''

ගව ඝාතනය තහනම් කිරීම සඳහා අප රටේ කාලයක සිට ඉල්ලීමක් පවතී. එම දේශපාලන ඉල්ලීම වෙනුවෙන් යම් භික්ෂූන්නමක් දිවි දීමටද කටයුතු කළහ.

අගමැති මහින්ද රාජපක්ෂ විසින් ගව ඝාතනය තහනම් කිරීමට ඉදිරිපත් කළ යෝජනාව පිලිබඳව ජාතික සංවිධාන ප්‍රධානි, වෛද්‍ය වසන්ත බණ්ඩාර ගෙන් විමසූ අවස්ථාවේදී ඔහු සඳහන් කර ඇත්තේ, මෙම ජනප්‍රිය සටන් පාඨය ප්‍රායෝගික යථාර්තයක් බවට පත් කළ නොහැකි බවත් එසේ කිරීමට උත්සාහ කිරීමේදී අනවශ්‍ය ගැටළු රාශියක් පැන නගින බවත් අවසානයේ ගවයා හෝ කිරි ගොවියා ආරක්ෂා නොවන බවත්  කියයි.

ඊට අදාල දීර්ඝ පැහැදිලි කිරීමක් සහිත ලිපියක්ද ජාතික නිදහස් පෙරමුණ විසින් පවත්වාගෙන යන 'ලංකා ලීඩ්' හි පලවී ඇත.  

එම ලිපිය පහත ලින්ක් එක හරහා කියවන්න.

 ගව ඝාතනය තහනම් කිරීමෙන් ගවයා හෝ ගොවියා රැකිය හැකිද? -වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්