විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ විෂය පථය සීමා කිරීම මත පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) මෙන්ම රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) ද කටයුතු සීමා

වන තත්ත්වයක් උද්ගත වී තිබේ.

පාර්ලිමේන්තුවේ මෙම කමිටු දෙකම ක්‍රියාත්මක වන්නේ විගණකාධිපතිවරයාගේ වාර්තා පාදක කර ගනිමිනි. 

රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුළු රාජ්‍ය ආයතන පහක විෂය පථයන් ද සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති සියයට 50කට හෝ ඊට වැඩි ප්‍රාග්ධන ප්‍රතිශතයක් රජය දරන සමාගම්ද විගණකාධිපතිවරයාගේ විෂය පථයෙන් ඉවත් කිරීමට යෝජිතය. 

මෙවැනි සමාගම් එකසිය පනහක් පමණ පවතින අතර යෝජිත සංශෝධනය අනුව එම සමාගම් විගණනය කිරීමේ බලයක් විගණකාධිපතිවරයාට හිමි නොවේ.

''මෙවැනි සමාගම් එකසිය පනහක් පමණ පවතින අතර යෝජිත සංශෝධනය අනුව එම සමාගම් විගණනය කිරීමේ බලයක් විගණකාධිපතිවරයාට හිමි නොවේ. මෙම කමිටු පත් කිරීමට අදාළ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කෝප් මෙන්ම කෝපා යන කමිටු කටයුතු කළ යුතු වන්නේ විගණකාධිපතිවරයාගේ සහාය ලබා ගනිමිනි.'' 

මෙම කමිටු පත් කිරීමට අදාළ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කෝප් මෙන්ම කෝපා යන කමිටු කටයුතු කළ යුතු වන්නේ විගණකාධිපතිවරයාගේ සහාය ලබා ගනිමිනි. 

එම සහාය ලබා ගැනීම යනු විගණකාධිපතිවරයාගේ විගණන වාර්තා කමිටුවල සාකච්ඡා සඳහා පාදක කර ගැනීමය. 

එම සමාගම්වල නිලධාරීන් ඇතුළු වගකිව යුත්තන් පාර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමට හැකි වන්නේ ද ඒ අනුවය. 

විගණකාධිපතිවරයා එම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විගණනය නොකරන්නේ නම් මෙම කමිටුවලට ද ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හැකියාවක් නැත.

බැඳුම්කර වංචා යට ගැසීමේ අවස්ථාවක් !

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ විගණකාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ පසුගිය ආණ්ඩු සමයේදී බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුල දී ප්‍රශ්න කිරීමට අවස්ථාවක් ලැබුනේ 19 වන සංශෝධනයෙන් විගණකාධිපතිවරයාට ලැබී තිබු බලතල නිසා බවයි.

මිට ඉහතදී පැවති රාජපක්ෂ ආණ්ඩු සමයේදී එලෙස ප්‍රශ්න කිරීමට විගණකාධිපතිවරයාට නීතිමය ප්‍රතිපාදන නොවූ බැවින් එවකට සිදුවූ බැඳුම්කර ගනුදෙනු විමර්ශනයට අවස්ථාවක් නොවුබව පැවසු එම නිලධාරියා, වැඩිදුරටත් කියා සිටියේ 20 අදාල වගන්ති සම්මත වුවහොත් යලිත් බැංකු කොල්ලයන් සොයා ගැනීමේ හැකියාවක් නොමැති වන බවයි. 


(මුලාශ්‍රය - Lanka Lead News)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්