දක්ෂ රාජ්‍ය ඇ‌මැතිවරයකු හා විශිෂ්ට ගණයේ ලේකම්වරයකු ලැබී තිබියදීත් පාලන අංශයේ හිටපු නිලධාරියකු හා එහිම එක් නිලධාරිනියක විසින් සියල්ල අවුල් කරමින් සිටින බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය පැත්තෙන්

වාර්තා වේ.
ප්‍රතිසංවිධානය කරන මුවාවෙන් කරන මේ වැඩ පිළිවෙලේ මූලික අරමුණ වී ඇ‌ත්තේ රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් උදෙසා සියලුම තනතුරු ඇ‌තිකො‌ට අමාත්‍යාංශයට අත්‍යවශ්‍ය ඉංජිනේරු සේවා තනතුරු අහෝ‌සි කර දැමීමයි.

මෙහි අනෙක් අරමුණ වන්නේ වාර්ෂිකව දීර්ඝ කරනු ලබන තාවකාලික පදනමක (විශේෂ ව්‍යාපෘති - අතිරේක ලේකම්) සේවය කරන එක් නිලධාරිනියක් සදහා ස්ථිර තනතුරක් ඇ‌ති කිරීමයි.

මුළු අමාත්‍යාංශයේම සේවකයින් අතර දැඩි අප්‍රසාදයකට පත්ව ඇ‌ති මෙම නිලධාරිනිය හිටපු අමාත්‍යවරයකුගේ  සරසවි මිතුරියක වන අතර මැය සේවයට බදවාගෙන ඇ‌ත්තේ ද ඇ‌මැතිවරයාගේ බලපෑම් මත නීතිමය නො‌වන අයුරින් තනතුරක් ඇ‌ති කරමිනි.

රාජ්‍ය සේවා කො‌මිසම විසින් මෙම නිලධාරිනියගේ සේවය සැප්තැම්බර් මස සිට අහෝ‌සි කිරීමට තීරණය කර ඇ‌ත්තේ ද ඇ‌ය සම්බන්ධව ලැබුණු පැමිණිලි හේතුවෙන් බව වාර්තා වේ.

මෙම නිලධාරිනිය හිටපු අමාත්‍යවරයාගේ කාලයේ වැඩිම විදේශ සංචාර ගණනකට සහභාගී වූ නිලධාරිනිය වශයෙන් ද වාර්තාවක් තබා ඇ‌ත.

රාජ්‍ය ඇ‌මතිට කුද ගහගන්නලු !

විදේශ ආ‌ධාර ලබන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍යාංශයට අයත් විය යුතු වුවත් එම ව්‍යාපෘති සියල්ල කැබිනට් අමාත්‍යාංශය වෙත පවරා ගෙන මෙම නිලධාරිනිය සදහා තනතුරක් ඇ‌ති කිරීම පාලන අංශයේ සැලැස්ම වී තිබේ.

මේ සියලු සාකච්ජා පසුගිය සෙනසුරාදා පවත්වා ඇ‌ති අතර ඒ‌ සදහා මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්ව ගිය නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු පාලන ලේකම්, පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (හිටපු අධ්‍යක්ෂ, පරිසර) හා තනතුර අහිමි වීමේ ගැටළුවට මුහුණ පා සිටින නිලධාරිනිය ද සහභාගී වී ඇ‌ත.

ඔවුන් මෙම වෙනස්කම් සිදුකර ඇ‌ත්තේ ' නාලකට කුදගහගන්න කියමු' යැයි පවසමිනි.

එනම් රාජ්‍ය අමාත්‍යවරයා නෙනකා හරිමින් කටයුතු කිරීමට තරම් මෙම නිලධාරීන් තිදෙනා අමාත්‍යාංශය තුල  ප්‍රබල වී ඇ‌ත.

මං මටම බෙදාගන්නවා...!

මෙහිදී අධ්‍යක්ෂ පරිසර තනතුර ද යලි ඇ‌ති කො‌ට පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාටම බෙදාගෙන තිබේ.

තත්වය එසේ වුවත් මෙම නිලධාරීන් තිදෙනා විසින් හිටපු අධ්‍යක්ෂ ඉංජිනේරු නීතා බටුගෙදර, අධ්‍යක්ෂ (සැලසුම්) ගෝ‌තමී ගන්නෝ‌රුව යන නිලධාරීන්ට මාසයක් ඇ‌තුලත අස් වී යන ලෙස හිටපු ලේකම් ප්‍රියත් බන්දු පැවසූ බව දන්වා අමාත්‍යංශයෙන් ඉවත් කරන ලදි. 

මෙලෙස තනතුරු හිස් කරගෙන ඇ‌ත්තේ තම හිතවතුන් ගෙන් අදාල තනතුරු  පිරවීම පිණිසය.

මො‌වුන්ගේ උපදෙස් අනුව කටයුතු කළ ප්‍රියත් බන්දුට සිදුවූයේ අවසානයේ තම ප්‍රියතම අමාත්‍යාංශය දමා යෑමටය

චීන ව්‍යාපෘතිවලින් සල්ලි අරන්...!

තවද හිටපු ඇ‌මැතිවරයාගේ සරසවි මිතුරු අතිරේක ලේකම්වරිය චීන ව්‍යාපෘතිවලින් අයථා ලෙස මුදල් ලබාගෙන ඇ‌ති බවට පැමිණිලි රාශියක් ලැබී තිබුණත් හිටපු ලේකම්වරුන් කිසිවෙකුත් ඒ‌ පිළිබද අවධානයට ලක් කර නො‌මැත.

අදටත් මෙම නිලධාරිනිය රාජකාරිමය ගැටළුවලදී චීන රජයේ පැත්ත ගෙන කතා කිරීම ප්‍රසිද්ධ රහසකි.

ඇ‌ය විදේශ ආ‌ධාර ලබන විශේෂ ව්‍යාපෘති සියල්ල තමා යටතට ගැනීමට මෙතරම් උත්සාහ දරන්නේ ඇ‌යිදැයි යන්න අමාත්‍යංශයේ සුළු සේවකයින් පවා දන්නා කරුණකි.

(උකුස්සා)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්