මිලේනියම් චැලේන්ජ් කොර්පරේෂන් (MCC) සංයුක්ත ගිවිසුම හෙවත් MCC ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන බවට

වර්තමාන රජය නියෝජනය කරනු ලබන පාර්ශවයන්ගෙන් ප්‍රකාශ වුවද මේ වන විට ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව නිරීක්ෂණය වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසුවේය.

තමන් ඒ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයට ප්‍රශ්න කිහිපයක් යොමුකරන අතර ඒවාට පැහැදිලි කිරීම් අපේක්ෂා කරන බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඒ අනුව මැතිවරණ සමයේ ජනතාවට පොරොන්දු වූ පරිදි මෙම ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප නොකොට එය සමාලෝචනය කිරීමට බලපෑ හේතු මොනවාද?

MCC ගිවිසුමේ අඩංගු ශ්‍රී ලංකාවට අහිතකර කොන්දේසි මොනවාදැයි රජය විසින් නිශ්චිතව හඳුනා ගෙන තිබේද?

එසේ අහිතකර කොන්දේසි හඳුනාගෙන ඇත්නම් එම අහිතකර කොන්දේසි ඉවත් කොට ගිවිසුම සංශෝධනය කිරීම සඳහා MCC ආයතනය සමඟ රජය සාකච්ජා පවත්වා තිබේද?

සංශෝධනවලින් අනතුරුව හෝ මෙම ගිවිසුම අත්සන් කිරීමට රජය අපේක්ෂා කරන්නේද? යන ප්‍රශ්න විපක්ෂනායකයා ආණ්ඩු පක්ෂයට යොමුකරන ලදී.

Lalithasiri MCCMCC ගිවිසුම සම්බන්ධ සමාලෝචන කමිටු වාර්තාව ජනපතිට බාරදුන් අවස්ථාව.

MCC ගිවිසුම සම්බන්ධ සමාලෝචන කමිටු වාර්තාව පසුගිය ජුනි 23 නිකුත් කර තිබුණු අතර එම වාර්තාව අගමැතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ජුලි 01 වැනිදා ඉදිරිපත් කර තිබුණු බවත් එම කමිටු වාර්තාවේ නිර්දේශ පදනම් කරගනිමින් ගිවිසුම සංශෝධනය කරන ලෙසට කමිටුව රජයට යෝජනා කර තිබෙන බව සජිත් ප්‍රේමදාස විපක්ෂනයකවරයා සිය කරුණු දැක්වීමේදී පැවසිය.

”ගිවිසුම සංශෝධනයට MCC ආයතනය එකඟ නොවන්නේ නම් ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ යුතු බවත් කමිටුව නිර්දේශ කර තිබුණා. ඒ කාලයේ විශේෂයෙන් අපේ ප්‍රතිපක්ෂ කණ්ඩායම් කියපු දෙයක් තමයි ශ්‍රී දළදා වහන්සේ වන්දනාමාන කරන්නටත් අටමස්ථානය සොළොස්මස්ථානය වන්දනාමාන කරන්නටත් යන විට පාරේ එක පැත්තක් ඇමරිකාවට අයිති වෙනවා අනික් පැත්ත විතරයි ශ්‍රී ලංකාවට අයිති වෙන්නේ කියල අපේ ප්‍රතිපක්ෂ කණ්ඩායම් කිව්වා. ඒ වගේම රට ලේ විලක් බවට පත්වෙනවා කියල කිව්වා. හැබැයි ජනාධිපතිවරය ජයග්‍රහණයෙන් පස්සේ සියයයට 70යි සියයට 30යි සූත්‍රයක් නිර්මාණය කළා.”

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් රජය යම් නිහඬ පිළිවෙතක අනුගමනය කරන බව නිරීක්ෂණය වන බව හෙතෙම පෙන්වා දුන්නේය.

 

ඇමති කබ්රාල් කියන කතාව :

විපක්ෂනායකයාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පැවසුවේ ජාත්‍යන්තර ගිවිසුම් සමාලෝචනය කිරීමේදී යම් විධිමත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වන අතර එබැවින් වගකිව යුතු රජයක් ලෙස යෝජිත ගිවිසුමේ අඩංගු කරුණු සොයා බැලීම සඳහා විද්වත් කමිටුවක් පත්කරන ලද බවයි.

ජාත්‍යන්තර ගිවිසුම් සමාලෝචනය කිරීමේදී යම් විධිමත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වන අතර එබැවින් වගකිව යුතු රජයක් ලෙස යෝජිත ගිවිසුමේ අඩංගු කරුණු සොයා බැලීම සඳහා විද්වත් කමිටුවක් පත්කරන ලද බව ඇමතිවරයා කියා සිටියේය.

MCC ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා පත්කර ඇති එම කමිටුවේ වාර්තාව 2020 ජුනි මස 23 වැනි දින නිකුත් කරන ලද අතර එය ශ්‍රී ලංකාවට අහිතකර කොන්දේසි පිළිබඳ සමාලෝචනයක් එම වාර්තාවේ දැනටමත් දක්වා තිබෙනවා බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

 

සබැඳි පුවත් :

MCC ගැන ගුණරුවන් වාර්තාවේ තවත් දුස්තොරතුරු රැසක් හෙළිවේ !  

‘ගුණරුවන් කමිටුව’ කියන්නේ පට්ට බොරු : 'MCC ආධාරය මුලින්ම ඉල්ලුවේ මහින්දගේ ආණ්ඩුවයි' -ඇමරිකාව කියයි  

MCC : ගුණරුවන්ගේ කතාව අසත්‍යක් - ශ්‍රී ලංකාවට මෙතෙක් කිසිඳු මුදලක් මුදාහැර නැහැ!  

'MCC ගිවිසුමට අනුමැතිය දුන්නේ නැහැ' -නීතිපති කියයි : ලැබී ඇත්තේ නිර්දේශයක්!  

MCC ගිවිසුමෙන් ලංකාවේ කිසිදු නීතියක් උල්ලංඝණය වන්නේ නැහැ - නීතිපති ගෙන් සහතිකයක්  

'මහින්ද MCC එකට එකඟ වුනා, සාකච්ඡා කළේ කබ්රාල්' - 'විකිලික්ස්' කේබලයෙන් එලියට ආ රහසක්!  

 ජාත්‍යන්තර එකඟතා කඩකරන්න බැහැ - MCC ගැන අසද්දී ඇමති බන්ධුල කියයි 

මංගල MCC ගිවිසුමේ ඇත්ත නැත්ත හෙළිකරයි (VIDEO)

කසාඳ බඳින්න කලින් මනමාලි ගැන හෙව්වා ගිවිසුමෙන් ඉවත්වෙන්න කිසිඳු බාධාවක් නැහැ (VIDEO)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්