මරණීය දණ්ඩනය නියමිතව සිටි සෙල්වරාජා යෝගරාජන් හෙවත් කුට්ටිමනී 1982 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස

මැතිවරණ කොමසාරිස් විසින් ගැසට් කොට කතානායකවරයා වෙත යැවූ අවස්ථාවේදී එවක කතානායකව සිටි බාකිර් මාකාර් ඔහුට දිවුරුම් දීමට අවස්‍ථාව සලසා නොදුන් බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 සහ 91 වගන්ති ප්‍රකාරව ඔහු විසින් ලබා දුන් පූර්වාදර්ශය වර්තමාන කතානායකවරයා ලෙස ඔබ ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) සම්බන්ධයෙන් නොසලකා හැරියේ ඇයිද කියා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද (සැප්තැම්බර් 11) කතානායකවරයාගෙන් විමසා සිටියේය.

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මරණීය දණ්ඩනය නියමිතව සිටි කුට්ටිමනී සිය මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර තිබු බවද විපක්ෂ නායකවරයා මෙහිදී සිහිපත් කළේය.

මෙහිදී ආණ්ඩුව පක්ෂය විපක්ෂ නායකවරයාගේ අදාල ප්‍රශ්නයට නිෂ්චිත පිළිතුරක් නොදුන් අතර කතානායකවරයා ද මුනුවත රකිනු දක්නට ලැබිණ.

එහිදී සභානායක දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ ඒ කාරනා හැන්සාඩ් නොකරන ලෙසයි.

එහෙත් විපක්ෂය එක හෙලා ඊට එරෙහි වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී අවධාරණය කර සිටියේ, "ආඥාදායකයෙක් නෙමෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ ජාතික වැදගත්කමක් ඇති කරුණු  එහෙම ඉටු හිතුමනාපෙට හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න බැහැ "යැයි  කියාය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්