එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව අවසන් තීන්දුව සැප්තැම්බර් 14 වෙනිදා ගැනීමට බලාපොරොත්තු වන අතර
මේ වනවිට හිටපු කතානායක කරූ ජයසූරිය නායකත්වයට පත් කළ යුතු බවට එක කණ්ඩායමකුත්, එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් රුවන් විජේවර්ධන නායකත්වයට පත් කළ යුතු බවට තවත් කණ්ඩායමකුත් ප්‍රබල අභ්‍යන්තර මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව 'අනිද්දා' සති අන්ත පුවත්පත වාර්තා කර ඇත.
එම පුවත්පතේ මාධ්‍යවේදී තරිඳු උදුවරගෙදර වෙත අදහස් දක්වා ඇති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක් සඳහන් කර ඇත්තේ, මේ වනවිට රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදය සහිත කණ්ඩායමක් රුවන් විජේවර්ධන පක්ෂ නායකයා තෝරා ගැනිමට කැමැත්ත පළකර ඇති බවයි.
නවීන් දිසානායක, අර්ජුන රණතුංග, රවි කරුණානායක ඇතුළු පිරිසක් කරූ ජයසූරිය නායකත්වයට පත්කර ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින බවද එම ප්‍රකාශකයා සඳහන් කර ඇත.
මේ අතර පසුගිය සතියේ කරු ජයසූරියට හිතවත් කණ්ඩායමක් එජාප නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු නායකයින් සමඟ සාකච්ඡා කොට, ඔහු ගැන නැවත සලකා බැලීමට එකඟතාවයක් ඇතිකරගෙන තිබේ.