ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධියට පත්කර තිබෙන 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුල ඇති අඩුපාඩු ගැන අදහස් පල කළ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්තගෙන් කරුණු විමසීමට එම පක්ෂය තීරණය කර ඇතැයි ආණ්ඩුවට පක්ෂපාත පුවත් වෙබ් අඩවියක් වන 'ලංකා සී නිව්ස්' වාර්තා කරයි.

එම පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් විසින් ප්‍රේමනාත් සී දොලවත්ත වෙත ඒ සම්බන්ධයෙන් දැනුවත් කරමින් ලිපියක්ද යවා ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

රටේ ඒකීය භාවය සුරකින බවට වූ වගන්තිය නව සංශෝධනයට ඇතුළු නොවීම ගැන මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හමුවේ දී අදහස් පළකර ඇතැයිද වාර්තා වෙයි.

ඒ සදහා නව සංශෝධන එක් කළ යුතු බවද දොලවත්ත වැඩිදුරටත් සඳහන් කර ඇත.

 සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ පැවසුවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ලේඛණවල ඇති අඩුපාඩු කමිටු අවස්ථාවේදී සංශෝධනය කරන බවයි.        


තුනෙන් දෙක ගන්න අර්බුදයක !

lead 22

මේ අතර අමාත්‍ය විමල් විරවංශ නායකත්වය දරන 'ජාතික නිදහස් පෙරමුණ' විසින් පවත්වාගෙන යන Lanka Lead News වාර්තා කර ඇත්තේ, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇතැම් වගන්ති කීපයකට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරු කීපදෙනෙකු  ඇතුළු මන්ත්‍රීවරු සැලකිය යුතු පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ගැනීම පිළිබඳ ආණ්ඩුව දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි.

එම වගන්ති අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පැවති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සීමා ඉවත් කිරීම, ඇමති මණ්ඩලය පත් කිරීමේදී තිබූ ඇමතිවරුන් ගණනට තිබූ සීමා ඉවත් කිරීම හා විගණන පනත අහෝසි කිරීම යන කරුණු මේ සඳහා මූලික වී තිබේ.

මෙම වගන්ති තුන 20 වැනි සංශෝධනයට ඇතුළත් නොවීම පිළිබඳ ආණ්ඩු පක්‍ෂයේම අමාත්‍යවරු කීපදෙනෙකුගෙන් හා මන්ත්‍රීවරු පිරිසකගෙන් දැඩි විරෝධයක් පැන නැගී ඇති බවද වාර්තා විය.

ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරු කීපදෙනෙකු ඇතුළු මන්ත්‍රීවර විසිදෙනෙකු පමණ ඒ අතර වන බවත්, උක්ත වගන්ති ත්‍රිත්වය අනිවාර්යයෙන්ම 20 වැනි සංශෝධනයට ඇතුළත් විය යුතු බවට අදහස් පළ වී ඇති බවත් වාර්තා වේ.

මේ අතර 'ජාතික සංවිධාන එකමුතුව' විසින්ද 20 වැනි සංශෝධනයට ඇතුලත්විය යුතු වගන්ති ඇතුලත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර තිබුණි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්