එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බාරගන්නා මෙන් ඉල්ලීමක් කළහොත් සලකා බලන බව හිටපු අමාත්‍ය  මංගල සමරවීර පවසයි.

ඔහු පවසන්නේ තමා කිසිවිටෙකත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්වීමට කටයුතු නොකළ බවය.

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (10) පෙනීසිටිමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සදහන් කළේය.

තමන් දිගින් දිගටම කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ලෙස බවද එය ඉදිරියටත් නොවෙනස්ව පවතින බවත් ඔහු පැවසීය.

රනිල් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨ නායකයෙක් වුවත් ඔහු ලංකාවට නොලැබුන හොඳම නායකයා යයිද මංගල සමරවීර අවධාරණය කර සිටියේය.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු තවදුරටත් මෙසේ ප්‍රතිචාර දැක්විය.

ප්‍රශ්නය - ඔබතුමා ඇයි සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙක් වුණේ ?

මංගල : ඒ නිසා තමයි වේලාසනින් එතනින් ඉල්ලා අස්වුණේ, මම එක්සත් ජාතික පක්ෂයෙන් මොහොතකටවත් ඉවත් වුණේ නැහැ.

ප්‍රශ්නය - ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ඉල්ලන්නේ නැද්ද ?

මංගල : මගෙන් ඉල්ලීමක් කළහොත් සලකා බලන්නම්.

ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබතුමාගේ හිතේ තියෙනවා එක්සත් ජාතික පක්ෂ නායකත්වය ගැන?

මංගල : එක්සත් ජාතික පාක්ෂිකයන් කියන්නේ, පුදුම කොටසක් ඒ අය ලක්ෂ 16ක් මේ වතාවේ ඡන්දය භාවිතා කළේ නැහැ. ඒ නිසා හරි නායකයෙකුට මේ පක්ෂය ඉතා ඉක්මනින් ගොඩනගන්නට හැකියාව තියෙනවා.

ප්‍රශ්නය - රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කරයි ද?

මංගල : ඒක මගෙන් නෙමෙයි අහන්න ඕනේ රනිල් වික්‍රමසිංහගෙන්.

ප්‍රශ්නය - රනිල් වික්‍රමසිංහ මහතා ගැන ඔබතුමා කියන්නේ මොකක්ද ?

මංගල : ඉතා ශ්‍රේෂ්ඨ නායකයෙක්, එතුමා මේ පක්ෂය ආරක්ෂා කරන්න මේ හැම දෙයක්ම කරන්නේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්