ආනවිලුන්දාව රැම්සා තෙත් බිම බිමේ කොටසක් ඉස්සන් කොටු වගා කිරීම සඳහා ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්

පත් කළ පංච පුද්ගල කමිටුව ඉදිරිපත් කළ වාර්තාව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක විසින් සැප්තැම්බර් 09 දා පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවද ඊට අදාල විමර්ශනවල පැහැදිලි ප්‍රගතියක් දක්නට නැතැයි විපක්ෂය හා පරිසර සංවිධාන චෝදනා කරති.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ එදින  පාර්ලිමේන්තුවේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විෂයබාර අමාත්‍ය සී. බී රත්නායක පැවසුවේ, එම භූමිය ඩෝසර් කිරීම සම්බන්ධයෙන් 2020.08.26 දින විමර්ශන කටයුතු ඇරඹූ බවයි.

අදාළ ප්‍රදේශයේ ඩෝසර කිරීම සඳහා යොදා ගත් බැකෝ යන්ත්‍රය අත්අඩංගුවට ගත් බවත් අදාළ පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ආනවිලුන්දාව විනාශය පිළිබඳව මෙන්ම රටේ ස්වභාවික සම්පත් සුරක්ෂිත කිරීම පිළිබඳව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එදින ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනු ලැබීය.

118590326 356583872412788 8866960257004512860 oආනවිලුන්දාව : රම්සා සම්මුතිය යටතේ තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති භූමියකි.

  1. පරිසරය හා ස්වභාවික සම්පත් ආරක්‍ෂා කිරීම රටක රජයක මූලික මෙන්ම ප්‍රධානතම වගකීමකි. ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්‍ෂා කොට සුරක්‍ෂිත කොට වැඩි දියුණු කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27(14) ව්‍යවස්ථාව මගින් රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීමේ මූලධර්ම හා මූලික යුතුකම් යටතටද  ඇතුළත් කොට තිබේ.

  2. කෙසේ වුවද, වර්තමාන රජය බලයට පත් වූ වහාම වැලි ප්‍රවාහනයට අවශ්‍යව තිබූ බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කරනු ලැබූ අතර ඒ පිළිබඳව දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය විය.

එසේම, පසුගිය දිනක සිංහරාජ වන්නාන්තරයට මායිම්ව පිහිටා ඇති ලංකාගම බලා යන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වීමත් සමග නැවතත් පරිසර විනාශය පිළිබඳව සමාජයේ කතිකාවක් මතු විය.  

  1. මේ අතරතුර, තවත් මහා පරිමාණ පාරිසරික ඛේදවාචකයක් පසුගිය දිනක පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා විය. පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටා ඇති ආනවිලුන්දාව අභය භුමියේ අක්කර දෙකක පමණ භුමි ප්‍රමාණයක් ඉස්සන් වගාව සඳහා ඩෝසර් කොට එහි පරිසර පද්ධතිය විනාශ කිරීම එම ඛේදවාචකයයි.

  2. පරිසරවේදීන්ට අනුව ඉතා සංවේදී පාරිසරික කලාපයක් වන මෙම කලාපය දේශීය හා විදේශීය සංචාරක පක්‍ෂීන් මෙන්ම දුර්ලභ ගණයේ මත්ස්‍ය වර්ග හා සමනළ වර්ග බහුල කලාපයකි. එසේම, කඩොලාන ආශ්‍රිත දුර්ලභ පරිසර පද්ධතියකින් හා ජලාශ පද්ධතියකින් මෙම  කලාපය සමන්විත වේ.

ලෝකයේ දැනට පවතින අති දුර්ලභ මෙන්ම ජෛව විවිධත්වයෙන් අනූන තෙත්බිම් අරක්‍ෂා කිරීමට 2001 වසරේදී ඉරානයේ රැම්සාර් නගරයේදී ඇති කරගත් සම්මුතියට ශ්‍රී ලංකාවද ඇතුළත් වී තිබෙන අතර, ඒ අනුව ආනවිලුන්දාව අභය භූමියද රැම්සාර් තෙත්බිමක් වශයෙන් 2001 වසරේදී ප්‍රකාශයට පත්කොට තිබේ.

එසේම, මෙම කලාපය වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ ද ප්‍රකාශයට පත් කොට ඇති අභය භූමියකි.

  1. මෙවැනි පාරිසරික පද්ධති විනාශ වීමට ඉඩ හැරීම ඉතා බරපතල අපරාධයක් බව අවිවාදයෙන් පිළිගත යුතු කාරණයකි. එසේම, මෙම අපරාධය සඳහා ප්‍රබල දේශපාලනඥයෙකුගේ සොහොයුරෙකු සම්බන්ධ බවට ද, ඒ හේතුවෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වීම ප්‍රමාද වන බවට ද පසුගිය දින කිහිපයේම ජනමාධ්‍ය ඔස්සේ වාර්තා විය.

Anavilundawaආනවිලුන්දාව රැම්සා තෙත් බිමට සිදුව ඇති හානිය

 

ආණ්ඩුව බිත්තියටම හේත්තු කල ප්‍රශ්න කිරීමක්...

මෙය ජාතික වැදගත්කමකින් යුත් හදිසි කරුණක් බැවින් පහත ප්‍රශ්න සඳහා පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.    

1) ජාත්‍යන්තර වශයෙන්ද ආරක්‍ෂා කිරීමට බැදී සිටින රැම්සාර් තෙත්බිමක් මෙන්ම වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ ද ප්‍රකාශයට පත් කොට ඇති අභය භූමියක් පමණක් නොව අති සංවේදී හා ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියක්ද වන ආනවිලුන්දාව අභය භූමියේ අක්කර දෙකක පමණ භුමි ප්‍රමාණයක් දින දෙකක් පුරා ඩෝසර් කොට විනාශ කරන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වීම රජයේ බරපතල දුර්වලතාවයක් බව රජය විසින් පිළිගනු ලබන්නේද? නොඑසේ නම් ඊට හේතු මොනවාද?

 2) මෙම අපරාධය සඳහා උපදෙස් මෙන්ම ආධාර හා අනුබල දුන් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීමට රජය ක්‍රියා කොට තිබේද? මෙම අපරාධය සම්බන්ධව අදාල ආයතන විසින් මේ වන විට ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කිරීමට රජය කටයුතු කරන්නේද?

 3) මෙම අපරාධය පිළිබඳව සොයාබැලීම සඳහා වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව ඉදරිපත් කොට තිබේද? එය මෙම ගරු සභාවට ඉදිරිපත් කරන්නේද? නොඑසේ නම් එය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ කවදාද?

 4) මෙවැනි බරපතල පාරිසරික අපරාධ ඉදිරියේදී සිදුවීම වැළැක්වීම සඳහා නිසි වැඩපිළිවෙලක් යෙදීමට රජය විසින් කටයුතු කොට තිබේද? එසේ නම් ඒ පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කිරීමට කටයුතු කරන්නේද?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසූ ප්‍රශ්නයට විෂයබාර ඇමති දුන්න උත්තරය මෙන්න.

 

ආනවිලුන්දාව :

යෝජිත ඉස්සන් වගා ව්‍යාපෘතියක් සඳහා ආනවිලුන්දාව අභයභූමියේ බටහිර කොටසේ ඕලන්ද ඇලට ආසන්න ප්‍රදේශයේ අක්කර දෙකක පමණ කඩොලාන වගාවක් විනාශ කර ඇතැයි අගෝස්තු මස අග වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ විරෝධය පළ වීමත් සමග ඉස්සන් වගාව සඳහා භූමිය සැකසීමට යොදා ගත් බව පැවසෙන බැකෝ යන්ත්‍රයක් සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබිණි.

"2015 පසුව වසර 05 කට ආසන්න කාලයක කිසිඳු ක්‍රියාකාරකමකට යොදා නොගත්" ආනවිලුන්දාව අභයභූමියට අයත් එම ඉඩම් "අනවසරයෙන් සහ අනීතික ලෙස" නැවත ඉස්සන් වගා සඳහා යොදා ගැනීමට උත්සාහ ගෙන ඇතැයි එම වන විනාශය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාවේ දැක්වෙයි.

ආරච්චිකට්ටුව හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් සමන්තගේ ඉල්ලීම මත එය සිදුව ඇතැයි අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු ලබා දුන් ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ යයි වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක බදාදා (සැප්තැම්බර් 09) පාර්ලිමේන්තුවේ සභාගත කළ කමිටු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Cartoon 2020 Gotabaya

හිටපු සභාපති ජගත් සමන්ත වත්මන් ආණ්ඩුවේ ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන, ව්‍යාපෘති සංවර්ධන පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොහොයුරෙකි.

ඉහත කී සැකකරුගේ ප්‍රකාශයට අනුව ජගත් සමන්තට අක්කර 1 ක ඉස්සන් කොටු 05 ක් ද අක්කර 2 ක ඉස්සන් කොටු 2 ක් ද අක්කර 3 ක ඉස්සන් කොටු 1 ක් ද සඳහා 2015 වසර තෙක් වාර්ෂික බලපත්‍ර සහ ජල ජීවී වගා අධිකාරියේ බලපත්‍ර තිබී ඇතැයි පෙනෙන බව අදාළ වාර්තාවේ දක්වෙයි.

 

'වන' විනාශය දිනකට අක්කර 03 බැගින් !

 ගත වූ මාසයක කාලය තුළ දිනකට අක්කර 3 බැගින් මෙරට වන විනාශයන් සිදුව ඇතැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

එහි ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ, දේශපාලන බලය යොදා ගනිමින් මෙරට සිදු කෙරෙන වන විනාශයන් නතර කිරීමට ජනාධිපතිවරයා කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේදී මෙරට වනාන්තර පද්ධතිය දැඩි අවදානමකට ලක් විය හැකි බවයි.

ආනවිලූන්දාව, වනාතවිල්ලූව වැනි ප්‍රදේශවල මෑත කාලයේ සිදුවූ පරිසර හානි පිළිබද ඔහු වැඩිදුරටත් කියාසිටියේ එලූවන්කුලම වනාතවිල්ලූව ප්‍රදේශයේ අක්කර 100ක් පුලූස්සා එලිපෙහෙලි කිරීම හේතුවෙන් එහි තිබූ වටිනා ගස් විනාශ වී ඇති බවයි.

 

සබැඳි පුවත් :

'වන' විනාශය දිනකට අක්කර 03 බැගින් !  

ආනවිලුන්දාවේ අක්කර 244ක් ඉස්සෝ වගාවට බදු දීලා!

ආනවිලුන්දාව රැම්සා රක්‍ෂිතය ඩෝ සර් කිරීම: ‘ඔක්සිජන් ඇමති’ගේ සොහොයුරා මාට්ටු !

 ''2/3 දුන්නේ මෙහෙම වැඩ කරන්න නොවේ''- විමල් ආණ්ඩු විරෝධය අතට ගනී !!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්