විසි වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂයේ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් එල්ලවී ඇති චෝදනා හමුවේ

ඔවුන්ගේ අදහස් ද ලබාගනිමින් පුළුල් සමාලෝචනයක් සිදු කිරීමට අගමැති මහින්ද රාජපක්‍ෂ තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක කොළඹ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසිය.

අගමැති මහින්ද රාජපක්ෂට වඩාත් හිතවත් දේශපාලනඥයකු ලෙස සැලකෙන විදුර වික්‍රමනායක එහිදී පවසන්නේ, 'අපටත් ගැටළු තියනවා'' කියාය.

 

ආණ්ඩුව ඇතුලෙන් ම දැඩි විරෝධයක්  !

මේ අතර 'අනිද්දා' සති අන්ත පුවත්පත සිය ප්‍රධාන සිරස්තලයෙන් යුතුව වාර්තා කර ඇත්තේ, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි තිබෙන කරුණු පිළිබඳව ආන්ඩුවේ සාමාජික පක්ෂ සහ ආණ්ඩුවට හිතවත් සංවිධානවල බලවත් විරෝධයක් එල්ල වී ඇති බවයි.

ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාවලදී සහ ප්‍රසිද්ධ අදහස් දැක්වීම්වල දී එම විරෝධතා දක්වා ඇති බව එම පුවත්පතේ මාධ්‍යවේදී තරිඳු උදුවරගෙදර පළකර ඇති එම විශේෂ දේශපාලන වාර්තාවේ සඳහන්වේ.

එම පුවත් වාර්තාවේ වැඩි දුරටත් මෙසේද දැක්වේ.

''එම සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සහ නොවැම්බර් 8 වෙනිදා පැවති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී එම විරෝධතා මතු වී තිබේ.

 ඊට අමතරව ආණ්ඩුව සමග කටයුතු කරන 'ජාතික සංවිධාන එකමුතුව',  'ජාතික ඒකාබද්ධ කමිටුව',  දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය,  'යුතුකම සංවාද කවය' ආදී ආදී සංවිධාන ව්‍යවස්ථා සංශෝධන යෝජනාවේ ඇති කරුණු පිළිබඳව ලිඛිතව හා වාචිකව විරුද්ධ විරෝධය දක්වා ඇත.

'අනිද්දා' පුවත්පත  සමඟ අදහස් දක්වා ඇති කැබිනට් මණ්ඩල සාමාජිකයකු ප්‍රකාශ කර ඇත්තේ, ආණ්ඩුව සමග කටයුතු කරන කුඩා දේශපාලන පක්ෂ නායකයන්, සිංහල ජාතිකවාදී සංවිධාන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් විසිවෙනි සංශෝධනය තිබෙන කරුණු වලට විරෝධය දක්වන කණ්ඩායම් අතර සිටින බවයි.

'අනිද්දා' පුවත්පත  සමඟ අදහස් දක්වා ඇති කැබිනට් මණ්ඩල සාමාජිකයකු ප්‍රකාශ කර ඇත්තේ, ආණ්ඩුව සමග කටයුතු කරන කුඩා දේශපාලන පක්ෂ නායකයන්, සිංහල ජාතිකවාදී සංවිධාන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් විසිවෙනි සංශෝධනය තිබෙන කරුණු වලට විරෝධය දක්වන කණ්ඩායම් අතර සිටින බවයි.

 

Basil Milindaඇමරිකානු -ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසියෝ...

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තේරී පත් වීමට ඇති අවස්ථාව ලබා දීම වෙනුවෙන් විසිවෙනි සංශෝධනය ද එකතු කර ඇති කොටස් එම කණ්ඩායම් වල විරෝධයට හේතුවී තිබෙන ප්‍රධානම කරුණක් බව වාර්තා වේ.

ඊට අමතරව,

# විගණන කොමිසම අහෝසි කිරීම හා විගණකාධිපතිවරයාගේ බලතල අඩුක කිරීම

# රාජ්‍ය සමාගම් විගණනය කිරීමට ඇති හැකියාව ඉවත් කිරීම

# පාර්ලිමේන්තු සභාවට ඇති බලතල ප්‍රමාණවත් නොවීම ආදී කරුණු වලට විවිධ කණ්ඩායම් විරෝධය පළකර තිබේ.

GevinduKumaසැප්තැම්බර් 12 කැබිනට් මණ්ඩල රැස්වීමට විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඒ පිළිබඳව අදහස් දක්වමින් ඇතැම් කරුණු වලට විරෝධය දක්වා තිබිණි.

කෙසේ වෙතත් යෝජනාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින්ගේ විරෝධයක් තිබී නොමැති නිසා බහුතර සහයෝගය ඇති බව සලකමින් විසිවැනි සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබුණු බව ප්‍රකාශ කර ඇත.

සැප්තැම්බර් 8 වැනිදා පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී 'යුතුකම සංවාද කවයේ' සාමාජිකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග 20වැනි සංශෝධනය පිළිබඳව ආණ්ඩුවේ අනෙකුත් කණ්ඩායම් වල අදහස්වලට ඇහුම්කන් දිය යුතු බව කියා තිබේ.

 ඒ අනුව 20වෙනි සංශෝධනය පිළිබඳව ආණ්ඩුවේ අනෙකුත් සාමාජික පක්ෂවල අදහස් ඉදිරිපත් කිරීම සඳහා සාකච්ඡාවක් ලබා දෙන බව ආණ්ඩුවේ නායකයන් කියා ඇත.



AmarasekaraGද්විත්ව පුරවැසියන්ට තනතුරු එපා! - විගණන කොමිසම අහෝසිය එපා!! - ගුණදාස අමරසේකර ජනපතිට කෙලින්ම කියයි.

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති කරුණු පිළිබඳව විරෝධය පලකොට 'ජාතික සංවිධාන එකමුතුව' සැප්තැම්බර් 09 වැනිදා එහි කැඳවුම්කරු ගුණදාස අමරසේකරගේ අත්සනින් යුතුව ජනාධිපධිපතිවරයාට ලිපියක් යවා ඇත.

 එහි පහත සඳහන් යෝජනා සඳහන් කර ඇත.

# නව පනත් කෙටුම්පතක් ගැසට් කිරීමෙන් පසුව මහජන සංවාදය සඳහා ලක් කිරීමට තිබුණු දින 14 ක කාලය දින දා දින 7 දක්වා අඩු කිරීමේ වරද නිවැරදි කිරීම.

# මහජන සම්මා සංවාදයට ඉඩ අහුරමින් 'හදිසි පනත් සම්මත කිරීමට ඉඩ සලසන ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිපාදනය ඉවත් කිරීම.

# 53 වන වගන්තිය සංශෝධනය කිරීමේ දී හත්වැනි උපලේඛනය ඉවත් කිරීම මගින් නිර්මාණය වී ඇති බෙදුම්වාදයට පක්ෂපාත ප්‍රතිපාදනයන් නිවැරදි කිරීම

# ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු මන්ත්‍රී වැළැක්වීම සඳහා පනවා තිබු බාධකය මහ බැංකු අධිපති, නීතිපති, පොලිස්පති, විගණකාධිපති, හමුදාපතිවරුන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හා අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළත් වන ලෙස නැවත පැනවීම.

# විගණන කොමිසම අහෝසි කිරීමේ වරද සහ යම් රාජ්‍ය ආයතන විගනනයෙන් නිදහස්  කිරීමේ වරද නිවැරදි කිරීම.

 

ජාතික ඒකාබද්ධ කමිටුව:

 වත්මන් ආණ්ඩුවට සහාය දක්වන ජාතික ඒකාබද්ධ කමිටුව නම් සංවිධානය 2020 සැප්තැම්බර් 06 වනදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, 20වැනි සංශෝධනය ඇති ඇතැම් කරුණු වලට විරෝධය දක්වා තිබිණි.

 හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය නියෝජ්‍ය පොලිස්පති කේ.එම්.බී.  කොටකදෙනිය සහ විශ්‍රාමික ලුතිනන් කර්නල් අනිල්  අමරසේකර එම නිවේදනයට අත්සන් කර ඇත.

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හා ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව පැමිණීමට හැකිවන ලෙස ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳව එම සංවිධානය විරෝධය දක්වා තිබේ.

 සංවරණ හා තුලණ  ක්‍රමවේද නොමැතිව 18 වැනි සංශෝධනයෙන් හා  20 වෙනි සංශෝධන කෙටුම්පතෙන් පත් කිරීම්  හා ඉවත් කිරීම් සඳහා ජනාධිපතිවරයාට ලබා දී ඇති අභිමත බලය නුසුදුසු බව එම සංවිධාන පෙන්වා දී ඇත''

(අනිද්දා - උපුටා ගැනීම අවසන්)

 

20 සංශෝධනයේ කර්තෘ අඥාතයි !

 GL Sabry Sagara

මේ අතර හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට කර්තෘ අඥාත මෙම 20 වන ව්‍යවස්ථා ලියවිලිවල කර්තෘවරුන්, නිර්මාතෘවරුන් කවුදැයි රටම දැන ගත යුතුව ඇති බවයි.

1970 න් පසු වසර 50 ක ඉතිහාසයේ පළමු වරට කර්තෘ අඥාත ව්‍යවස්ථා ලියවිල්ල 20 වන ව්‍යවස්ථා සංශෝධනය යි.

''දැන් සතියකට වැඩියි.  රටම බලාගෙන ඉන්නේ මේ ලියවිල්ලේ කර්තෘ සොයා ගැනීමටය.  නිර්මාතෘ සොයා ගැනීමට ය.  කර ගසා ගෙන යන්නෝ සොයා ගැනීමටය.''  කීර්ති තෙන්නකෝන් 'නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියි.

මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමක දී වාර්තා වුයේ 20 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය හොර රහසේම කෙටුම්පත් කර ඇත්තේ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස්, අධිකරණ ඇමති අලි සබ්රි හා 'පොහොට්ටු' පක්ෂයේ මහ ලේකම් නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් විසින් බවයි.

අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් හා පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් බැසිල් රාජපක්ෂගේ අනුගාමිකයින් ලෙස සැලකෙන අතර අධිකරණ ඇමති අලි සබ්රි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විශ්වාසවන්තම කැබිනට් සගයාය.

ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධියට පත්කර තිබෙන 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුල ඇති අඩුපාඩු ගැන අදහස් පල කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්තගෙන් කරුණු විමසීමට එම පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මේවනවිටත් කටයුතු කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත දැඩි මහින්දවාදීයකු ලෙස සැලකෙන අතර කොළඹින් ඔහුව ජයග්‍රහණය කරවීමට අගමැති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ කොළඹ නගරයේ රැස්වීම ගණනාවක් ද ඇමතීය. කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් තරඟ කළ සිය පියා වන අගමැති මහින්ද දිනවීමට දේශපාලන වේදිකාවට ගොඩවූ රෝහිත රාජපක්ෂ මැතිවරණ සමයේ ප්‍රසිද්ධියේ සහය දැක්වූයේ ප්‍රේමනාත් දොලවත්තට ම පමණි.

සබැඳි පුවත් :

20 සංශෝධනයේ කර්තෘ අඥාතයි - රකින්න මුල් ඇවරියේ කවුරුත් නෑ!

හෙට්ටුකිරිම් ඇරඹේ: ශ්‍රීලනිපයෙන් 20ට එකින් එක කොන්දේසි!

ද්විත්ව පුරවැසියන්ට තනතුරු එපා! - විගණන කොමිසම අහෝසිය එපා!! - ගුණදාස අමරසේකර ජනපතිට කෙලින්ම කියයි.

මහින්ද විශ්‍රාම ගැනීමේ සුදානමක නැහැ! - බැසිල්ට අගමැතිකම දෙන කතා බොරු!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්