මෙරට සිසුන්ට වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා මෙතෙක් පිළිගෙන තිබූ රුසියානුවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල තුනක් අනුමත ලේඛනයෙන්

ඉවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් රාජ්‍යතන්ත්‍රීක මට්ටමින් දෙරට අතර මතුව ඇති අර්බුදය දිනෙන් දින වර්ධනය වෙමින් තිබිය දී, වෛද්‍ය සභාවේ සභාපති වෛද්‍ය හරේන්ද්‍ර සිල්වා ඊයේ (සැප්තැම්බර් 11) මාධ්‍යය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ අපුරු කථාවකි.

එනම්, මේ රුසියානු වෛද්‍ය විද්‍යාල අනුමත ලේඛනයෙන් ඉවත්කිරීමට තමන්ට නෛතික බලයක් නොමැති බවයි. එම බලය ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරියට බවත් තමන්ට කළ හැක්කේ අදාල යෝජනා සම්මත කර අමාත්‍යවරියගේ නිර්දේශය පතා යැවීම පමණක් බවත් ඔහු කියා සිටියි.

මේ වනතෙක් අමාත්‍යවරියගේ නිර්දේශය සඳහා එම කමිටු තීරණය යවා නැති බව ද ඔහු පවසයි.

එසේ නම්, 2020 ජූනි 26 වනදා පැවති වෛද්‍ය සභා රැස්වීමේ තීරණයක් අනුව බව පවසමින්, රුසියාවේ ජනතා මිත්‍රත්ව සරසවිය (Peoples' Friendship University of Russia), පිරගොෆ් පර්යේෂණ වෛද්‍ය සරසවිය  (Pirogov Russian National Research Medical University) සහ ත්වේර් රාජ්‍ය වෛද්‍යවිද්‍යා සරසවිය ( Tver State Medical University) මෙතෙක් අනුමැතිය දුන් විදෙස් විශ්ව විද්‍යාල ලැයිස්තුවෙන් ඉවත්කල බව පවසමින් මාස දෙකක් තිස්සේ නැටූ නාටකයේ අර්ථය කුමක්ද?

ඔවුන්ට මෙම විදෙස් විශ්වවිද්‍යාල සෞඛ්‍ය අමාත්‍යවරියගේ අනුමැතියකින් තොරව ඉවත්කිරීමට නීත්‍යානුකූල අයිතියක් නැතිනම් ඔවුන් සිය අභිමතයට අනුව ක්‍රියාකරමින් තමන් විසින් ඒවා ඉවත්කර ඇති බවට පවසමින් මාධ්‍ය හරහා විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්න කළේ කවර පදනමකින්ද ?

''ඔවුන්ට මෙම විදෙස් විශ්වවිද්‍යාල සෞඛ්‍ය අමාත්‍යවරියගේ අනුමැතියකින් තොරව ඉවත්කිරීමට නීත්‍යානුකූල අයිතියක් නැතිනම් ඔවුන් සිය අභිමතයට අනුව ක්‍රියාකරමින් තමන් විසින් ඒවා ඉවත්කර ඇති බවට පවසමින් මාධ්‍ය හරහා විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්න කළේ කවර පදනමකින්ද ?''

 

කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ ප්‍රතිචාරය !

පසුගියදා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීවරයා සඳහන් කරේ මෙම රුසියානු විශ්වවිද්‍යාල ඔවුන් සිය පිළිගත් විශ්වවිද්‍යාල ලේඛණයෙන් ඉවත්කල බවයි. ඊට හේතුව එම විශ්වවිද්‍යාල නියමිත දිනට ලියාපදිංචි නොවීම සහ ප්‍රමිතිගත නොවීම බව ඔහු පවසා තිබුණි.

කොළඹ රුසියානු මධ්‍යස්ථානය (ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශය) වහාම එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම විශ්වවිද්‍යාල නියමිත දිනට අදාල මුදල් ගෙවා ඇති බවත්, ඒවායේ නියෝජිතයින් නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාව සමග සම්බන්ධව සිටි බවත් ය.

එසේම රුසියාවේ විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න කරන්නේ නම් ඊට නිසි පරිදි කරුණු දැක්විය යුතුය. මෙම ගැටුමට හේතු වී ඇති වෛද්‍ය විද්‍යාල අන්තර්ජාතික ශ්‍රේණිගතකිරීම් අනුව ඉහළ ස්ථානයක තිබියදී ඒවා ශ්‍රී ලංකාවේ ළමුන්ට අධ්‍යාපනය ලැබීමට නුසුදුසු වන්නේ කෙසේ ද යන්න අපැහැදිලිය.

523428ef 1be0 4212 acae 08d6f031c79c

 

අභ්‍යන්තර ගැටුමක් ද ? කෙනෙහිලිකමක් ද ?

මේ අනුව වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීවරයා මෙම විශ්වවිද්‍යාල තමන් ඉවත්කල බව පවසද්දී සභාපතිවරයා පවසන්නේ ඉවත්කිරීමට බලයක් නැති බවයි.

කෙසේවුවද සිය වෙබ් අඩවියෙන් ද එම රුසියානු විශ්වවිද්‍යාල ඉවත් කර ඇත. සභාපතිවරයා සහ ලේඛකාධිකාරීවරයා යන අයගෙන් සත්‍යය පවසන්නේ කවරෙක්ද යන්න ගැටළුවකි.

එසේ පැහැදිලි තීරණයක් නොතිබිය දී ශිෂ්‍යත්ව ලැබූ ළමයින්ට සිය විශ්වවිද්‍යාල ඉවත්වූ බව පවසමින් ලිපි පවා යොමුකර තිබුණි.

df08daf3 0f18 4953 b0bf 861be036718f

එම තීරණය තවමත් වලංගු නොවේ නම් එම ලිපි මගින් කර ඇත්තේ එම සිසුන්ගේ අධ්‍යාපන අයිතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ද වේ.

තීරණය ගෙන මාස 02කට අධික කාලයකි. තවම අමාත්‍ය නිර්දේශ සඳහා නොයවා රටම රැවටීමේ අරමුණ කුමක්ද යන්න පැහැදිලි නොවේ.

රුසියානු රජයේ අවශ්‍යතාවය අනවශ්‍ය ගැටුමකට මැදිවීම නොව ශ්‍රී ලාංකීය සිසුන් වෙත මෙතෙක් ලබාදුන් පරිදි අධ්‍යාපන අවස්ථා සලසා දීම බව කොළඹ රුසියානු මධ්‍යස්ථානය පවසයි.

වෛද්‍ය සභාව දිගින් දිගටම සිය අත්තනෝමතික තීරණයෙහි එල්බ සිටී නම් එහි පාඩුව වන්නේ ශ්‍රී ලංකාවට බව ද මෙහිදී සිහිපත් කළ යුතු ය.

ශ්‍රී ලංකාවේ පිළි නොගත්තද මෙසේ ප්‍රශ්නයට තුඩුදුන් විශ්ව විද්‍යාල බොහෝ දියුණු රටවලද පිළිගැනීමට ලක්ව ඇති විශ්වවිද්‍යල වේ.  

එහෙයින් ඒවායේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයන්ට මෙරටට සේවයක් සැලසීමට ඉඩ නොලැබුණ ද වෙනත් රටවලට සේවය සැලසීමට අවස්ථාව ලැබෙනු ඇත.

 

උසස් පෙළ ඉහළ ප්‍රතිඵල ලබාගත් සිසුන්:

2020 වර්ෂය සඳහා රුසියානු රජය මගින් ශිෂ්‍යත්ව පිරිනැමූ සිසුන් උසස් පෙළ විභාගයේ ඉහළ ප්‍රතිඵල ලබාගත් සිසුන් වේ.

එම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේදී රුසියානු අධ්‍යාපන අමාත්‍යංශයේ රුසියානු ශිෂයත්ව සදහා වූ නිල වෙබ් අඩවිය වූ future-in-russia.com වෙබ් අඩවිය ඔස්සේ අයදුම්පත් කැඳවා විධිමත් ක්‍රමවේදයක් යටතේ ප්‍රතිඵල මත පමණක් පදනම්ව මෙම සිසුන් තෝරාගෙන තිබේ.

 අඩු ප්‍රතිඵල සහිත සිසුන්ට මෙම ශිෂ්‍යත්ව ලැබෙන  බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව කොළඹ රුසියානු මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි.

මෙවර තෝරාගත් සිසුන්ගේ ප්‍රතිඵල පහත දැක්වේ.

509c0f1a b729 4c82 8483 941c8ca9f307

 

සබැඳි පුවත් :

ශ්‍රී ලංකාව, රුසියන් උපාධි ප්‍රතික්ෂේප කිරීම නිසා 'කුරුමිනියා' අයෙත් එන අනතුරක්!  

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තීරණය අපට කළ බරපතල අවමානයක් - රුසියාවෙන් දැනුම්දීමක්!

වෛද්‍ය සභාවේ කෝන්තරයක් නිසා රුසියානු පුර්ණ ශිෂ්‍යත්ව 40 ක් අහිමි වේ!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්