සැප්තැම්බර් 02 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු ගැසට් කරන ලද 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය

අධ්‍යයනය කිරීම සඳහා අගමැතිවරයා විසින් විශේෂ කමිටුවක් පත්කර ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

එමගින් කෙටුම්පතේ අඩුපාඩු සකස් කොට යළි ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඔහු කියයි.

පාදුක්ක ප්‍රදේශයේ දී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

සාමාජිකයින් 06 දෙනෙකුගෙන් යුත් එම කමිටුව ලබන සඳුදා රැස්වීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.

එහිදි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, අදාල කෙටුම්පතේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කණස්සල්ලට හේතු වු කරුණු ද තිබු බවත්, එම නිසා නියම විදිහට 20 වැනි සංශෝධනය සැකසු පසු 2/3ක සහයෝගය ගැනීමට හැකි බවත්ය.

අගමැති කාර්යාලයේ නිවේදනය

අගමැතිවරයා විසින් මෙවැනි කමිටුවක් පත්කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ හා බැසිල් රාජපක්ෂගේ උපදේශකයින් කිහිප දෙනෙකු විසින් කෙටුම්පත්කර ඇති අදාල 20 වන ව්‍යවස්ථා යෝජනාවලියෙන් අගමැතිවරයා 'නිකමෙකු' කර ඇතැයි 'මහින්දවාදීන්' ගෙන් බරපතල විවේචනයක් එල්ල වෙමින් තිබිය දිය.

දැනට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි බරපතල ගැටලු කීපයක් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ පැවසිය.

තමන්ද ඇතුළු ආණ්ඩුවේ පක්ෂ නායකයන් විසින් ඒ බව අගමැති මහින්ද රාජපක්ෂට දැනුවත් කළ බව ද ඔහු සඳහන් කළේය.

ඒ අනුව මෙම කෙටුම්පත සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ නිර්දේශ ලැබෙන තුරු දැනට ගැසට් කර ඇති විසිවෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවත් ඔහු අවධාරණය කර සිටියේය.

අදාල කමිටුවේ නිර්දේශ මත නව ගැසට් පත්‍රයක් ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදු වන බවද ඇමැතිවරයා පැවැසුවේය.

දැනට ඉදිරිපත් වී ඇති පනත් කෙටුම්පතට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද කනස්සල්ල පල කර ඇති බවත් ඒවා නිවැරදි කරගෙන ඉදිරිපත් කළ පසු තුනෙන් දෙකක බහුතර ලබා ගැනීම කිසිදු ගැටලුවක් ඇති නොවනු ඇති බවච ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.

විසි වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂයේ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් එල්ලවී ඇති චෝදනා හමුවේ ඔවුන්ගේ අදහස් ද ලබාගනිමින් පුළුල් සමාලෝචනයක් සිදු කිරීමට අගමැති මහින්ද රාජපක්‍ෂ තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක කොළඹ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මිට ඉහත දී ප්‍රකාශ කර තිබිණ.

 

මහින්ද විශ්‍රාම ගැන්වීමේ මාධ්‍ය කුමන්ත්‍රණය!

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලට අනුව 20 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය හොර රහසේම කෙටුම්පත් කර ඇත්තේ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස්, අධිකරණ ඇමති අලි සබ්රි හා 'පොහොට්ටු' පක්ෂයේ මහ ලේකම් නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් විසිනි.

එහිදී මහින්ද රාජපක්ෂ නාමමත්‍රීක අගමැතිවරයකු බවට පත්කිරීමට යෝජනා කර ඇත්තේ ඔහු ළඟදීම අගමැති තනතුරින් විශ්‍රාම ගැනීමට නියමිත බවට මාධ්‍ය හරහා සියුම් අකාරයෙන් ජනමතයක් ගොඩනගමිනි. එහිදී අගමැතිවරයා අසනීප තත්වයෙන් පසුවන බව හැඟවීමට රජයේ රුපවාහිනී නාලිකාවක් ද කටයුතු කර තිබු ආකාරය 'ඇටමැස්සා' පසුගියදා සටහන කර තිබුනේ, ''ITN සභාපති ගෙන් අගමැති ට වෙට්ටුවක් ! '' යන ශීර්ෂයෙන් යුතුවය.

සබැඳි පුවත් :

විස්සේ 'ගේම් ප්ලෑන්' ගැන අගමැති සෙවිල්ලෙන්: පුළුල් සමාලෝචනයකට තීරණයක්! 

මහින්ද විශ්‍රාම ගැනීමේ සුදානමක නැහැ! - බැසිල්ට අගමැතිකම දෙන කතා බොරු! 

ජේ.ආර්. ට එහා ගිය ජී. ආර්. - අගමැති 'නිකමෙක්' කරයි ! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්