යහපාලනය ගෙන ආ 19 ව්‍යවස්ථා සංශෝධනයේ මෙන්ම 20 වන සංශෝධනයේ ද විශේෂම ඉලක්ක වී ඇත්තේ තමා බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි. 

සති අන්ත ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතක දේශපාලන තිරයේ අගමැතිවරයා එසේ ප්‍රකාශ කලබවට පළවූ වාර්තාවක් උපුටා දක්වමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය නිකුත්කර ඇති ට්විටර් පණිවිඩයක සඳහන් වේ.

“19 & 20 Amendments to the constitution  are aimed at the Rajapaksas, most importantly me.” - PM  Mahinda Rajapaksa @PresRajapaksa
 (Sunday Times political gossip)

Screen Shot 2020 09 14 at 12.00.36 AMයහපාලන ආණ්ඩුව 19 ව්‍යවස්ථා සංශෝධනයට ඇතැම් වගන්ති එක්කර තිබුනේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ සාමාජිකයින් දේශපාලනයෙන් ඉවත් කරලීම බව සඳහා බව බොහෝ දේශපාලන විචාරකයින් මිට ඉහත දී ද චෝදනා කර තිබිණ.

එසේම, මෙවර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකයින් 20 ව්‍යවස්ථා සංශෝධන යෝජනා ගෙනවිත් ඇත්තේ, අගමැති මහින්ද රාජපක්ෂ දේශපාලනික වශයෙන් 'නිකමෙකු' කර ජනාධිපතිවරයාට පුර්ණ විධායක බලය ලබාගැනීම සඳහා බවට ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම චෝදනා එල්ල වෙමින් තිබේ.

ජනාධිපතිවරයාට වසරක් තුලදී පාර්ලිමේන්තුව විසුරුවා හැර අගමැති නෙරපීම ඇතුළු පුර්ණ විධායක බලතල යලිත් 20 වන සංශෝධන කෙටුම්පතින් යෝජනා කර ඇත.

ඒ සම්බන්ධයෙන් පුවත් පළකර ඇති ආණ්ඩුවට පක්ෂපාති සමාජ මාධ්‍ය පවා වාර්තා කරන්නේ, '20 අප්පොච්චා ඇමති ජී.එල්. පීරිස් බවයි.

 ආණ්ඩුවට පක්ෂපාති ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ 20 වන සංශෝධනයේ මහ මොලකරු ජනාධිපති ගෝඨාභයගේ විශ්වාසවන්තම කැබිනට්‍ සගයා වන අධිකරණ ඇමති අලි සබ්රි බවයි.

එහෙත් ඔවුන් දෙදෙනාම 20 වන සංශෝධයේ වගකීම බාරගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා මේවනවිට 20 අවජාතක වී තිබේ.

''මම ඕවට නැහැ ..'' - ඇමති ජී.එල්.

Cnews 14
විසිවෙනි ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සකස් කරන ලද්දේ ආණ්ඩුව විසින් සාමූහිකව බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සඳහන් කරයි.

උත්සවයකින් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඔහු ඒ බව පැවසීය.

ව්‍යවස්ථාවක් තනි පුද්ගලයෙකු විසින් සකස් කළේ යැයි නමක් සඳහන් කිරීම සුදුසු නැති බවත් මෙරට කිසිම ව්‍යවස්ථාවක් තනි පුද්ගලයෙකු හැදූ බවක් තමන් විශ්වාස නොකරන බවද ඔහු එහිදී කියා සිටියේය.

කිසිම රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තනි පුද්ගලයකු නොහැදු බවත් එය සාමූහික ක්‍රියාවලියක් බවත් ඔහු සඳහන් කළේය.

එය තනි පුද්ගලයෙකුට කළ නොහැකි වන බවත් තනි පුද්ගලයෙක් විසින් කළ යුතු වැඩකුත් නොවන බවත් ඔහු අවධාරණය කර සිටියේය.

අද පවතින ව්‍යවස්ථාව ද ජේ.ආර්. ජයවර්ධන තනියම හැදු දෙයක් නොවන බවද පැවසූ ඔහු වත්මන් ආණ්ඩුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වරමක් දී තිබිය දී ඇති විට කිසි ප්‍රහේලිකාවක් නැතැයි ද පැවසිය.


 ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 20 ට කොන්දේසි දමයි!

Screen Shot 2020 09 13 at 11.59.43 PM

මේ අතර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක් විසින්ම යෝජනා කර ඇත්තේ, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් එක් කළ යුතු බවටයි. 

එම සංශෝධන ඇතුලත් නොවන්නේ නම් පනතට සහාය දීම ගැන නැවත සලකා බැලීමට සිදුවන බව රජයේ හවුල්කාර පක්ෂයක නායකයෙකු විසින් සති අන්ත පුවත්පතකට කර සඳහන් කර තිබේ.

කැබිනට් මණ්ඩලය 30කට සීමා කිරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනයට ඉඩ නොදීම, ජාතික විගණන කොමිසම ස්ථාපිත කිරීම යන වගන්ති නැවත ඇතුළු කිරීම එම යෝජනා තුනයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති සහ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ සමගින් සාකච්ඡා කරන බවද ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.


සබැඳි පුවත් :

20 වැනි සංශෝධනය අවජාතක වෙයි : ''අපි දන්නේ නැහැ''- අලි සබ්‍රි හා ජී.එල්. කියති

අගමැති 'නිකමෙකු කරන' ජී.ආර්. ගේ 20 ගැන සොයන්න අගමැතිගෙන් කමිටුවක්!

විස්සේ 'ගේම් ප්ලෑන්' ගැන අගමැති සෙවිල්ලෙන්: පුළුල් සමාලෝචනයකට තීරණයක්!

මහින්ද විශ්‍රාම ගැනීමේ සුදානමක නැහැ! - බැසිල්ට අගමැතිකම දෙන කතා බොරු! 

ජේ.ආර්. ට එහා ගිය ජී. ආර්. - අගමැති 'නිකමෙක්' කරයි ! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image