අගමැති මහින්ද රාජපක්ෂ 'දේශපාලන පඹයකු' කිරීමේ අරමුණින් ගෙන ආ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියට

තමන්ගේ සම්බන්ධයක් නැතැයි මහාචාර්ය ජී. එල්. පිරිස් හා ජනාධිපතිවරයාගේ විශ්වාසවන්තම කැබිනට් සගයා වන අලි සබ්රි දස අතේ දිව්රද්දී, එහි වගකීම කීර්තිමත් නීති විශාරදයකු වන ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මත පටවා ඇඟ බේරා ගැනීමට ආණ්ඩුවේ කිහිප දෙනෙකු කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

යහපාලන ආණ්ඩුව පැවති සමයේ දී තමාට එරෙහිව පැවති නඩු වෙනුවෙන් අධිකරණය හමුවේ නොමිලේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණ ඇමති ධුරයට පත්කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, එවැනි නඩු වෙනුවෙන් නොමිලේම ඉදිරිපත්වූ තවත් ජනාධිපති නීතිඥයෙකු වන රොමේෂ් ද සිල්වා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා වූ විශේෂඥ කමිටුවේ සභාපති ලෙස පත්කර ඇත.

වඩාත් බලතල සහිත විධායක ජනාධිපති ධුරයක් යලි ඇතිකර ගැනීම සඳහා පත්කල එම කමිටුවේ සාමාජිකයින් මෙසේය.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා   

ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා    

ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන    

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන    

ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ    

මහාචාර්ය නදීමා කමුර්දීන්    

මහාචාර්ය ජී.එච් පීරිස්    

මහචාර්ය වසන්ත සෙනෙවිරත්න    

ආචාර්ය ඒ. සර්වේෂ්වරන්

කෙසේවුවද පසුගියදා කැබිනට් මණ්ඩලයේ දී ඇතැමුන්ගේ විරෝධතා හමුවේ සම්මතකර ගත් 20 වන සංශෝධනයට එම කමිටු සාමාජිකයින්ගේ හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයින්ගේ දායකත්වයක් ලබාගෙන ඇති බවක් මෙතෙක් වාර්තා වී නොමැත.

එම තත්වය තුළ මේවනවිට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් බහුතරයකගේ මතය වී ඇත්තේ, ආණ්ඩුවේ විශේෂයෙන්ම ජනාධිපතිගේ ප්‍රතිරූපයට හානි කිරීම සදහා කොතැනින් හෝ කුමන්ත්‍රණයක් සිදු වී ඇති බවයි.  

ඊට වගකිව යුත්තේ කව්රුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මාධ්‍ය ප්‍රධානින් කිහිප දෙනෙකුට ද ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කළේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ බරපතළ සංවාදයක් මේ වනවිට මතුව ඇති බවක් දැනගන්නට ඇත.

20 cake

මේ අතර 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය FB පිටුවේ පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.

 

Uvindu Kurukulasuriya

''අර විස්සෙ කෑල්ල හදල තියෙන්නෙ ලසන්ත ඉන්න කොට ලසන්ත වෙනුවෙන් ඉඳල, ලසන්ත මැරුවට පස්සෙ ඒ කේස් එකටම ගෝට වෙනුවෙන් පෙනී හිටපු ආචාරධර්මයක් දන්නෙ නැති ලෝයර් ලු.

ලෝඩර් ටීවී ඉන්ටර්වීව් එකකදි කිව්ව විදියට, ගෝටව එයා ලඟට ගෙනිච්චම, එයා පුටුවෙන් නැගිටල ගෝට එක්ක විනාඩි පහක් කතාකරකර ගෝටව වර්ණනා කරාලු.

ජීඇල් ඒක එයාට හදන්න දුන්නට අප්සෙට්ලු. ජීඇල්ගෙ හැටි දන්නවනෙ, කදිරගාම එක්කත් කේස් දාගෙනනෙ හිටියෙ. සංසාරේ!''  

 ජනපති 'වියත්මග' බලමුළු ගන්වයි !

මේ අතර ජනාධිපතිවරයා ඔහු සභාපතිවය දරන 'වියත්මග' ක්‍රියාකාරීන් හමුවී, රජයේ ඉදිරි ගමනට සහාය වන්නැයි ඉල්ලීමක් කර ඇත.

ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ”වියත්මග” සභාපතිවරයා ලෙස ඇතුල්කෝට්ටේ වියත්මග කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පළමු වරට එම සංවිධානයේ සාමාජිකයන් හමුවෙමින් ජනාධිපතිවරයා එම ඉල්ලීම සිදු කරනු ලැබුවේ ආණ්ඩුවේ අභ්‍යන්තරයෙන් ඔහුට හා වියත්මග සංවිධානයට එල්ල වෙමින් පවතින විරෝධය හමුවේය.

 දේශපාලන අධිකාරිය මැදිහත් විය යුතු තැන් හඳුනාගෙන ඊට සම්බන්ධ නොවී රටේ ඉදිරි ගමන වෙනුවෙන් සැලසුම් හා ප්‍රතිපත්ති සැකසීමේ වගකීම ”වියත්මග” ඉදිරියේ ඇති බව ජනාධිපතිවරයා මෙම රැස්වීමේදී පෙන්වා දී ඇත.

”වියත්මග” විවිධ ක්‍ෂේත්‍ර ඇතුළත් පුළුල් පරාසයක විහිදුණු, උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් සහ ව්‍යවසායකයන්ගෙන් සැදුම්ලත් සංවිධානයකි.

 2016 වසරේ අප්‍රේල් මස 04 දින ඇරඹි ”වියත්මග” ක්‍රියාකාරීත්වය ජනතාවගේ දේශපාලන සමාජ චින්තනයේ ගැඹුරු වෙනසක් ඇතිකිරීමට සමත් විය.

VIyathmaga.first day 1වියත්මග ආරම්භක සාමාජිකයින් පිරිස ...(2016 අප්‍රේල් 04)

 

 

සබැඳි පුවත් :

'19 වගේම 20 ගෙනාවෙත් මහින්දට කෙලින්න ද ? - අගමැතිගෙන් බරපතල ප්‍රකාශයක් !

20 වැනි සංශෝධනය අවජාතක වෙයි : ''අපි දන්නේ නැහැ''- අලි සබ්‍රි හා ජී.එල්. කියති

අගමැති 'නිකමෙකු කරන' ජී.ආර්. ගේ 20 ගැන සොයන්න අගමැතිගෙන් කමිටුවක්!

විස්සේ 'ගේම් ප්ලෑන්' ගැන අගමැති සෙවිල්ලෙන්: පුළුල් සමාලෝචනයකට තීරණයක්!

මහින්ද විශ්‍රාම ගැනීමේ සුදානමක නැහැ! - බැසිල්ට අගමැතිකම දෙන කතා බොරු! 

ජේ.ආර්. ට එහා ගිය ජී. ආර්. - අගමැති 'නිකමෙක්' කරයි ! 

මම මහින්ද හරිය...? - ඇට මැස්සා (13)

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්