ආයෝජන ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජය දේශීය සහ විදේශීය සමාගම්වලට තීරු බදු සහන ලබාදී තිබේ. එම තීරු බදු සහනය අවභාවිත කරමින් තීරු බදු සහන නොමැති සමාගම්වලට එම වරප්‍රසාද ලබාදෙන්නේ නම්

එයින් රටට සිදුවෙන්නේ මූල්‍ය පාඩුවකි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි කොළඹ ඩොක්යාර්ඞ් සමාගමද එවැනි තීරුබදු සහන හිමි සමාගමකි. 

මෙහි කොටස් සංයුතිය එන්නේ ජපානයේ Onimichi Dockyard Company Ltd ආයතනයට 51%ක් සහ ඉතිරිය ශ්‍රී ලංකා ආණ්ඩුවේ සේවක අර්ථසාධක අරමුදල ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සේවක භාරකාර මණ්ඩලය, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ලංකා බැංකුව යන ආයතන සහ වෙනත් පෞද්ගලික ආයතනවලටය. 

මේ අනුව කොළඹ ඩොක්යාර්ඞ් සමාගම තනිකරම ජපානය සතු ආයතනයක් නොවන අතර එය ශ්‍රී ලංකා රජයේ සහ තවත් පෞද්ගලික ආයතනවලට කොටස් හිමි ආයතනයක් වේ. කොළඹ ඩොක්යාර්ඞ් ආයතනය නැව් නිෂ්පාදනය කිරීම හා ප්‍රතිසංස්කරණ කරනු ලබන ජාත්‍යන්තර කීර්තියට පත් ආයතනයක් ද වේ.

''කොළඹ ඩොක්යාර්ඞ් සමාගම තනිකරම ජපානය සතු ආයතනයක් නොවන අතර එය ශ්‍රී ලංකා රජයේ සහ තවත් පෞද්ගලික ආයතනවලට කොටස් හිමි ආයතනයක් වේ. කොළඹ ඩොක්යාර්ඞ් ආයතනය නැව් නිෂ්පාදනය කිරීම හා ප්‍රතිසංස්කරණ කරනු ලබන ජාත්‍යන්තර කීර්තියට පත් ආයතනයක් ද වේ.''

කලින්ද සඳහන් කළ පරිදි මෙම ආයතනය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගමක් බැවින් ශ්‍රී ලංකා රජය විසින් මෙම සමාගම විසින් ආනයන සහ අපනයන කරනු ලබන භාණ්ඩ සඳහා තීරු බදු සහන වරප්‍රසාදය ලබාදී තිබේ. 

කොළඹ ඩොක්යාර්ඞ් ආයතනය විසින් M/S SR Steel (Pvt) Ltd නමැති සමාගමට මෙම තීරුබදු සහන වරප්‍රසාදය මුළුමනින්ම හිමිකර දී තිබේ.

දැවැන්ත මූල්‍ය පාඩුවක්:

මේ ක්‍රියාවලිය නිසා කොළඹ ඩොක්යාර්ඞ් සමාගම ශ්‍රී ලංකා රජයට අහිමි කර ඇති මූල්‍ය අලාභය දැවැන්ත වූවකි. 
එය සිදුව ඇත්තේ මෙලෙසය.

 නැව් නිෂ්පාදනය සඳහා කොළඹ ඩොක්යාර්ඞ් සමාගම ආනයනය කරනු ලබන වානේ භාවිත කර ඉවත් වන කොටස් අපනයනය කරනු ලබයි. 

ඒ සඳහා තීරුබදු සහන හිමිවේ. මෙම බලපත්‍රය හිමිව ඇත්තේ කොළඹ ඩොක්යාර්ඞ් සමාගමටය.

නැව් නිෂ්පාදනය සඳහා කොළඹ ඩොක්යාර්ඞ් සමාගම ආනයනය කරනු ලබන වානේ භාවිත කර ඉවත් වන කොටස් අපනයනය කරනු ලබයි. ඒ සඳහා තීරුබදු සහන හිමිවේ. මෙම බලපත්‍රය හිමිව ඇත්තේ කොළඹ ඩොක්යාර්ඞ් සමාගමටය.

සිතාමතාම සිදුකරන ලද වංචාවක් !

2016, 2017, 2018 යන වර්ෂවල මෙම යකඩ කොළඹ ඩොක්යාර්ඞ් සමාගම විසින් වෙන්දේසියේ විකුණා ඇත. එයද සිදුකර ඇත්තේ ප්‍රසිද්ධ වෙන්දේසියේ නොවේ. 

ශ්‍රී ලංකාවේ සමාගමක් වන M/S SR steel (Pvt) Ltd සමාගමටය. මෙම සමාගම විසින් එසේ කොළඹ ඩොක්යාර්ඞ් සමාගම වෙතින් මිලදී ගන්නා ලද යකඩ ඉන්දියාව වෙත අපනයනය කර ඇත්තේ කොළඹ ඩොක්යාර්ඞ් සමාගම නමින්මය. 

එසේ වූ විට අනිවාර්යයෙන්ම මෙම තීරුබදු සහනය හිමි වේ. 

මෙය කොළඹ ඩොක්යාර්ඞ් සමාගම විසින් සිතාමතාම සිදුකරන ලද වංචාවකි. 

ඒ මන්දයත් වෙන්දේසියෙන් අබලි යකඩ SR Steel සමාගමට අලෙවි කළේ නම් නැවත ඩොක්යාඞ් සමාගම නමින්ම අපනයනය කිරීමට කිසිදු හේතුවක් නොවන බැවිනි. 

එසේ කර ඇත්තේ තීරුබදු සහනය ලබාගනිමින් එහි වාසිය ලබාගැනීමටය. එය බරපතළ වංචාවකි. 

මෙම තීරුබදු වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් පරීක්ෂණයක් සිදුකරමින් පවතී. 

එම පරීක්ෂණය මින් වසර දෙකකට කලින් සිදුවූවක් වුවද කිසියම් හේතුවක් නිසා යටපත්ව තිබී දැන් නැවත ක්‍රියාත්මක තත්ත්වයේ පවතින බවද කිව යුතුය. 

එසේ රේගු පරීක්ෂණය යටපත් වූයේ ඇයිද යන්න ගැනද වෙනමම සොයා බැලිය යුතුම කාරණයකි. 

එසේම මෙම යකඩ අපනයනයේදී රේගුව පාර්ශ්වයෙන් කිසියම් සහයෝගයක් ලැබී ඇත්දැයි යන්නද සොයා බැලිය යුතුය.


එසේ රේගු පරීක්ෂණය යටපත් වූයේ ඇයිද යන්න ගැනද වෙනමම සොයා බැලිය යුතුම කාරණයකි. එසේම මෙම යකඩ අපනයනයේදී රේගුව පාර්ශ්වයෙන් කිසියම් සහයෝගයක් ලැබී ඇත්දැයි යන්නද සොයා බැලිය යුතුය.

රේගු පරීක්ෂණය:

නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඩී.ජේ. පුෂ්පකුමාර විසින් මෙම වංචාව සම්බන්ධයෙන් සිදුකර ඇති පරීක්ෂණයේදී 28/08/2020 දාතමින් යුතුව නිකුත් කර ඇති පරීක්ෂණ වාර්තාවට අනුව සිද්ධිය පිළිබඳව දක්වා ඇති සංක්ෂිප්ත වාර්තාවේ තොරතුරු මෙලෙසය.

කොළඹ ඩොක්යාර්ඞ් සමාගම ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය යටතේ ලියාපදිංචි සමාගමක් වන අතර තීරු බදු සහන යටතේ ගෙන්වන ලද භාණ්ඩ දේශීය සමාගමකට විකුණා ඇති බව සැක කරමින් මෙම පරීක්ෂණය ආරම්භ කරන ලදි.

කොළඹ ඩොක්යාර්ඞ් භාවිතයට ගෙන ඉතිරි වන යකඩ සුන්බුන් දේශීය හා අපනයන වෙළෙඳපොළට විකුණා ඇති බවත් හෙළිකරගෙන ඇත. 

මෙම යකඩවලට ලංසු තබා ඇති M/S SR Steel සමාගම විසින් එම යකඩ ඉන්දියාවේ M/S Kevin Steel Pvt Ltd වෙත අපනයනය කර ඇත.

 කෙසේ වෙතත් මෙම යකඩ සුන්බුන් ඉන්දියාවට අපනයනය කර ඇත්තේ කොළඹ ඩොක්යාර්ඞ් සමාගම නමින් මිස SR Steel සමාගම නමින් නොවේ. එසේ කර ඇත්තේ රේගු බදු සහ වෙනත් බදු ගෙවීමෙන් වැළකී සිටීමටය.


 ''කෙසේ වෙතත් මෙම යකඩ සුන්බුන් ඉන්දියාවට අපනයනය කර ඇත්තේ කොළඹ ඩොක්යාර්ඞ් සමාගම නමින් මිස SR Steel සමාගම නමින් නොවේ. එසේ කර ඇත්තේ රේගු බදු සහ වෙනත් බදු ගෙවීමෙන් වැළකී සිටීමටය.''

මෙම වාර්තාවේ තොරතුරු අනුව පැහැදිලි වන සුවිශේෂ කරුණක් වේ. එය නම් මේ යකඩ සඳහා වන ගෙවීම් ඉන්දියාවේ Kevin Steel සමාගම වෙතින් ලබාගන්නා ලෙස ශ්‍රී ලංකාවේ SR Steel සමාගම කොළඹ ඩොක්යාර්ඞ් ආයතනයෙන් ඉල්ලා ඇති බවය. 

මෙය අරුම පුදුමය එනම් ප්‍රසිද්ධ ටෙන්ඩර් ප්‍රදානයකින් තොරව කොළඹ ඩොක්යාර්ඞ් ආයතනයෙන් සුන්බුන් යකඩ මිලදී ගන්නා SR Steel සමාගම ඒවා ඩොක්යාර්ඞ් ආයතනය නමින්ම ඉන්දියාවට අපනයනය කරවා ඒ සඳහා වන මුදල් ඉන්දියාවේ Kevin Steel සමාගමෙන් ලබාගන්නා ලෙස කරනු ලබන ඉල්ලීමය. 

ඒ අනුව මෙය තුළ විශාල අබිරහසක්ද පවතින බව පැහැදිලිවම පෙනේ. 

එනම් කොළඹ ඩොක්යාර්ඞ් සමාගමට SR Steel සමාගම සම්බන්ධ කර නොගෙන ඍජුවම ඉන්දියාවේ Kevin Steel සමාගමට මේ යකඩ අපනයනය කළ නොහැකිව තිබුණේද යන්නය.


කෙසේ වුවත් මෙම පරීක්ෂණ වාර්තාව අනුව කොළඹ ඩොක්යාර්ඞ් සමාගම විසින් සිය යකඩ SR Steel සමාගමට අලෙවි කර ඉන්වොයිසියද නිකුත් කර ඇති බව සඳහන්ය. 

මෙම අපනයනයේදී රේගුවට පමණක් සිදුකර ඇති වංචාව රුපියල් (13713980) එක් කෝටි තිස් හත් ලක්ෂ දහතුන් දහස් නවසිය අසූවක් ලෙස ගණනය කර තිබේ.

''මෙම අපනයනයේදී රේගුවට පමණක් සිදුකර ඇති වංචාව රුපියල් (13713980) එක් කෝටි තිස් හත් ලක්ෂ දහතුන් දහස් නවසිය අසූවක් ලෙස ගණනය කර තිබේ.''

කොළේ වහලා ගැසීම:


 දැනගන්නට ඇති තොරතුරු අනුව මෙම යකඩ අලෙවිය සම්බන්ධයෙන් ටෙන්ඩර් කැඳවා ඇත්තේ 2018 වසරේදී පමණි. 

ඉන් පෙර වසර දෙකේදී එසේ නොකර SR Steel සමාගමට යකඩ විකුණා ඇත. 

2018 වසරේදී මෙම යකඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් කොළඹ ඩොක්යාර්ඞ් ආයතනය පුවත්පත් දැන්වීම් පළකරමින් ටෙන්ඩර් කැඳවා තිබීම එයට අනුව වෙන්දේසි කරනු ලබන යකඩ වර්ග දෙකකි.

 ඉන් පළමුවැන්න අපනයනය සඳහා වන ඒවාය.

ඒ සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කරන්නවුන්ට යකඩ අපනයනය සඳහා අපනයන බලපත්‍රයක් තිබිය යුතු වීම එක් කොන්දේසියකි. 

දෙවැන්න දේශීය වෙළෙඳපොළ සඳහා අලෙවි කරන යකඩය. 

මෙසේ යකඩ අලෙවියේදී අපනයන බලපත්‍ර හිමියන් පමණක් ටෙන්ඩර් ඉදිරිපත් කළ යුතුය යන කොන්දේසිය දැමීමෙන් දේශීය වශයෙන් ඉල්ලීම් කරනු ලබන බොහෝ ව්‍යාපාරිකයන් එම ටෙන්ඩරයෙන් ඉවත් වේ.

 එවිට ඉතා පහළ මිල ගණන් ඉදිරිපත් කර SR Steel ආයතනයට එම යකඩ මිලදී ගත හැකිවීමට ඉඩ සලසා තිබේ. 

එය තහවුරු වන්නේ එම වසරේද යකඩ (සැබැවින්ම මේ යකඩ නොව වානේය. 

ඒ බව කොළඹ ඩොක්යාර්ඞ් ආයතනය පළ කළ පුවත්පත් දැන්වීමේ පැහැදිලිව සඳහන්ය. (Sales of Steel SCRAP) එනිසා එහි මිල යකඩවලට වඩා වැඩිවිය යුතුය. 

ශ්‍රී ලංකා රේගුව විසින් සිදුකරන ලද විමර්ශනය අනුව ඔවුන්ට අයකරගත හැක්කේ එසේ වංචාසහගතව අපනයනය කරනු ලබන වානේ සඳහා වන රේගු ගාස්තු පමණකි. එහෙත් මෙම ගනුදෙනුව දෙස බලද්දී ඊට වඩා එපිටට ගිය දැවැන්ත මූල්‍ය වංචාවක් මෙන්ම අපරාධයක්ද තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට ඇත.


''ශ්‍රී ලංකා රේගුව විසින් සිදුකරන ලද විමර්ශනය අනුව ඔවුන්ට අයකරගත හැක්කේ එසේ වංචාසහගතව අපනයනය කරනු ලබන වානේ සඳහා වන රේගු ගාස්තු පමණකි. එහෙත් මෙම ගනුදෙනුව දෙස බලද්දී ඊට වඩා එපිටට ගිය දැවැන්ත මූල්‍ය වංචාවක් මෙන්ම අපරාධයක්ද තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට ඇත.''

ඩොක්යාර්ඞ් ආයතනයේ අභ්‍යන්තර තොරතුරුවලින් දැනගන්නට තිබෙන ආකාරයට 2016 වසරේදී ඩොක්යාර්ඞ් ආයතනය නමින් තීරුබදු රහිතව ඉන්දියාවට අපනයනය කර ඇති වානේ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2684.38කි. 

2017 වසරේදී මෙට්‍රික් ටොන් 2474.36කි. 

2018දී මෙට්‍රික් ටොන් 1436.3කි. මේ 

වානේ වෙනුවෙන් ගෙවා ඇති මිල ගණන් මෙලෙසය. 

2016 ජනවාරි මාර්තු ටොන් එකක් සඳහා ඇ.ඩො. 170කි. අ

ප්‍රේල් සිට 2017 සැප්තැම්බර් ටොන් එකක් සඳහා ඇ.ඩො. 150කි. 

2018 පෙබරවාරි සිට 2018 ජූනි දක්වා ඇ.ඩො. 200කි. 2018 ජූනි සිට ඇ.ඩො. 271කි. 

එහෙත් මේ කාලවකවානුව තුළ ඉන්දියාවේ යකඩ මිලදී ගැනීම් සම්බන්ධ තොරතුරු ගැන අන්තර්ජාලයේ කළ පරීක්ෂාවකදී හෙළිවූයේ මේ කාලවකවානු තුළ එහි යකඩ මිලදී ගන්නා මිල මෙයට වඩා හාත්පසින්ම ඉහළ මිලක් පැවතී ඇති බවය. 

ඒ අනුව 2016 වසරේදී සමස්තයක් ලෙසින් ඉන්දියාවේ ගැනුම් මිල ඇ.ඩො. 263ක්ද, 2017දී ඇ.ඩො. 309ක්ද, 2018දී ඇ.ඩො. 385ක්ද වශයෙන් පැවතී ඇත.

කෝටි ගණනක අලාභය:
''මේ අනුව මෙම ගනුදෙනුවලින් කොළඹ ඩොක්යාර්ඞ් ආයතනයට ලැබී ඇති සමස්ත පාඩුව රුපියල් 141,178,734.22කි. එනම් දාහතර කෝටි එකොළොස් ලක්ෂ හැත්තෑ අටදහස් හත්සිය තිස් හතරයි ශත විසි දෙකක් පමණ වේ.''

මේ අනුව දළ වශයෙන් ගණන් බැලුවහොත් කොළඹ ඩොක්යාර්ඞ් ආයතනයට 2016, 2017, 2018 යන වසරවලදී යකඩ (වානේ) අලෙවියෙන් දළ වශයෙන් ලබා ඇති පාඩුව මෙලෙස දැක්විය හැකිය. 

එනම් 2016 රුපියල් 42,269,047.38කි. මෙම වකවානුවේ ඇ. ඩොලරයක වටිනාකම රුපියල් 147 ලෙස සලකා ඇත. 

2017 වසරේ පාඩුව රුපියල් 58,545,738.20කි. මෙම වකවානුවේ ඇමරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 155ක් සේ සලකා ඇත. 

2018 වසරේදී පාඩුව 40,363,948.64කි. මෙම වකවානුවේ ඇ. ඩොලරයක මිල රුපියල් 172ක් ලෙස සලකා ඇත. 

මේ අනුව මෙම ගනුදෙනුවලින් කොළඹ ඩොක්යාර්ඞ් ආයතනයට ලැබී ඇති සමස්ත පාඩුව රුපියල් 141,178,734.22කි. එනම් දාහතර කෝටි එකොළොස් ලක්ෂ හැත්තෑ අටදහස් හත්සිය තිස් හතරයි ශත විසි දෙකක් පමණ වේ.

මීට පෙරද සඳහන් කළ පරිදි කොළඹ ඩොක්යාර්ඞ් සමාගම යනු ජාත්‍යන්තර කීර්තියට පත් ආයතනයකි. මේ වනවිටත් එහි අලුතින් නැව් නිෂ්පාදනය කරනු ලබයි. එයට අමතරව නැව් අලුත්වැඩියා කෙරෙයි. 

මෙමගින් ශ්‍රී ලංකා රජයට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයද විශාල වූවකි. 

එක් ආයතනයක් ලෙසින් සලකා බැලුවහොත් (එනම් එවැනි ආයතන දහස් ගණනකින්) වාර්ෂිකව දළ ජාතික නිෂ්පාදනයට ලැබෙන දායකත්වය 2%ක් පමණය. එවැනි ආයතනයක් මේ වනවිට පවත්වාගෙන යන්නේ පාඩු සහිතවය. 

මේ හෙළිදරව් වී ඇත්තේ මෙම ආයතනයේ අනාවරණය වූ එක් වංචාවක් පමණි. තව කොතෙක් සිදුවේද යන්න සිතාගත හැකිය. එවැනි තත්ත්වයක් තුළ පාඩු සිදුවීම අරුමයක්ද නොවේ.

''මේ සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්නගෙන් විමසූ විට පැවසුවේ මෙම වංචාව පිළිබඳව පරීක්ෂණයක් සිදුවෙන බැවින් දැනට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය.''

කොටස් වෙළෙඳපොළෙහිද කොටස් හුවමාරු වන සමාගමක් ලෙස පැවති කොළඹ ඩොක්යාර්ඞ් සමාගමට මෙකී තත්ත්වය තුළ වැඩි අවධානයක් යොමු නොවනු ඇතිවාට සැක නැත. 

මේ තත්ත්වයන් තුළ ආයතනය බංකොළොත්වීමට ඇති ඉඩකඩ බහුල වන අතර එවිට නැව් තැනීම සඳහා වන ඉල්ලුමද නැතිව යාමට ඉඩකඩ වැඩිය.

මෙය වළක්වා ගැනීම සඳහා රජය පාර්ශ්වයෙන් කඩිනම් පියවරක් නොගතහොත් රාජ්‍ය ආයතන කීපයක්ද මෙම සමාගමේ යොදවා ඇති මුදල් අහිමිවීම තුළ රජයටද බරපතළ ගැටලුවකට මුහුණදීමට සිදුවීම වළක්වාගත නොහැකිය.

මේ සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්නගෙන් විමසූ විට පැවසුවේ මෙම වංචාව පිළිබඳව පරීක්ෂණයක් සිදුවෙන බැවින් දැනට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය. ■


( නිමල් අබේසිංහ: රාවය September 13, 2020 )

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්