ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව විසින් ගෙන එන ලද 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට පියකු නැති දරුවකු බවට පත් වී තිබේ.

එය සකස් කළේ කවුරුද යන්න තමන් නොදන්නා බව එය ඉදිරිපත් කළ අධිකරණ ඇමති අලි සබ්‍රි පවා පවසයි. ඊට තමන් සහභාගිකර නොගැනීම ගැන නීති විශාරදයකු වන මහාචාර්ය ජී.එල්. පීරිස් සිටින්නේ බලවත් කනස්සල්ලෙනි.

ඒ අතර ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමට 20 කෙටුම්පත් කර ඇත්තේ 'කුමන්ත්‍රණකාරයින්' පිරිසක් බව ඇමති විමල් විරවංශ, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, ප්‍රේමනාත් දොලවත්ත ප්‍රසිද්ධියේම පවසති. ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ බැසිල් රාජපක්ෂ බව පැහැදිලිව පෙනේ.

මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ, 20 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කොට ඇත්තේ පොහොට්ටුවේ මහ ලේකම්, ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් බවයි. 

බැසිල් රාජපක්ෂගේ සමීපතම හිතවතෙකු බව සාගර කාරියවසම්, ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා ගේ  ද සමීපතම ගෝලයෙකි.

මහ මැතිවරණයට පෙර කොරෝනා සමයේ දී, ඔහු විසින් 20 සංශෝධනය කෙටුම්පත් කොට බැසිල් රාජපක්ෂ වෙත බාර දී ඇතැයි ද පැවසේ.

කර්තෘ අඥාත ලියවිල්ලක් !

හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් 20 වන සංශෝධන කර්තෘ අඥාත ලියවිල්ලක් බවට විවේචනය කිරීමත් සමග, සෑම කෙනෙකුම 20 කෙටුම්පත සකස් කළේ කවුද? යන ප්‍රශ්නය මතුකරමින් සිටී.

කීර්ති තෙන්නකෝන්, ඊයේ සිය ෆේස් බුක් පිටුවේ සටහන් තබා තිබුණේ ‘‘20 වන සංශෝධනය ලියලා තියෙන අත් අකුරු පොහොට්ටුවේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් (පා.ම.) ගේ වගේමයි‘‘ කියාය. 

WhatsApp Image 2020 09 14 at 12.54.31 PM
20 වන සංශෝධනය කෙටුම්පත් කළ බවට සැක කරන නීතිඥ සාගර කාරියවසම් හෝ නීතිඥ රොමේෂ් සිල්වා පමණක් තමන් 20 කෙටුම්පත් නොකළ බව මේ දක්වාම ප්‍රකාශ කර නොමැත.

 අධිකරණ අමාත්‍ය අලි සබ්රි, මහාචාර්ය ජී.එල්.පීරිස්, ඇතුළු ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට සමීපතම පිරිසක් තමන් මෙම ලියවිල්ල කෙටුම්පත් නොකළ බව මේවනවිට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ හා ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂගේ පවුලේ නීතිඥයා ද වන ප්‍රේමනාත් දොළවත්ත විසින් 20 සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට, පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් නිදහසට කරුණු විමසා අවවාදාත්මක ලිපියක් ද නිකුත් කළ බව ආණ්ඩුවේ මාධ්‍ය වාර්තා කරයි.
WhatsApp Image 2020 09 14 at 1.25.32 PM                                                            සැප්. 14 දිනමිණ

20  සංශෝධනයේ පියා නව ලිබරල් බැසිල්!

20 වන සංශෝධනයේ අවජාතකබව විග්‍රහ කරමින් praja.lk හි දේශපාලන විග්‍රහයක් ඉදිරිපත් කර ඇති ප්‍රවීන දේශපාලන විචාරක අජිත් පැරකුම් ජයසිංහ මෙසේ පවසයි.

පළමු වරට පාර්ලිමේන්තුවට පත් වූ, දේශපාලන පරිණතභාවයකින් තොර, සුළුතර ජාතිවාදී නැඹුරුවකින් ද යුතු යයි ඇතැමුන් චෝදනා කරන, සාමාන්‍ය නීතීඥයකු වූ අලි සබ්‍රි වැන්නකුට රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගොඩනැගීමේ වගකීම පැවරීමේ අවදානම 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පත් වී තිබෙන තත්වයෙන් පෙනේ. 

තමන් ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාව සම්බන්ධයෙන් සාමූහික වගකීම භාරගැනීම පිළිබඳ හෝ ඔහුට අවබෝධයක් නැත.

''තමන් ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාව සම්බන්ධයෙන් සාමූහික වගකීම භාරගැනීම පිළිබඳ හෝ අධිකරණ ඇමති අලි සබ්රි ට අවබෝධයක් නැත.''

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පටු අරමුණු සහිතව කඩිමුඩියේ තල්ලු කළ එකක් විය. හදිසිය කෙතරම් වීද යත්, මුල් ගැසට් නිවේදනයේ මෙවැනි යෙදුමක් පවා තිබිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ ව්‍යවස්ථාව පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:-

(1) ඒ ව්‍යවස්ථාවේ 4(අ) අනුව්‍යවස්ථාවේ (i) වන ඡේදයේ “තරගකරන යම් අපේක්ෂකයකු හෝ යම් දේශපාලන පක්ෂයක් හෝ” යන වචන වෙනුවට “තරග කරන යම් අපේක්ෂකයකු හෝ යම් දේශපාලන පක්ෂයක් හෝ” යන වචන ආදේශ කිරීමෙන්

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපති ගෝඨාභයගේ හා ඔහුගේ සමීප කල්ලියේ ඒකාධිපති අරමුණු අනුගත එකකි. 

එහෙත්, එමගින් පාර්ලිමේන්තුව, අගමැතිවරයා, ඇමති මණ්ඩලය පමණක් නොව සමස්ත රාජ්‍ය සේවය ම පත් කරනු ලබන යටහත් පහත් තත්වය හමුවේ ආණ්ඩුව ඇතුළෙන් ම විරෝධය මතු විය.

ජනාධිපතිවරයා මූලික වශයෙන් අමතක කර තිබෙන කාරණයක් වන්නේ ඡන්දයෙන් පත්වන්නේ තමන් පමණක් නොවන බවයි.

ජනාධිපතිවරයාගේ ඒකාධිපති සැලැස්ම අවුල් වියවුල් වන්නට හේතු වූ මූලික ම කාරණය වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජාතිවාදී රාමුව තුළ ස්ථානගත කරගැනීමට අසමත් වීමයි. 

එයට වගකිවයුතු පුද්ගලයා ඔහුගේ සහෝදර ඇමරිකානුවා වන බැසිල් රාජපක්ෂය.

Basil Rajapaksa 1                  එයට වගකිවයුතු පුද්ගලයා ඔහුගේ සහෝදර ඇමරිකානුවා වන බැසිල් රාජපක්ෂය.

ප්‍රධාන වශයෙන් ම බැසිල් රාජපක්ෂගේ උවමනාවක් යයි සිතිය හැකි, ද්විත්ව පුරවැසියන්ට ජනාධිපති පදවිය දක්වා පත්වීමට තිබුණු බාධක ඉවත්කිරීම ආණ්ඩුවේ ජාතිකවාදී රාමුව සමග පෑහෙන එකක් නොවේ. එය ආණ්ඩුවේ නව ලිබරල් පාර්ශ්වය විසින් ජාතිකවාදීන් අනවශ්‍ය පරිදි කුපිත කරගත් සිද්ධියකි.

එසේම, විගණන කොමිසම අහෝසි කිරීම හා යම් රාජ්‍ය ආයතන විගණනයෙන් නිදහස් කිරීම ද ඔහුට අවශ්‍ය බව පහසුවෙන් සිතාගත හැකිය.

''ජනාධිපතිවරයාගේ ඒකාධිපති සැලැස්ම අවුල් වියවුල් වන්නට හේතු වූ මූලික ම කාරණය වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජාතිවාදී රාමුව තුළ ස්ථානගත කරගැනීමට අසමත් වීමයි. එයට වගකිවයුතු පුද්ගලයා ඔහුගේ සහෝදර ඇමරිකානුවා වන බැසිල් රාජපක්ෂය.''

ආණ්ඩුවේ නව ලිබරල් බලවේග හා ජාතිකවාදී බලවේග අතර ගැටුම මෙතරම් ඉක්මණින් කරලියට පැමිණීම යහපත් තත්වයකි. 

ලංකාවේ ඉදිරි දේශපාලන ගමන් මාර්ගය සලකුණු වන්නේ මෙම නව ලිබරල් හා ජාතිකවාදී අභ්‍යන්තර ගැටුම තුළය.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මූලික වශයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන්නක් බව සහ 1978දී ජේ.ආර්. ජයවර්ධන විසින් ගෙන එන ලද ඒකාධිපති ව්‍යවස්ථාව තවදුරටත් පෝෂණය කරන්නක් බවත් අමුතුවෙන් කියන්නට උවමනා නැත. 

එමගින් කරන්නට යන දේ ගැන කියවන්න. 

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් සිදුකිරීමට අපේක්‍ෂා කරන මූලික වෙනස්කම් 

සබැඳි පුවත් :

අවජාතක විස්සේ පිතෘත්වය රොමේෂ් පිට පටවන සුදානමක් !

'19 වගේම 20 ගෙනාවෙත් මහින්දට කෙලින්න ද ? - අගමැතිගෙන් බරපතල ප්‍රකාශයක් !

20 වැනි සංශෝධනය අවජාතක වෙයි : ''අපි දන්නේ නැහැ''- අලි සබ්‍රි හා ජී.එල්. කියති

''මහින්දව හලලා ගෝඨාභයට වැඩිදුරක් යන්න බැහැ'' - මැඩිල්ලේ හිමි (වීඩියෝ)  

අගමැති 'නිකමෙකු කරන' ජී.ආර්. ගේ 20 ගැන සොයන්න අගමැතිගෙන් කමිටුවක්!

විස්සේ 'ගේම් ප්ලෑන්' ගැන අගමැති සෙවිල්ලෙන්: පුළුල් සමාලෝචනයකට තීරණයක්!

මහින්ද විශ්‍රාම ගැනීමේ සුදානමක නැහැ! - බැසිල්ට අගමැතිකම දෙන කතා බොරු! 

ජේ.ආර්. ට එහා ගිය ජී. ආර්. - අගමැති 'නිකමෙක්' කරයි ! 

මම මහින්ද හරිය...? - ඇට මැස්සා (13) 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්