එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා තෝරා ගැනීම සඳහා අද පස්වරුවේ පැවති නිලවරණයේ දී ඒ සඳහා ඉදිරිපත්වූ රවී කරුණානායක පරදා රුවන් විජේවර්ධන ජයගෙන ඇත. 

එහිදී කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් 28 දෙනෙකු රුවන් විජේවර්ධනයට සහය පළකරද්දී රවී කරුණානායකට සහය පළකර ඇත්තේ දස දෙනෙකු පමණි.

නියෝජය නායකයා ලෙස තරඟ කිරීමේ සුදානමකින් සිටි වජිර අබේවර්ධන අවසන් මොහොතේදී තරඟයෙන් ඉවත්ව ඇත්තේ එජාප නායකයා සමග ඇතිකර ගත් එකඟත්වයක් මතය. 

රුවන්ට අද සිට පැවරෙන වගකීම :

පක්ෂයේ සියලුම වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන, කාන්තා සංවිධාන, විද්වත් සංවිධාන ඇතුළු සියලු සංවිධානද කඩිනමින් ගොඩගැනීම නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනට අද සිට පැවැරෙන මුලික වගකීම වෙයි.

ඒ වෙනුවෙන් දිවා රාත්‍රී නොබලා රටවටා යමින් කටයුතු කිරීමට සැලසුම් කර ඇති තමා කිසිඳු විටෙක පුරප්පාඩු වී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අපේක්ෂා නොකරන බව ඔහු කියා සිටියේය. 

ලබන ජනවාරි මාසයේ තමා පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර බවත්, අලුතින් පත්වන නියෝජ්‍ය නායකයා පක්ෂ නායකත්වයට පත්කරන බවටත් රනිල් වික්‍රමසිංහ මේවනවිට සහතික වී තිබේ.

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්