මරණිය දණ්ඩනය නියමවි ඇති මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදාට භාරයන් ඔප්පු කිරිම සදහා

මරණයට කැපවු එළ ගවයින් 15කට අධික සංඛ්‍යාවක් නිදහස්කර ගෙන විවිධ පුද්ගලයින්ට ලබාදි  ඇති බව වෙලේ සුදාගේ මස්සිනාගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදි අනාවරණය වී ඇත.

ඉමදුව පොලිසිය විසින් වෙලේ සුදාගේ මස්සිනා හෙවත් ජාගොඩගේ වසන්ත පුෂ්පකුමාර නොහොත් පහල කනත්ත චුටිඉමදුව ඇල්ලලගොඩ ප්‍රදේශයේදි පසුගිය 10 වෙනි දින අත්අඩංගුවට ගනු ලැබිය.

ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් දින 07ක රැදවුම් නියෝගයක් මත සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදි මෙම කරුණු අනාවරණය වි ඇත.

වෙලේ සුදාගේ බිරිද විසින් මරණයට කැපවු ගවයින් නිදහස් කර ගැනිම සදහා මෙකි සැකකරුට මුදල් ලබාදි ඇති බවද විමර්ශවලදි අනාවරණය වි ඇති බැව් ඉමදුව පොලිසිය පවසයි.

ගව ඝාතනාගාර වලින් නිදහස් කරගෙන ඇති මරණයට කැපවු එළගවයින් 15කට අධික සංඛ්‍යාවක් මෙකි සැකකරුගේ මැදිහත් විමෙන් ඉමදුව ඇල්ලගොඩ ප්‍රදේශයේ ගොවින්ට බෙදා දි ඇති බවද පොලිසිය පවසයි.

මරණිය දණ්ඩනය නියමවි ඇති වෙලේ සුදා ඉන් නිදහස් කරගැනිම මරණයට කැපවු ගවයින් නිදහස්කර ගෙන ඇති බවද විමර්ශනවලදි අනාවරණය වි ඇත.

වෙලේ සුදාගේ මස්සිනා ඊයේ (14) දින ගාල්ල ප්‍රධාන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරු මෙම මස 21 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

1599785048 2020 09 11 L

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්