පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස වෙනත් බලවේගයක් සිටි බව සැප්තැහ්බර් 07 දින එම කොමිෂම හමුවේ සාක්ෂි දෙමින්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් ප්‍රකාශ කර ඇත.

එය පැහැදිලි කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ජාතික තවුජිත් ජමාත් සංවිධානයට හෝ එහි නායක සහරාන් හෂීම්ට අයිඑස්අයිඑස් සංවිධානය සමඟ සෘජු සම්බන්ධතා නොතිබූ බවයි.

ඔවුන් යොදා ගනිමින් එම බලවේගය රට අස්ථාවර කිරීම සඳහා එම ප්‍රහාරය එල්ල කළ බවත් එම බලවේගයට යළිත් එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඔහු කියා ඇත.

එම බලවේගය කුමක්ද යන්න මාධ්‍ය නොමැතිව කිව හැකි බවද රවුෆ් හකීම් හිටපු ඇමතිවරයා වැඩිදුරටත් කියා තිබේ.

එහෙත් මාධ්‍ය නොමැතිව එම කථාව කියන ලෙස කොමිසම රවුෆ් හකීම්ට කියූ බවක් මාධ්‍ය වාර්තා කර නැත.

එතරම් වැදගත් ප්‍රකාශයක් මාධ්‍ය නොමැතිව අසා දැනගන්නට කොමිසම උත්සහ නොගත්තේ ඇයිද යන්න ප්‍රශ්නයකි.

 මීට පෙරත් එම කොමිසම හමුවේ සාක්ෂි දුන් පිරිස් ඕනෑ තරම් මාධ්‍ය නොමැතිව සාක්ෂි ලබාදී ඇති අතර කොමිසම ඊට අවස්ථාවද ලබාදී ඇත.

රවුෆ් හකීම් මාධ්‍ය නොමැතිව කරන ප්‍රකාශ මාධ්‍ය මගින් ප්‍රචාරය වීමක් සිදුනොවන අතර ඒ ගැන කොමිසම බිය විය යුතු නැත.

ඔවුන්ට බියක් උපදිනවානම් එය එන්නේ එම කරුණු ජනාධිපතිවරයාට ලබාදෙන වාර්තාවේ ඇතුළත් කරන්නට සිදුවේනම් පමණය. කොමිසමක් අපක්ෂපාති නම් ඒ හමුවේ දිග හැරෙන සාක්ෂි ලබා ගැනීමටවත් ඒවා සටහන් කිරීමටවත් බිය විය යුතු නැත.

''ඔවුන්ට බියක් උපදිනවානම් එය එන්නේ එම කරුණු ජනාධිපතිවරයාට ලබාදෙන වාර්තාවේ ඇතුළත් කරන්නට සිදුවේනම් පමණය. කොමිසමක් අපක්ෂපාති නම් ඒ හමුවේ දිග හැරෙන සාක්ෂි ලබා ගැනීමටවත් ඒවා සටහන් කිරීමටවත් බිය විය යුතු නැත.''

MalcomRanjith

සහරාන්ලා පිටුපස සිටි බලවේගයක් ගැන හකීම් කියන කරුණ වැදගත් වන්නේ හේතු කිහිපයක් නිසාය.

එකක් මෙම ප්‍රහාරයේ වින්දිත පාර්ශවය නියෝජනය කරන කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පාස්කු ප්‍රහාරය පිටුපස සිටින බලවේගය හෙළිදරව් කරන ලෙස හා ඔවුන්ට දඬුවම් කරන ලෙස නිතරම කියන නිසාය.

 

කවුුුුුද මේ පුලස්තිනි නොහොත් සාරා ?

දෙවැන්න මෙම ප්‍රහාරයේ කටුවාපිටිය බෝම්බ ප්‍රහාරකයා වූ හස්තුන්ගේ බිරිඳ වන පුලස්තිනි නොහොත් සාරා මේ වන විට අතුරුදහන්ව සිටීමත්, පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු අවසන් බෝම්බ පිපිරීම් සිදුවූ සයින්දමරුදු නිවසේ ඇය සිටි බවට තහවුරු වී තිබීමත් හා ඉන් දිවි ගලවාගත් ඈ ඉන්දියාවට පලාගොස් ඇති බවට මෙම කොමිසම හමුවේම සාක්ෂි මතුවී තිබීමත් හේතුවෙන්ය.

අමතරව මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු ඉන්දියාව අපට ලබාදී තිබීමත්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණ ජයග්‍රහණය ඉන්පසු සිදුවීමත් හා අප රටේ බල පෙරළියක් ඉන්පසු සිදුවීමත් නිසාය.■

(ලසන්ත රුහුණගේ - අනිද්දා 13/09/2020)

සබැඳි පුවත් :

රවුෆ් හකීම් නොකියා කියන කතාව! : පාස්කු ඉරිදා ප්‍රහාරයේ අදිසි හස්තය විදෙස් ඔත්තු සේවයක් ද? 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්