20 වන ව්‍යවස්ථා කෙටුම්පත තවදුරටත් සංශෝධනය කර යළි ගැසට් කරනවාද, එසේත් නැතිනම් අලුත්ම ව්‍යවස්ථා කෙටුම්පතක් නිර්මාණය කරනවාද යන්න සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුව ඇතුළේ සංවාදයක් මතුව

ඇති බව වාර්තා වේ.

ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව සොයා බැලීමට අගමැති විසින් පත් කරන ලද කමිටුව ඊයේ (14) රාත්‍රීයේදී ජී.එල්. පීරිස් අමාත්‍යවරයාගේ නිවෙසේ රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ජා වී ඇති අතර සංශෝධන රැසක්ද ඊට යෝජනා කිරීමට පිරිස පියවර ගෙන ඇත.

ද්විත්ව පුරවැසියන්ට මෙරට පාර්ලිමේන්තුව නියෝජනයට හා උසස් නිලතල දැරීමට අවසර නොදීම, ඇමති මණ්ඩලය සීමා කිරීම, විගණන කොමිසම පෙර ආකාරයෙන්ම පැවතීම ඇතුළු සංශෝධන ගණනාවකට මෙහිදී එකග වී ඇත.

ඒ අනුව නව සංශෝධන සහිත වාර්තාව සකස් කිරීමෙන් පසු අගමැති මහින්ද රාජපක්ෂ වෙත අද දිනයේ භාරදීමට නියමිතව තිබේ.

ඉන්පසු හෙට දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ විසින් එය ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත්, එහි සම්මත වීමෙන් පසු නව ගැසට් නිවේදනයක් මගින් එය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.


image 6ee31ff4d5                                                            20 අවජාතකයි ....

බැසිල්ට දීපු ගේමක් !
අවජාතක ව්‍යවස්ථා කෙටුම්පතක් ලෙස ඉතිහාසයට එක්වූ ජනාධිපති ගෝඨාභයගේ 20 වන ව්‍යවස්ථා කෙටුම්පතට එරෙහි ආණ්ඩුවේ විරෝධය ගොනුවුයේ බැසිල් රාජපක්ෂ හා මිලින්ද මොරගොඩ යන ඇමරිකානු -ශ්‍රීලංකා ද්විත්ව පුරවැසියන් දෙදෙනා ඉලක්ක කර ගනිමිනි. 

2015 ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසු රටින් පලා ගිය බැසිල් රාජපක්ෂ,  විමල් විරවංශ, උදය ගම්මන්පිල, දිනේශ ගුණවර්ධන ඇතුළු 'ජාතික සංවිධාන' විසින් දියත්කළ 'මහින්ද සුළග' හරහා දැඩි ආණ්ඩු විරෝධයක් මතුකරලිමත් සමග වහා ලංකාවට පැමිණ, 'පොහොට්ටු' පක්ෂය ගොඩනගා එහි දේශපාලන වාසිය අත්කර ගනිමින්, ජාතිකවාදී බලවේගවලට කෙනෙහිලිකම් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර කාලාන්තරයක් තිස්සේ කෝන්තරයක් තිබිණ.

20 වන සංශෝධයේ ද්විත්ව පුරවැසිභාවයට එරෙහි ආණ්ඩුවේ ජාතික බලවේගවල ඇතුලාන්ත පදනම වුයේ බැසිල් විරෝධයයි.

Basil Rajapaksa 1                             20 අල කළ පුද්ගලයා ජනාධිපතිගේ සහෝදර ඇමරිකානුවා වන බැසිල් රාජපක්ෂය.

ජනාධිපතිවරයාගේ ඒකාධිපති සැලැස්ම අවුල් වියවුල් වන්නට හේතු වූ මූලික ම කාරණය වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජාතිවාදී රාමුව තුළ ස්ථානගත කරගැනීමට අසමත් වීම බවත්, එයට වගකිවයුතු පුද්ගලයා ඔහුගේ සහෝදර ඇමරිකානුවා වන බැසිල් රාජපක්ෂය බවත් ප්‍රවීන දේශපාලන විචාරක අජිත් පැරකුම් ජයසිංහ සිය FB පිටුවේ සටහන් කර තිබිණ.

''ප්‍රධාන වශයෙන් ම බැසිල් රාජපක්ෂගේ උවමනාවක් යයි සිතිය හැකි, ද්විත්ව පුරවැසියන්ට ජනාධිපති පදවිය දක්වා පත්වීමට තිබුණු බාධක ඉවත්කිරීම ආණ්ඩුවේ ජාතිකවාදී රාමුව සමග පෑහෙන එකක් නොවේ. එය ආණ්ඩුවේ නව ලිබරල් පාර්ශ්වය විසින් ජාතිකවාදීන් අනවශ්‍ය පරිදි කුපිත කරගත් සිද්ධියකි.'' යයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. 

''ප්‍රධාන වශයෙන් ම බැසිල් රාජපක්ෂගේ උවමනාවක් යයි සිතිය හැකි, ද්විත්ව පුරවැසියන්ට ජනාධිපති පදවිය දක්වා පත්වීමට තිබුණු බාධක ඉවත්කිරීම ආණ්ඩුවේ ජාතිකවාදී රාමුව සමග පෑහෙන එකක් නොවේ. එය ආණ්ඩුවේ නව ලිබරල් පාර්ශ්වය විසින් ජාතිකවාදීන් අනවශ්‍ය පරිදි කුපිත කරගත් සිද්ධියකි.'' -ප්‍රවීන දේශපාලන විචාරක අජිත් පැරකුම් ජයසිංහ 
අගමැති නිකමකු කිරීමේ කුමන්ත්‍රණය !

මහින්දවාදීන් ගෙන් 20 එරෙහි විරෝධය කරලියට පැමිණියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත හරහාය. C.Dolawatha 5

ඒ, මෙම ව්‍යවස්ථා යෝජනාවලිය මගින් අගමැති මහින්ද නිකම්ම නිකන් පඹයකු කිරීමට ජනාධිපති ගෝඨාභයගේ නීති හා මාධ්‍ය උපදේශකයින් කටයුතු කර තිබෙන බව පවසමිනි. 

අගමැති මහින්ද රාජපක්ෂ හා ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂගේ පවුලේ නීතිඥයා ද වන ප්‍රේමනාත් දොළවත්ත විසින් 20 සම්බන්ධයෙන් සිදු කළ එම ප්‍රකාශයකට, පොහොට්ටුවේ මහ ලේකම් බැසිල්වාදී සාගර කාරියවසම් නිදහසට කරුණු විමසා අවවාදාත්මක ලිපියක් ද නිකුත් කර තිබිණ. 

'කාව හරි විනාශ කරන්න හදපු ඉරාජ්ගේ සිංදුවක් වගේ.'' - රෝහිණී කවිරත්න


මේ අතර විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී  රෝහිණී කවිරත්න පවසන්නේ, ''මේක හරියට ගවුම් ඇඳන් විපක්ෂයට මඩ ගහන ඉරාජ් වීරරත්නගේ සිංදුවක් වගේ. ලියපු කෙනෙක් නෑ. හදපු කෙනෙක් නෑ. කාව හරි විනාශ කරන්න හදපු ‘මඩ බාල්දියක්‘ යැයි කියාය. 

කබරගල වත්තේ දී පැවති උත්සවයක් අමතමින් එබව පැවසු කවිරත්න මන්ත්‍රීවරිය තවදුරටත් කියා සිටියේ,   20 වන සංශෝධනයෙන් අගමැති, කැබිනට් මණ්ඩලය සතු බලය ‘අලියා දිවුල ගිල්ලා වගේ‘ ජනාධිපතිවරයාගේ Rohini 15බඩට යවන්න උත්සහ කරනවා.  අගමැතිවරයාට ඔය කැබිනට් එකේ ඇමතිවරුන්ට කට අරින්න වෙන්නේ තේ බොන්න විතරයි.'' යයි කියාය.

''20 වන සංශෝධනයෙන් අගමැති, කැබිනට් මණ්ඩලය සතු බලය ‘අලියා දිවුල ගිල්ලා වගේ‘ ජනාධිපතිවරයාගේ බඩට යවන්න උත්සහ කරනවා.  අගමැතිවරයාට ඔය කැබිනට් එකේ ඇමතිවරුන්ට කට අරින්න වෙන්නේ තේ බොන්න විතරයි.'' -  රෝහිණී කවිරත්න


සබැඳි පුවත් :


විස්සේ සාමුහික වගකීම බාරගන්නවත් සබ්‍රිට කොන්දක් නැහැ!- ලිව්වේ බැසිල්වාදී පොහොට්ටු ලේකම් බවට චෝදනා ! 

අවජාතක විස්සේ පිතෘත්වය රොමේෂ් පිට පටවන සුදානමක් !

'19 වගේම 20 ගෙනාවෙත් මහින්දට කෙලින්න ද ? - අගමැතිගෙන් බරපතල ප්‍රකාශයක් !

20 වැනි සංශෝධනය අවජාතක වෙයි : ''අපි දන්නේ නැහැ''- අලි සබ්‍රි හා ජී.එල්. කියති

''මහින්දව හලලා ගෝඨාභයට වැඩිදුරක් යන්න බැහැ'' - මැඩිල්ලේ හිමි (වීඩියෝ)  

අගමැති 'නිකමෙකු කරන' ජී.ආර්. ගේ 20 ගැන සොයන්න අගමැතිගෙන් කමිටුවක්!

විස්සේ 'ගේම් ප්ලෑන්' ගැන අගමැති සෙවිල්ලෙන්: පුළුල් සමාලෝචනයකට තීරණයක්!

මහින්ද විශ්‍රාම ගැනීමේ සුදානමක නැහැ! - බැසිල්ට අගමැතිකම දෙන කතා බොරු! 

ජේ.ආර්. ට එහා ගිය ජී. ආර්. - අගමැති 'නිකමෙක්' කරයි ! 

මම මහින්ද හරිය...? - ඇට මැස්සා (13) 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්