20 වන සංශෝධනයේ කතුවරයා සෙවීම ප්‍රධානම කාරණාව කරගත් විපක්ෂය තේරුම්ගත යුත්තේ

එය යන එන ගමන් කළ හැකි විහිළුවක් මිස, කර ගැසිය යුතු ප්‍රධාන මාතෘකාව නොවන බව යයි ප්‍රවීන දේශපාලන විචාරකයකු හා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු වන කුසල් පෙරේරා පවසයි.

ඒ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් මෙසේද පැවසිය.

''කතුවරයෙකු නොවුනාට, එහි වගකීම් බාර ගන්නා අයිතිකාරයෙක් එයට ඇත. එය ගැසට් කෙරුවේ අයිතිකරුය. එනිසා කොත්තුව හැදූ කෝකියාගෙ රහ බලන්නට කාලය අපතේ නොහැර කොත්තුවේ රහ බලා, එහි ගුණ අගුණ ගැන කතා කර, එයට පිළියම් ඉදිරිපත් කිරීම තම සමාජ වගකීම ලෙස විපක්ෂයේ හැම බාර ගත යුතුය.''

 

අලි සබ්රි 20 ඇනගත් හේතුව ?

මේ අතර ආණ්ඩුවේ ජාතික සංවිධාන පවසන්නේ, ජනපතිගේ ජන වරමේ අධ්‍යාත්මය ගැන අධිකරණ ඇමති අලි සබ්‍රිට තිබෙන අවබෝධයේ අඩුව නිසා 20 අවුල් වූ බවයි.

මේවනවිට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් බහුතරයකගේ මතය වී ඇත්තේ, ආණ්ඩුවේ විශේෂයෙන්ම ජනාධිපතිගේ ප්‍රතිරූපයට හානි කිරීම සදහා කොතැනින් හෝ කුමන්ත්‍රණයක් සිදු වී ඇති බවයි.  

ඔවුන් ඒ සම්බන්ධයෙන් චෝදනා කරන්නේ අධිකරණ ඇමති අලි සබ්‍රිට හා ජනාධිපතිට උපදෙස් දෙන මාධ්‍ය ප්‍රධානින් කිහිප දෙනෙකු වෙතය.

20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ ඇමතිවරයා කෙටුම්පතේ අඩංගු දේ පිළිබඳව වගකිව යුතු වුවත් දැන් ඊට අමාත්‍ය මණ්ඩලයම වග කිව යුතුබව කීම පිළිගත නොහැකි බවද රංගිරි රූපවාහිනියේ සංවාද වැඩසටහනකට සහභාගී වූ  ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ ඒකාධිපති සැලැස්ම අවුල් වියවුල් වන්නට හේතු වූ මූලික ම කාරණය වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජාතිවාදී රාමුව තුළ ස්ථානගත කරගැනීමට අසමත් වීම බව ප්‍රවීන දේශපාලන විචාරක අජිත් පැරකුම් ජයසිංහ සිය FB පිටුවේ සටහන් කර තිබිණ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්