2020 වසරේ ශ්‍රී ලංකාවේ පලවෙනි කාර්තුවට අදාල දළ දේශීය නිෂ්පාදිත (Gross domestic product, GDP)  සෘණ 1.6 ක් ලෙස වාර්තා වූ

අතර මේවනවිට ලැබී තොරතුරු හා දත්තවලට දෙවැනි කාර්තුවේ තත්ත්වය ඊටත් වඩා අතිශයින් ම බරපතල බව මුදල් අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

දළ දේශීය නිෂ්පාදිතය (Gross domestic product, GDP) යනු රටක නිශ්චිත කාල සීමාවක් තුළ නිපදවන සියලුම භාණ්ඩ හා සේවා වල වෙළඳපල වටිනාකම පිළිබඳ අගයයි.

කිසියම් රටක පිට පිට කාර්තු දෙකක ආර්ථික වර්ධන වේගය සෘණ අගයක් ගතහොත් එවැනි රටක් ආර්ථික අවපාතයක් සහිත ( Recession ) රටක් ලෙස ජාත්‍යන්තරය විසින් නිල වශයෙන් සලකනු ලබයි.

ආර්ථික අවපාතයක් යැයි සාමාන්‍යයෙන් අර්ථ දැක්වෙන්නේ සමහර අවස්ථාවල නිපදවන භාණ්ඩ හා සේවාවල වටිනාකම පහත වැටීමේ තත්වය මාස හයක කාලයක් හෝ කාර්තු දෙකක කාලයක් තුළ එක දිගට සිදුවන විට ය.

 

ණය දීමට හා ආයෝජනය කිරීමට ඇතිවන බිය!

ආර්ථික අවපාතය දීර්ඝ කාලයක් තිස්සේ පැවතුනහොත් එය බරපතල තත්වයක් දක්වා වර්ධනය වේ. මෙම තත්ත්වය හමුවේ විශාල ලෙස ණය ගැති ආර්ථිකය තවදුරටත් පහතට වැටීමක් සිදු වනු ඇත.

මෙවැනි රටවලට ණය දීමට ආයෝජකයින් අකමැති විය හැකි අතර, එමඟින් ණය ගැනීමේ පිරිවැය ඉහළ යනු ඇත.

එසේම, එවැනි තත්වයක් තුල දේශීය ව්‍යවසායකයින් ද ආයෝජනය කිරීමට බියක් පළකරයි.

"ස්වාධීන ණය ගැනීමේ පිරිවැය වැඩිවීම හෝ එය ක්‍රියාවට නැංවීමට ඇති බිය නිසා බොහෝ රටවල් ආදායම්වලට සහාය ලබා දීමෙන් වැළකෙන්න පුළුවන්," යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

 

පළමු කාර්තුව : සෘණ 1.6 ක්

1.6 GDP 2020

ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදනයට අදාල දත්ත හා තොරතුරු මහජනතාව වෙත හෙළිදරව් කිරීමට කළේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට පෙරදින රාත්‍රීයේ සියලු දෙනා නින්දට ගිය පසුය.

එනම්,  2020 අගෝස්තු 04දා මැදියම් රාත්‍රීයේ දිය.

එසේ එම වාර්තාව නිකුත් කිරීම පමා කරනු ලැබුවේ එම තොරතුරු විපක්ෂය අතට ගියහොත් ආණ්ඩුවට මැතිවරණයේ දී කිසියම් ලෙසකින් අවාසි සහගතවිය හැකි බවට ආණ්ඩුවේ බලධාරීන් උපකල්පනය කර තිබු නිසා බව විපක්ෂය චෝදනා කර තිබිණ.

 

ලංකාවේ පළමු වරට GDP සෘණ වූ අවස්ථාව : 2001

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ආර්ථික වර්ධනය සෘණ අගයක් වාර්තා කළේ 2001 වර්ෂයේදීය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ආර්ථිකයේ සෘණ අගයක් වාර්තා වන්නේ, 2020 ප්‍රථම කාර්තුවේ දිය.

2020 දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය සැබවින්ම ප්‍රථම කර්තුවටත් වඩා බරපතල වන අතර එය සියයට 5% - 6 % අතර සෘණ අගයක් වනු ඇතැයි මේවනවිට මුදල් අමාත්‍යංශය වෙතින් ලැබෙන අනතුරු ඇඟයීම් වලින් අනාවරනය වේ.

''2020 දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය සැබවින්ම ප්‍රථම කර්තුවටත් වඩා බරපතල වන අතර එය සියයට 5% - 6% අතර සෘණ අගයක් වනු ඇතැයි මේවනවිට ලැබෙන අනතුරු ඇඟයීම් වලින් අනාවරනය වේ.''

මෙහිදී බරපතලම කාරණය වන්නේ, ආර්ථිකය මෙසේ දිගින් දිගටම හැකිලෙමින් පවතිද්දී රජය ඒ ගැන වගේ වගක් නොමැතිව, ව්‍යවස්ථා සංශෝධන, මහ මුහුදේ නැව් ගිනිගැනීම්, පතල මර්ධන, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් වැටලීම වැනි මෙඝා මාධ්‍ය සංදර්ශන හා මායාවන් මවමින් සැබෑ අර්බුදය ජනතාව ගෙන් වසන්කර තිබීමයි.

වෙනත් බොහෝ රටවල නායකයින් ආර්ථිකය කඩාවැටෙමින් හැකිලෙමින් යන බව අවබෝධකර ගෙන එය පනගැන්වීම සඳහා උත්තේජන රාශියක් හඳුන්වා දෙමින් තිබේ. මේවනවිට බොහෝ රටවල් එය තවදුරටත් පුළුල් මට්ටමින් සිදුකරයි.

ලෝකයේ බොහෝ රටවල් එවැනි සුවිසල් මැදිහත්වීමක නිරතව සිටි.  බටහිර යුරෝපයේත්, උතුරු ඇමරිකාවෙත්, ඉන්දියාවේ හා ජපානයේත් දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 10, 15, හා 20 වැනි තරම් ඉහල අගයක රාජ්‍ය මුල්‍ය උත්තේජන මේවනවිටත් සපයා ඇත.

බොහෝ රටවල් එවැනි මැදිහත්වීම් සිදුකර තිබිය දී ලංකාව සපයා ඇති උත්තේජකවල වටිනාකම රුපියල් බිලියන 50කි. එයද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සැපයුවකි.

එහි වටිනාකම අපගේ දළ දේශීය නිෂ්පාදනයේ .003 ක අගයකි.

 

කිසිඳු සාධනීය පියවරක් ගෙන නැහැ..!

 113049392 bbc"මෙම තත්ත්වය හමුවේ විශාල ලෙස ණයගැති ආර්ථිකයන් තවදුරටත් පහතට වැටීමක් සිදු වෙනවා" - IMF  

ඊට අමතරව පසුගිය මාස 08 ක් තිස්සේ ආර්ථිකය පණගැන්වීමට කිසිඳු සාධනීය පියවරක් රජය විසින් ගෙන නොමැත.

වාර්තාවන ආකාරයට රටේ කම්හල් රැසක් දැනටමත් වැසි ඇති අතර අනෙකුත් බොහෝ කම්හල් සේවකයින් ඉවත් කරමින්, සොච්චම් වැටුපකට සුළු පිරිසක් පමණක් තබා ගනිමින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යයි.

ඒ අනුව රටේ නිෂ්පාදන කඩා වැටෙනවා සේම, බරපතල රැකියා විරහිත භාවයක් ඇතිවීමේ තත්වයක් පෙන්නුම් කරයි.

විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් ද ගුවන් යානාවක් ලැබුන සැනින් මෙරටට ඒමේ  අපේක්ෂාවෙන් පසුවේ.

මෙවැනි ගැඹුරු හා පීඩාකාරී ආර්ථික අගාධයක් කරා රට ගමන් කරමින් තිබිය දී ගෝඨාභයගේ ආණ්ඩුව සිය මාධ්‍ය සගයින් හරහා රටටත් ජනතාවටත් එක දිගටම ආතල් දෙමින් සිටිති.

 

සබැඳි පුවත් :

1- 2020 ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ණය වර්ෂය! - බිලියන 3000 කට ආසන්නයි!! 

2 - 2020 ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ණය වර්ෂය! - බිලියන 3000 කට ආසන්නයි!! 

3 - දිනක ණය, පොලීය හා වියදම කෝටි 777යි ! - ආදායම කෝටි 394යි !!  

4- රාජ්‍ය ආදායම පල්ලම් බසී ! - භාණ්ඩාගාරය හා මහ බැංකුව එළිපිට ගැටෙති !! 

5- ලංකාවේ ආදායම් තත්වය ඇල්ජීරියාව හා සුඩානයේ තරමටම කඩා වැටිලා! 

6- ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයෙන් පහළ මැදි ආදායම් කාණ්ඩයට ඇදවැටෙයි 

7- අර්බුදයේ අවධානම නොසලකා ඉඳීම - වික්ටර් අයිවන් 

8- ශ්‍රී ලංකාව තව තවත් ණය උගුලේ සිරවන ලකුණු: කෝටි 2,05,000 ක ණය ගනී!! - අනිද්දා 

9- 'ජනාධිපති ගෝඨාට ආර්ථික දැක්මක් නැති බව තහවුරු වෙලා' - සැබෑ දේශප්‍රේමියෝ 

10- නැවත කියමි - “මෙහෙම යා නොහැක” -කුසල් පෙරේරා 

11- මුල්‍ය අර්බුදය එන්න එන්නම බරපතලයි : රාජ්‍ය සේවක වැටුප් ගෙවීමෙන් බැංකු අයිරාව කෝටි 25,100 යි

12- රජයේ ණය බිලියන 14,000 ඉක්මවයි. මාස 04ක දී බිලියන 993කින් ඉහළට

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්