විදෙස් වෛද්‍ය උපාධි ලබාගත් 1000 කට වැඩි සිසු සිසුවියන්ගේ වෛද්‍ය උපාධිය ලියාපදිංචි කිරිම සදහා පවත්වනු ලබන E.R.P.M විභාගය දින නියමයක් නොමැතිව දිනෙන් දින කල් දමමින් තිබීමත්, මේ දිනවල දැඩි කථා

බහට ලක් වූ ජාත්‍යන්තරය පිළිගත් රුසියානු විදේශීය විශ්ව විද්‍යාල කිහිපයක ලියාපදිංචිය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඇති වූ සිද්ධි මාලාව හා තවත් වෙනත් කරුණු කිහිපයක් පිළිබඳවත්  ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවට එල්ල වී ඇති චෝදනා ගැන සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර ඇත.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව ප්‍රඥප්තියක් මගින් ස්ථාපිත කරන ලද ස්වාධීන ආයතනයක් වන අතර, එහි ප්‍රධානතම කාර්යභාරය වනුයේ රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීම තුලින් ගුණාත්මක වෛද්‍ය සේවයක් පවත්වා ගැනීමයි. 

එය සුරක්ෂිත කිරීම සදහා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීමත්, වෛද්‍යවරුන් නියාමනය කිරිමත් එම ආයතන මගින් සිදු කරනු ලබයි. 

එසෙම වෛද්‍ය ආඥා පනතට අනුව වෛද්‍ය සභාවේ තීන්දු තීරණ වල අවසන් වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයාට පවරා ඇත.

එසේ වුවද, වෛද්‍ය සභාවේ ක්‍රියාකළාපය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ පාර්ශ්ව වලින් තමා හට පැමිණිලි ගණනාවක් ඉදිරිපත්ව ඇතැයි පවසන සෞඛ්‍ය ඇමතිවරිය, එම පැමිණිලි වලින් ඉල්ලා සිටින ප්‍රධානතම කරුණක් වනුයේ වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට ඇතිව ඇති බලපෑම හා නැවත වෛද්‍ය සභාව ස්වාධීනව කටයුතු කරන ආයතනයක් බවට පත් කර දෙන ලෙස බව නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

මුලික පැමිණිලි මෙන්න :

එසේ,  ඉදිරිපත් වූ ප්‍රධාන පැමිණිලි 05 කෙරෙහි ඇමතිවරියගේ  අවධානය යොමුව ඇත. 


01. විදෙස් වෛද්‍ය උපාධිය ලබාගත් ශිෂ්‍යයින්ගේ වෛද්‍ය උපාධිය ලියාපදිංචි කිරිම සදහා පවත්වනු ලබන E.R.P.M විභාගය කල්දැමීම.

02. මේ දිනවල දැඩි කථා බහට ලක් වූ ජාත්‍යන්තරය පිළිගත් විදේශීය විශ්ව විද්‍යාල කිහිපයක ලියාපදිංචිය අහෝසි කිරීම සම්බන්ධයෙන්ඇති වූ සිද්ධි මාලාව.

03. වෛද්‍ය සභාව තුල පුරප්පාඩු වී ඇති වෛද්‍ය සභා නියෝජිතයින් පත් කිරීම සදහා පවත්වන්නා වූ නිලවරණය දිගින් දිගටම කල්දැමීම.

04. අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම්වත් සපුරා නැති වෛද්‍යවරු වෛද්‍ය සභාව තුල ලියාපදිංචියට කටයුතු කිරීම.

05. වෛද්‍ය සභාවේ විෂය පරිපථයට හා පවතින නීති වලට පරිභාහිරව වෛද්‍ය සභාව තුල පැමිණිලි විභාග කිරීම සිදුවන බව.


ඒ අනුව ඉහත කරුණු සම්බන්ධයෙන් වෛද්‍ය සභාව තුලින් කරුණු විමසා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සපයන ලෙස වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇති සෞඛ්‍ය ඇමතිවරිය, ඉහත කරුණු පිළිබද අධ්‍යයනය කර ස්වාධීන වාර්තාවක් ලබාදිම සදහා පහත සදහන් වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කර ඇත.

1- විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත පෙරේරා
2-  රාගම වෛද්‍ය පීඨයේ හිටපු පිඨාධිපති මහාචාර්ය ප්‍රෂාන්ත විඡේසිංහ 
3- විශේෂඥ වෛද්‍ය අනුලා විඡේසුන්දර 
4- විශේෂඥ වෛද්‍ය මෛත්‍රී  
5- විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන 


ඒ අනුව වෛද්‍ය සභාවෙන් ලබාගන්නා වාර්තාව හා ඉහත සදහන් විශේඥ කමිටුව මගින් ලබාදෙනු ලබන වාර්තාවන් අධ්‍යයනය කර වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ප්‍රතිස්ථාපනය කර රෝගී අයිතිවාසිකම් සුරකමින් ගුණාත්මක වෛද්‍ය සේවාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු සැකසිම සිදු කරනු ඇතැයි සෞඛ්‍ය ඇමතිවරිය පවසයි.

විදේශීය වෛද්‍ය උපාධිය ලබාගත් උපාධිධාරීන්ගේ ප්‍රශ්නය :

මෙරට වෛද්‍ය උපාධිය අවසන් කළ හා විදෙස් වෛද්‍ය උපාධිය ලබා ඊ. ආර්.පී.එම්. විභාගය සමත් දහසකට  අධික පිරිසක් තවමත් පත්වීම් නොමැතිව සිටින බවත් එසේ තිබියදී කොවිඩ් වසංගතය මර්ධනයට මෙරට වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවට ඇතැමුන් කරන ප්‍රකාශ කිසිසේත් පිළිගත නොහැකි බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන් පවසති.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ තනතුරු දරන වෛද්‍යවරුන්ගේ දරුවන්ද මේ වනවිට විදෙස් රටවල වෛද්‍ය උපාධිය හදාරා මෙරටට පැමිණ සිටින පිරිස අතරට අයත් වන බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය !

ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනතේ 16 වැනි වගන්තිය යටතේ පැවැත්වෙන කඩඉම් විභාගයෙන් සමත් වන පිළිගත්
විදේශීය විශ්වවිද්‍යාලයගෙන් වෛද්‍ය උපාධිය ලබාගත් උපාධිධාරීන් වහාම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මිට ඉහත දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කර තිබිණ.

ඒ පිළිගත් විදේශීය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබා ගත් 16 දෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම්
පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය. 

 පිළිගත් විදේශීය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගෙන තිබියදී තමන් වෛද්‍ය වෘත්තිය සඳහා ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් ප්‍රතික්ෂේප කර ඇති බවට පෙත්සම්කරුවන්ගේ චෝදනාව විය.

මේ නිසා තම මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන් වෛද්‍ය වෘත්තිය සඳහා ලියාපදිංචි කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් එම වෛද්‍ය උපාධිධාරීන් පිරිස මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්