මුදල් සූට්කේස්වලට’ යටවෙමින් විපක්ෂයේ සිටින කවුරුන් හෝ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය දීමට ඉදිරිපත් වුවහොත් එම පුද්ගලයා හෝ කණ්ඩායම සමග සමගි ජන බලවේගය ඉදිරියට කිසිදු
දේශපාලන සම්බන්ධතාවක් නොපවත්වන බවත් අම්මා තාත්තා පාවා දෙන අය සමගි ජනබලවේගයේ නැති බවත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
‘20 පරදවමු- බල වියරුවට එරෙහි වෙමු’ තේමාව යටතේ 19 න් ඉදිරියට ජාතික ව්‍යාපාරය කොළඹ නව නගර ශාලාවේ (15 වැනිදා) සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ කොටස්කරුවකු වන ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය ආණ්ඩුවට එක්වීමේ සුදානමක් ඇතැයි ආණ්ඩුවට පක්ෂපාති මාධ්‍ය විසින් ගෙනයන ප්රචාරයන්ට ප්‍රතිචාර දක්වමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේ ද සඳහන් කළේ ය.
“දැන් සමහරු කියනවා විස්ස දිනවන්න අවශ්‍ය මන්ත්‍රීවරු සංඛ්‍යාව ඉන්නව කියලා. මම දන්නේ නැහැ කොහේ ඉන්න මන්ත්‍රීවරුද කියලා. අපි දන්න ආකාරයට සමගි ජන බලවේගයේ කිසිම කෙනෙක් තමන් වදාපු අම්පා තාත්තා පාව දීලා, ලොවට බිහි කරපු දෙමාපියන්ට අපහාස කරමින් මුදල් සූට්කේස්වලට යටත් වෙන්නේ නැහැ.
මොනයම් හෝ ආකාරයකින් යම්කිසි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් එහෙම තීන්දුවක් ගත්තොත් එම කණ්ඩායම් සමග කිසිදු දේශපාලන සම්බන්ධතාවක් අපි ඉදිරියට පවත්වන්නේ නැහැ.
විස්ස හැදුවේ කව්ද ?
මේ විස්ස ගෙනාපු පුද්ගලයා හෝ කණ්ඩායම මේ වෙනකොට මහපොළෝ තලෙන් අතුරුදන් වෙලා. කව්ද විස්සෙ නිර්මාතෘ? කව්ද මේ කෙටුම්පත සකස් කළේ? දැන් රාජ්‍ය බුද්ධි අංශයටවත් සොයාගන්න බැහැ විස්ස හැදුවේ කව්ද කියලා.
අපේ මාධ්‍යවේදීන් මයික්‍රෆෝනය අරගෙන රජයේ ප්රබලයන්ගෙන් අහනවා ඔබ ද කර්තෘ? ඔබද හැදුවෙ? කියලා. ඒවට උත්තර දෙන්නෙ නැතිව බොහෝ දෙනා පලා යනවා.
ඊට හේතුව සමගි ජන බලවේගය ඇතුළු මේ රටේ ප්රගතිශීලී දේශපාලන ව්‍යාපාර සහ විද්වත් පාර්ශ්ව ඇතුළු මේ ජන සමාජයේ බහුතරය අද ඉතාමත් පිළිකුලු සහගත ආකාරයෙන් මේ විසිවැනි සංශෝධනය ප්‍රතික්ෂේප කිරීම.
දැනටමත් සමගි ජන බලවේගය ඇතුළු අපේ කණ්ඩායම් විස්සට එල්ල කරපු ප්‍රහාරවල ප්‍රතිඵල දැනටමත් දකින්නට තියෙනවා. විස්සෙන් භාගයක්ම දැන් ආණ්ඩුව හකුලාගෙන. අපි පැහැදිලිව එල්ල කරපු අභියෝග හමුවේ ඔය මහ ලොකුවට බහුතරයක් ඉන්නව කියන ආණ්ඩුව අපි දණ ගස්වලයි තියෙන්නේ.
අගමැති නිකමෙක් කරන්න ගෙනා සංශෝධනයක්...
විසිවැනි සංශෝධනය කියන්නේ රටේ යහපත ඉලක්ක කරගත් සංශෝධනයක් නෙවෙයි. මේක පුද්ගලයන් ඉලක්ක කරගත් සංශෝධනයක්.
අදාළ පුද්ගලයගේ බලය වර්ධනය කරනවා. අදාළ පුද්ගලයා පියන් කෙනෙක්ගේ තත්ත්වයට පත් කරනවා. තවත් පුද්ගලයකුට මන්ත්රීභාවය ලබන්න තියෙන ඉඩ ප්‍රස්තාව නැවතත් ලබා දෙනවා.
බලය නැවතත් අගමැතිවරයාගෙන් ජනාධිපතිවරයා වෙත කේන්ද්‍රගත කිරීමට කටයුතු කරනවා, වගේ කාරණා තමයි මෙහි ඇතුළත්.
මේක පුද්ගලයන් කේන්ද්‍ර කරගත් සංශෝධනයක් කියලා අප කියන්නේ ඒකයි. ඒ නිසයි මෙය රටට ඉතාම අහිතකර වෙන්නේ.
අපි ගෙනා 19 ත් අංග සම්පුර්ණ නැහැ ...
දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය අංග සම්පූර්ණ සංශෝධනයක් නෙවෙයි කියලා අපි පිළිගන්න ඕනෑ. එය අඩුපාඩුකම් තියෙනවා. ගැටලු තිබෙනවා. නමුත් අඩුපාඩු තිබූ පමණින් රටට වැදගත්වන ආයතන සහ ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම විනාශ කිරීම නෙමෙයි අප කළ යුත්තේ.
අපි කළ යුත්තේ ඒ අඩුපාඩු මගහරවාගෙන අදාළ ආයතන වැඩි වැඩියෙන් ශක්තිමත් කරමින් ස්වාධීනත්වය ශක්තිමත් කරමින් ඉදිරියට යෑමයි. එම ආයතනවලට දේශපාලන ඇඟිලි ගැසීම් නතර කළ යුතුයි. අපි අදහස් කරන දහනවයෙන් ඉදිරියට වැඩපිළිවෙළ අන්න ඒකයි.
අපි විස්සට විරුද්ධයි. විරුද්ධයි විතරක් නෙවෙයි. විස්ස පරාජය කිරීමට සමගි ජනබලවේගය ප්රමුඛ විපක්ෂයේ සියලු සිවිල් සන්ධාන එක්කරගෙන කටයුතු කරනවාමයි
වීඩියෝ