රාජ්‍ය සේවයට මෑතකදී බඳවා ගත් උපාධිධාරීන් ශ්‍රී ලංකා යුද  හමුදාවේ පුහුණුවක් ලබා දීම සම්බන්ධයෙන්

දිවයිනේ ප්‍රමුඛතම වෘත්තිය සමිතියක විරෝධය පළ වී තිබේ.

 උපාධිධාරීන්ට යුද පුහුණුවක් ලබා දීම රාජ්‍ය සේවය වැරදි සංස්කෘතියක් වෙත යොමු කිරීමක් බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.

 ශ්‍රී ලංකා යුද  හමුදාව ප්‍රකාශ කර තිබුනේ රාජ්‍ය අංශයට අලුතින් බඳවා ගත් උපාධිධාරීන් 50,000 කට  ආරක්‍ෂක සේනා මූලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ පුහුණු පාසල් ඇතුළු රට පුරා යුද හමුදා පුහුණු මධ්‍යස්ථාන 51 ක දී පුහුණුව ලබා දෙන බවයි.

 ජනාධිපතිගේ "සෞභාග්‍යයේ දැක්ම" මැතිවරණ ප්‍රකාශයට සමගාමීව හා ඔහුගේ උපදෙස් ප්‍රකාරව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන පුහුණු වැඩසටහන සැප්තැම්බර් 14 සඳුදා ආරම්භ කරන බව යුද හමුදා නිවේදනයේ වැඩි දුරටත් සඳහන්ව තිබුනි.

Stalinරජයේ එම තීරණය දැනට සේවයේ නියුතු රාජ්‍ය සේවකයන් මෙන්ම මහජනතාවත් මන්දෝත්සාහී භාවයට හා  කලකිරීමකට පත් වීමට හේතු විය හැකි බවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් බිය පල කරයි.

රජයේ මෙම ක්‍රියා කලාපය හරහා “සියල්ල කළ හැක්කේ හමුදාවට පමණයි” යන සංකල්පය සමාජගත කිරීම තුළ දැනට රාජ්‍ය සේවයේ නියුතු හමුදා අංශ සාමාජිකයන් හැර සෙසු සියලු රාජ්‍ය සේවකයන් කලකිරීමට පත් විය හැකි බවටයි ගුරු සංගම් නායකයා අනතුරු අගවන්නේ.

 මේ වන විටත් සිවිල් පරිපාලන කටයුතු සදහා මෙන්ම ජනාධිපතිවරයා විසින් පසුගිය සමයේ පිහිටවු කාර්ය සාධක බලකා සදහා හමුදා නිලධාරීන් පත් කිරීම හරහා එවැනි තත්වයක් රට තුල නිර්මාණය වී ඇති බව වෘත්තිය සමිති නායකයා පෙන්වා දෙයි.

 රාජ්‍ය අංශයට අලුතින්  බඳවා ගත් උපාධිධාරීන් 50,000 ක පිරිස එක්වීමට නියමිතව ඇත්තේ සිවිල් රාජකාරි කටයුතු සදහා බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් තව දුරටත් අවධාරණය කරන්නේ යුද හමුදාව විසින් ඔවුන් පුහුණු කිරීම හරහා මෙරට සිවිල් පරිපාලන ක්ෂේත්‍රය කෙරෙහි පවතින ජනතා විශ්වාසය බිද වැවෙන බවයි.

''ශ්‍රී ලංකාවේ   සිවිල් පරිපාලන ක්ෂ්‍රෙත්‍රයේ දක්ෂ, උගත්, බුද්ධිමත්, වැඩ කර පෙන්වු  විශාල පිරිසක් සිටින බව පෙන්වා දෙන වෘත්තිය සමිති නායකයා වැඩි දුරටත් අවධාරණය කරන්නේ සියල්ල හමුදාවට පැවරීම තුළ ඉදිරියේදී සිවිල්  පරිපාලන ක්ෂ්‍රෙත්‍රය කඩා වැටීමකට ලක් විය හැකි බවයි.''

ශ්‍රී ලංකාවේ   සිවිල් පරිපාලන ක්ෂ්‍රෙත්‍රයේ දක්ෂ, උගත්, බුද්ධිමත්, වැඩ කර පෙන්වු  විශාල පිරිසක් සිටින බව පෙන්වා දෙන වෘත්තිය සමිති නායකයා වැඩි දුරටත් අවධාරණය කරන්නේ සියල්ල හමුදාවට පැවරීම තුළ ඉදිරියේදී සිවිල්  පරිපාලන ක්ෂ්‍රෙත්‍රය කඩා වැටීමකට ලක් විය හැකි බවයි.

 ඒ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන ලෙස ගුරු සංගම් නායක ජෝස්ප් ස්ටාලින් ජනාධිපතිවරයා පුමුඛ රජයෙන් ඉල්ලා සිටී.

 

අදියර පහක් යටතේ

Army Traning 2020
ශ්‍රී ලංකා යුද හමුදාව නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයේ සදහන් පරිදි අදියර පහක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන මෙම මාසයක කාල සීමාවක් පවත්වනු ලබන නේවාසික වැඩසටහනේ පළමු අදියරේදී උපාධිධාරින් 10,000 ක්  පුහුණු වැඩසටහන වෙනුවෙන් සම්බන්ධ කරගනු ලැබේ.

 යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් සිදුකරනු ලබන මෙම වැඩසටහන තුලදී පුහුණු, කාර්යක්‍ෂම ශ්‍රම බලකායක් ලෙස ජාතිය ගොඩනැගීම සඳහා දායකත්වය තීව්ර කිරීම වෙනුවෙන් රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන බව එම නිවේදනය සදහන් කරයි.

 "ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේ සිදුකරනු ලබන මෙම වැඩසටහන යුද්ධ හමුදා මූලස්ථානයෙහි සම්බන්ධීකරණය තුලින් ක්‍රියාත්මක කෙරේ."

''පළමු රාජපක්ෂ පාලන සමයේ විරෝධතා නොතකා පවත්වාගෙන ගිය නායකත්ව පුහුණු නමින් හැඳින්වුණු  හමුදා පුහුණුව අතරතුරදී විශ්ව විද්‍යාල හා පාසල් සිසු සිසුවියන් මෙන්ම විදුහල්පතිවරයකුද මරුමුවට පත් වී තිබුණි.''

නායකත්වය හා සමූහ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම, කළමනාකරණ පුහුණුව, පුද්ගලික හා රාජ්‍ය අංශයේ ආයතන පුහුණුව, ව්‍යාපෘති කටයුතු සහ ක්ෂේත්‍ර අධ්‍යයනය, සහජීවනය සහ අවස්ථානුකූලව කටයුතු කිරීමේ හැකියාව වැනි විෂයයන් ඔස්සේ රාජ්‍ය ඵලදායිතාවයට බලපෑ හැකි දුබලතා අවම කරමින් කාර්යක්‍ෂම රාජ්‍ය අංශයේ සේවකයෙකු බිහිකිරීමට මෙම පුහුනුවෙන්  අපේක්‍ෂා කරන බව යුද්ධ හමුදාව නිකුත් කළ නිවේදනයේ තව දුරටත් සඳහන්ය.

පළමු රාජපක්ෂ පාලන සමයේ විරෝධතා නොතකා පවත්වාගෙන ගිය නායකත්ව පුහුණු නමින් හැඳින්වුණු  හමුදා පුහුණුව අතරතුරදී විශ්ව විද්‍යාල හා පාසල් සිසු සිසුවියන් මෙන්ම විදුහල්පතිවරයකුද මරුමුවට පත් වී තිබුණි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්