නිවාස අමාත්‍යංශය යටතේ ඇති සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු තමන් යටතේ සේවය කරන නිලධාරිනියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටින අයුරු දැක්වෙන

වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් ඇත. 

අදාළ ඉහළ නිලධාරියාගෙන් කලක පටන් බලපෑම් එල්ල වන බැවින් ඇය මෙලෙස ඔහු තමන් වෙත බලපෑම් එල්ල කරන එක් අවස්ථාවක් රහසිගතව පටිගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

තමන් යටතේ සේවය කරන නිලධාරිනියන් අපහසුතාවයට පත්කරමින් අයුතු බලපෑම් එල්ල කරන මෙම රාජ්‍ය නිලධාරියාට එරෙහිව වෙනත් චෝදනා ද ඇති බව වාර්තාවේ.

එම චෝදනාවලට අදාල විමර්ශන ක්‍රියාත්මක අතරතුර එම රාජ්‍ය නිලධාරියා වැඩතහනමකට ද ලක්කළ යුතු බවට නිර්දේශ වී ඇතත්, ආයතනයේ ඉහළ නිලධාරියෙකුගේ බලපෑම යටතේ මෙම රාජ්‍ය නිලධාරියාට එරෙහිව එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

අදාල වීඩියෝවේ අදාල නිලධාරියා බලපෑම් කරන දර්ශන ද ඇතුලත්ව ඇතත් අප එහි හඬපටය පමණක් පහතින් පළකර ඇත. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්