විදෙස් රටවලින් උපාධි ලබාගත් පුද්ගලයින් මෙරට රාජ්‍ය සේවයට බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි සඳහන් කළේ, එම උපාධිධාරීන්ගෙන් අයදුම්පත් 4100ක් පමණ ලැබී ඇති බවයි.

ඔවුන් රාජ්‍ය සේවයට බඳවා ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව, ඉදිරියේදී සම්මුඛ පරික්ෂණ පවත්වා ඔවුන් දුෂ්කර පළාත්වල ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය, පරිගණක තාක්ෂණය වැනි විෂයන් ඉගැන්වීම හා අනෙකුත් කුසලතා පවතින රැකියා සඳහා බඳවා ගන්නා බව ලේකම්වරයා සඳහන් කළේය.

ඒ හරහා විදේශ අධ්‍යාපනය ලැබූවන්ගෙන් මෙරටට සේවයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන බව ද ඔහු සඳහන් කළේය.

 

විදෙස් වෛද්‍ය උපාධි ලබාගත් සිසුන් දහසක් අනාතයි !

The Island

කෙසේවුවද විදෙස් වෛද්‍ය උපාධි ලබාගත් 1000 කට වැඩි සිසු සිසුවියන්ගේ වෛද්‍ය උපාධිය ලියාපදිංචි කිරිම සදහා පවත්වනු ලබන E.R.P.M විභාගය දින නියමයක් නොමැතිව දිනෙන් දින කල් දමමින් තිබීම නිසා ඔවුන් බලවත් සේ අසරණව සිටිති.

මේ සම්බන්ධයෙන්  ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවට එල්ල වී ඇති චෝදනා ගැන සොයාබැලීම, සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් ඊයේ දිනයේ පත්කල පංච පුද්ගල කමිටුවේ මුලික වගකීමක් ලෙස සඳහන් කර තිබේ.

සබැඳි පුවත් :

විදෙස් වෛද්‍ය උපාධි ලබාගත් සිසුන් දහසක් අනාතයි ! - වෛද්‍ය සභාවේ කටයුතු සොයාබැලීමට කමිටුවක්!!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්