'සන්ඩේ ඔබ්සවර්' පුවත්පතේ හිටපු සංස්කාරකවරිය වන දරීෂා බැස්ටියන්ට එරෙහිව ශ්‍රී ලංකා රජය එල්ල කර ඇති  මර්දනය

සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නිල වාර්තාකරුවන් හෙවත් රිපෝටර්වරුන් පස්දෙනෙකුම ශ්‍රී ලංකා රජයට සිය කණස්සල්ල පළ කර ඇතැයි praja.lk වාර්තා කරයි.

අදාල පුවත් වාර්තාවට අනුව එම නිල වාර්තාකරුවන් වන්නේ පහත දැක්වෙන පුද්ගලයින්ය.

David Kaye – Special Rapporteur on the promotion and protection of the right to freedom of opinion and expression''

Agnes Callamard – Special Rapporteur on extrajudicial, summary or arbitrary executions

Clement Nyaletsossi Voule – Special Rapporteur on the rights to freedom of peaceful assembly and of association

Mary Lawlor – Special Rapporteur on the situation of human rights defenders

Joseph Cannataci – Special Rapporteur on the right to privacy

එක්සත් ජාතීන්ගේ සංවිධානයට සිටින නිල වාර්තාකරුවන් අතරින් පස්දෙනෙකු මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන් වෙනුවෙන් කතාකිරීමට ඉදිරිපත් වුණත්, ශ්‍රී ලංකාවේ සහෝදර මාධ්‍ය සංවිධාන හා මාධ්‍යකරුවන් ඇය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ඇල්මැරුණු ප්‍රතිපත්තිය බරපතල ප්‍රශ්නයකි.

ඔවුන් නමට පමණක් මේ ගැන සඳහන් කර නිහඬ වන බවක්ද දක්නට ලැබේ. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ද පසුගිය පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ ප්‍රශ්න කළේය.

දරීෂා බැස්ටියන්ස් වත්මන් රජයේ උදහසට ලක්වූයේ කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් පැහැරගෙන ගිය බව පැවසෙන සිද්ධියත් සමගය.

ඉන් පසු ඇය විදේශගත වූ අතර, පසුගිය ජුනි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දරීෂාගේ නිවසට පැමිණ ඇගේ පෞද්ගලික පරිගණකය පරීක්ෂණ සඳහා රැගෙන ගොස් තිබිණ.

මීට පෙර දෙවතාවක්ම පොලිසිය අධිකරණ නියෝග නොමැතිව ඇගේ නිවසට පැමිණ මෙම පරිගණකය රැගෙන යාමට උත්සාහ කළ බව ඇය පවසයි.

ඇගේ ජංගම දුරකථනයේ තොරතුරුද පරීක්ෂණ සඳහා ලබාගෙන තිබේ.

ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් සිද්ධිය සම්බන්ධයෙන් ධරීෂා බැස්ටියන්ස් සැකයට භාජනය වන්නේ එම පැහැරගැනීම සිදු වූ වකවානුවේදී ඇය ගානියර් සමග දුරකථන සම්බන්ධතා පැවැත්වීම මත ය.

 එසේම, එම වකවානුවේ ඇය සේවය කල ලේක්හවුස් ආයතනයේ  හිටපු සභාපතිවන වන ක්‍රිශාන්ත කුරේ සමග ද, ජීවිතාරක්ෂාව පතා ස්විට්සර්ලන්තයට පළාගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සමග ද, වැඩ තහනම් කරන ලද එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සමග ද දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පවසා තිබිණ.

ජනමාධ්‍යවේදියකු තොරතුරු මූලාශ්‍ර සමග දුරකථන සංවාද සිදුකිරීම විස්මයට කරුණක් නොවේ.

 

අධිකරණයට හෙළිදරව් කරන්නට බැරි ඇයි?

ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් සම්බන්ධ සිදුවීමට දැන් මාස දහයක් පමණ වේ.

දරීෂා බැස්ටියන්ස් කිසියම් වරදක් කර තිබේ නම්, ඒ පිළිබඳ විමර්ශන හමාර කර අධිකරණයට කරුණු වාර්තා කිරීමට ඇති තරම් කාලයක් ගත වී තිබේ.

මෙවැනි සිදුවීම් අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකා රජයට ද හානිකරය.

(මුලාශ්‍රය- praja.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්