රටේ එකිනෙක ප්‍රශ්නවලට විශේෂයෙන් අලිවැටවල් වලට පවා රාජ්‍ය ඇමතිවරුන් පත්කර ඇති තත්වයක් තුල

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසන්නේ, රට තුළ පවතින රිලා සහ වදුරු ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.

එය විසඳීමට රිලා ඇමතිකම හෝ ලබාදෙන්නේ නම් තමන් එය භාර ගන්නා බව ද ඔහු කියා සිටියි.

බදුල්ලේදී මාධ්‍ය අමතමින් ඔහු ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේය.

අද වන විට රිලවුන් සහ වදුරුන්ගෙන් බදුල්ල දිස්ත්‍රීක්කයට මෙන්ම රටේ විවිධ ප්‍රදේශවලට විශාල වගා හානියක් සිදුවන බවත් එය අස්වැන්නෙන් 60% පමණ වන බව මන්ත්‍රීවරයා එහිදී පැවසිය.

දැන් ග්‍රාමීය ප්‍රදේශවල සිට කොළඹ දිස්ත්‍රික්ක ද රිලවුන් පැමිණ ඇති බවත් ඉදිරියේදී පාර්ලිමේන්තු සංකීර්ණයටද ඇතුළු විය හැකි බවත් ඔහු සඳහන් කළේය.

අද අලි මිනිස් ගැටුම විසදන්නට ඇමතිවරයෙක් පත්කර ඇති බවත් මැටි කර්මාන්ත, බතික් කර්මාන්ත ඇමතිවරුන් පත් කර ඇති ආකාරයෙන් රිලා ඇමතිකමත් ඇති කර එය බාර දුනහොත් තමන් එය භාර ගන්නා බව ඔහු සඳහන් කළේය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මතකර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් බිලීබා ගැනීම සඳහා ආණ්ඩුවේ තවත් මන්ත්‍රීවරුන් පිරිසකට රාජ්‍ය ඇමතිධුර ලබාදීම කෙරෙහි රාජපක්ෂ පවුලේ අවධානය යොමුව ඇතයි වාර්තාවේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්