රාජපක්ෂ සොහොයුරන් ජනපති, අගමැති ධුර හොබවන බහුතර බලයක් සහිත නව ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් හයක් ගොනු කර තිබේ.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය සහ උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ නියෝජිතයන්ද ඇතුලුව පාර්ශව හයක් විසින් එම පෙත්සම් ගොනු කර ඇත.

යෝජිත විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන  කෙටුම්පත සැප්තැම්බර් 22 අගහරුවාදා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී  විපක්ෂයේ නියෝජිතයන් එයට දැඩි විරෝධයක් පළ කර තිබුනි.  

''පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය සහ උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ නියෝජිතයන්ද ඇතුලුව පාර්ශව හයක් විසින් එම පෙත්සම් ගොනු කර ඇත.''

දෙමළ ජාතික සන්ධානය විසින් සැප්තැම්බර් 23 බදාදා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත්තේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.

බාලේන්ද්‍ර නීතීඥ සමාගම මාර්ගයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන්  විසින් පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇති බව අධිකරණ වාර්තාකරුවෝ සදහන් කරති.

විසි වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන  පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන  සමගි ජන බලවේගය විසින්ද අද ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කර තිබුනි.

සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විසින් ගොනු කළ පෙත්සම මගින්ද ඉල්ලා තිබුනේ විසි වැනි සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම්, වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙසයි.

එය සම්මත කිරීමට නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට නිගමනය කරන ලෙස එම පක්ෂයත් ඉල්ලා තිබුනි.

මීට අමතරව විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් නීතිඥ ඉන්දික ගාල්ලගේ, අනිල් කාරියවසම්, ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි ප්‍රධාන විධායක පාක්‍යසෝති සරවනමුත්තු යන පාර්ශව විසින් ද මේ වන විටත් පෙත්සම් ගොනු කර තිබේ.

 

20 අරමුණ ගැන ජනපති

රාජ්‍ය අමාත්‍යවරුන් සමග ජනාධිපති කාර්යාලයේ සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා පැවැති රැස්වීමේදී ජනාධිපතිවරයා පවසා තිබුනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධනයේ අරමුණ 19 වැනි සංශෝධනයෙන් පනවා ඇති බාධක ඉවත් කොට ඉදිරියට යාම බවයි.

"සියල්ල එකවර වෙනස් කරන්න බැහැ. ඊට විශාල කාලයක් ගත වෙනවා. විවිධ අදහස් ඉදිරිපත් කර තිබෙනවා. 19 වැනි සංශෝධනයේ ඇතැම් ලක්ෂණ එසේම තබාගන්න අපට අවශ්‍යයි. මූලික අරමුණ ජනාධිපති ධුර කාලය නොවෙනස්ව පවත්වා ගනිමින් ඉදිරි වැඩ කරගෙන යාම" යනුවෙන් වූ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ  පැහැදිලි කිරීම ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්