‘කිසිඳු ලියවිල්ලක් ලේඛණයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචි වී හෝ සංවර්ධනය කර ඇති පුද්ගලයන් වෙත නීත්‍යානුකූල ලේඛන ලබාදීම කඩිනම් කිරීම‘

යනුවෙන් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ නියමයෙන් අවලංගු කර තිබේ.

පසුගිය සැප්තැම්බර් 10 දා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ මෙම අති විශේෂ ගැසට් නිවේදනය ඔහු විසින්ම තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එසේ අවලංගු කර ඇත.

ආණ්ඩුවට පක්ෂපාති Lanka Lead News වාර්තා කර ඇත්තේ, අමාත්‍ය මණ්ඩල තීන්දුවක් නොමැතිව ඉඩම් කොමසාරිස්වරයා විසින් නිකුත් කළ අංක 2192/36 සහ 10/09/2020 ගැසට් නිවේදනය 20/09/2020 ගැසට් නිවේදනය මගින් අවලංගු කොට ඇති බවයි.

Land news

එම මුල් ගැසට් නිවේදනය මගින් කැලෑපාළුවන් සහ වෙනත් ජාවාරම්කරුවන් විසින් මහා පරිමාණයෙන් අත්පත්කරගෙන රජයේ ඉඩම් පුද්ගලිය අයිතියට නතු කිරීමට ඉඩ තිබු බව එම පුවත් වාර්තාව මගින් කියා සිටියි.

නමුත් එම ගැසට් නිවේදනයේ මුඛ්‍ය අරමුණ ලෙස ප්‍රකාශ කර තිබුනේ ගොවීන්ට ඉඩම් අයිතිය ලබා දීමය.

ගොවියාට ඉඩම් ලබා දීමේදී අක්කර 2 1/2 ක සීමාවක් පනවා තිබූ නමුත් මෙම ගැසට් නිවේදනය මගින් එවැනි සීමාවක් පනවා නැති බවත් ඊට හේතුව මහා පරිමාණයේ රජයේ හෙවත් මහජනයාගේ ඉඩම් කොල්ල කෑමේ සුදානම තහවුරු වී ඇති බවත් එම පුවතින් අවධාරණය කර සිටියි.

අදාල ගැසට් නිවේදනය පහතින්

gazette 9 22 2194.28

රජයේ ඉඩම් භුක්තිවිඳීම සඳහා නීත්‍යානුකූල ලේඛන ලබාදීමට අදාළව ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තුමේන්තුව අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබුනේ,  කිසිදු ලියවිල්ලක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචි හෝ සංවර්ධනය කර ඇති පුද්ගලයින් වෙත නීත්‍යානුකූල ලේඛන ලබාදීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙළ යටතේය.

සෞභාග්‍ය දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ආයෝජන අවස්ථා පුළුල් කිරීම, දේශීය කිරි නිෂ්පාදනය ප්‍රවාර්ධනය, දේශීය ආහාර භෝග නිෂ්පාදන සඳහා රජයේ ඉඩම් ප්‍රශස්ථ ලෙස කළමනාකරණය කිරීම ප්‍රමුඛ අරමුණ බව ද රජය විසින් නිකුත්කර තිබු නිවේදනයක සඳහන් විය.

එම අරමුණ සඳහා පළමු පියවර ලෙස මෙරට පුරවැසියන්ට නිරවුල් බිමක හිමිකම තහවුරු කිරීම සඳහා විධිමත් ලේඛනයක් ලබාදීම රජයේ සැලසුම බව අදාල ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබිණ.

කෙසේවුවද ජනාධිපතිවරයාට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් සලකා බලා එම ගැසට් නිවේදනය අවලංගුකර තිබේ.

සබැඳි පුවත් :

මුතුරාජවෙල ඉඩම් කට්ටි කර විකිණිමට යයි ! - පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම්

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්