පාර්ලිමේන්තු අධිකාරය අබිබවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලය අත්කර දීම අරමුණු කොටගත් විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින දෙකක් ගතවෙද්දී, එය

 අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව දොළහ දක්වා ඉහල ගොස් තිබේ.

 නීතිපතිවරයා වග උත්තරකරු  කරමින් සැප්තැම්බර් 23 බදාදා පෙත්සම් හයක් සහ 24 බ්‍රහස්පතින්දා පෙත්සම් හයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන බවයි අධිකරණ වාර්තාකරුවන් පවසන්නේ.

 යෝජිත විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන  කෙටුම්පත සැප්තැම්බර් 22 අගහරුවාදා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී විපක්ෂයේ නියෝජිතයන් එයට දැඩි විරෝධයක් පළ කර තිබුනි. 

 හිටපු ආණ්ඩුකාරවරයකු වන රජිත් කීර්ති තෙන්නකෝන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය,මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන ශ්‍රීම් අබ්දුල් සනුන්, යාපනයේ පදිංචිකරුවකු වන  එස්.සී.සී.ඉලංගෝවන්, මෙන්ම මරීන් ලෝහිනී  ප්‍රනාන්දු සහ ලක්මාල් ජයකොඩි අය පෙත්සම් කරුවන් අතරට ද සැප්තැම්බර් 24 දා අලුතින් එක්වී සිටිති.

 සැප්තැම්බර් 23 බදාදා දිනයේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්, සමගි ජන බලවේගයේ  මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර,  නීතිඥ ඉන්දික ගාල්ලගේ, අනිල් කාරියවසම්, ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි ප්‍රධාන විධායක පාක්‍යසෝති සරවනමුත්තු යන පාර්ශව විසින් ද විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබුනි.

'' එම  පෙත්සම් මගින්, සියලු පෙත්සම් කරුවන් ඉල්ලා තිබුනේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි  වැනි සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.''

එම  පෙත්සම් මගින්, සියලු පෙත්සම් කරුවන් ඉල්ලා තිබුනේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි  වැනි සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.

20 ගැන ජනපති අරමුණ:

Goatabauya 2020.09.24               ''විසි වැනි සංශෝධනයේ අරමුණ 19 න් පනවා ඇති බාධක ඉවත් කොට ඉදිරියට යාමයි.''

 රාජ්‍ය අමාත්‍යවරුන් සමග ජනාධිපති කාර්යාලයේ සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා පැවැති රැස්වීමේදී ජනාධිපතිවරයා පවසා තිබුනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධනයේ අරමුණ 19 වැනි සංශෝධනයෙන් පනවා ඇති බාධක ඉවත් කොට ඉදිරියට යාම බවයි.

 "සියල්ල එකවර වෙනස් කරන්න බැහැ. ඊට විශාල කාලයක් ගත වෙනවා. විවිධ අදහස් ඉදිරිපත් කර තිබෙනවා. 19 වැනි සංශෝධනයේ ඇතැම් ලක්ෂණ එසේම තබාගන්න අපට අවශ්‍යයි. මූලික අරමුණ ජනාධිපති ධුර කාලය නොවෙනස්ව පවත්වා ගනිමින් ඉදිරි වැඩ කරගෙන යාම" යනුවෙන් වූ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පැහැදිලි කිරීම ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්