ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් හානියක් සිදු කර ගනිමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රාජ්‍ය සමාගම් විගණනය නොකළ යුතු බවට

ආණ්ඩුවේම ප්‍රභලයන් පිරිසක් දැඩි ස්ථාවරයක සිටිම්න් කටයුතු කිරීම පිළිබඳ සැකයක් මතු වන බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ රාජ්‍ය සමාගම් වල සිදුවූ  වංචා සහ දූෂණ පිළිබඳව පරීක්ෂණ කරමින් සිටින අවස්ථාවක රාජ්‍ය සමාගම් විගණනය නොකළ යුතු බවට තීරණය කිරීම විපක්ෂයේ කොන්ත්‍රාත් ඉටු කරන පිරිසක් ආණ්ඩුව තුල සිටින්නේ දැයි ජනතාව ප්‍රශ්න කරන බවද එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

 රාජගිරියේ පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ අද (24) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ පැවසු වෛද්‍ය වසන්ත බණ්ඩාර තවදුරටත් මෙසේද සඳහන් කළේය.

''බොහෝ දෙනෙක් කියනවා අමාත්‍ය අලි සබ්රි රාජ්‍ය සමාගම් විගණනයට තදින්ම විරුද්ධ වන්නේ එම අංශ වල සභාපතිකම් ගන්න බලාගෙන සිටින ආණ්ඩුවට කිට්ටු වී සිටින පරණ හොරුන්ගේ බලපෑම් නිසා බව.''

''බොහෝ දෙනෙක් කියනවා අමාත්‍ය අලි සබ්රි රාජ්‍ය සමාගම් විගණනයට තදින්ම විරුද්ධ වන්නේ එම අංශ වල සභාපතිකම් ගන්න බලාගෙන සිටින ආණ්ඩුවට කිට්ටු වී සිටින පරණ හොරුන්ගේ බලපෑම් නිසා බව.

නමුත් ඊට වඩා වෙනස් දෙයක් තියෙනවා. ඒ තමයි MCC ගිවිසුම. MCC ගිවිසුමට අනුව 'MCC - Sri Lanka '  නමින් පිහිටුවීමට නියමිත සමාගම අප රටේ සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන සමාගමක්.

MCC ගිවිසුම අනුව එම සමාගම ශ්‍රී ලංකා නීතියට අනුව විගණනය කළ නොහැකියි.

ඒ අනුව එම සමාගම් විගණනය කළ යුතු බවට ව්‍යවස්තාවෙන් ප්‍රතිපාදන පැනවුවහොත් MCC පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට මහජනයාට අධිකරණයට යාමට හැකියාව ලැබෙනවා.”

ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර, විධායක සභික නීතිඥ කල්‍යානන්ද තිරානගම ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වීය. 

සබැඳි පුවත් :

ජනපතිගේ හයිය අතටගත් ඇමති අලි සබ්රි අගමැතිට අභියෝග කරයි! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්